Mee Witha Purawa Song Lyrics - මී විත පුරවා ගීතයේ පද පෙළ

Mee Witha Purawa Song Lyrics - මී විත පුරවා ගීතයේ පද පෙළ
Song Title : Mee Witha Purawa (මී විත පුරවා)
ගායනය : මර්වින් මිහිඳුකුල
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා
සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ
ඒ සුව යහනේ මද පවනේ අතීතයේ
සොඳුරු පැතුම් මිහිරි හැඟුම් මැකී ගියේ නෑ

හිරුට හොරෙන් සඳුට හොරෙන්
හිරුට හොරෙන් සඳුට හොරෙන් තනි වී දෙන්නා
ලොව පිබිදී ඇති විටදී සැඟවී උන්නා
මුව කොනකින් සිනහ වෙලා ගොළු වී උන්නා

මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා
සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ

හිතට හොරෙන් තෙනට හොරෙන්
හිතට හොරෙන් තෙනට හොරෙන් කතා කළේ නෑ
ඔබට හොරා තව කෙනෙකුට සිනාසුනේ නෑ
අතීතයේ මිහිරි හැඟුම් මැකී ගියේ නෑ

මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා
සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ
ඒ සුව යහනේ මද පවනේ අතීතයේ
සොඳුරු පැතුම් මිහිරි හැඟුම් මැකී ගියේ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mee Witha Purawa Song Lyrics - මී විත පුරවා ගීතයේ පද පෙළ Mee Witha Purawa Song Lyrics - මී විත පුරවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 10, 2021 Rating: 5

0 comments:

Post a Comment