Malayi Walayi Eka Wage Song Lyrics - මලයි වැලයි එක වාගේ ගීතයේ පද පෙළ

Malayi Walayi Eka Wage Song Lyrics - මලයි වැලයි එක වාගේ ගීතයේ පද පෙළ
Song Title : Malayi Walayi Eka Wage (මලයි වැලයි එක වාගේ)
ගායනය : ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන සහ ලාංකිකා පෙරේරා)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1971 වසරේ නිකුත් කළ "මාගේ වියෝවෙන්" තැටියට ඇතුළත් වූ ගීයකි.


මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) //

සාගරයේ මුතු හා සමගින්
ආදරයේ දෙවොලට කැපවී

සීතල සෙවණේ (ආ)
මගෙ හද නිවුණේ (ආ)
ඔබ ගැන සිතුවිලි මතුවීලා

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) //

සිහින ලොවක් මැද තනි වෙන්න
මට ආසයි ඔබෙ අත ගෙන යන්න

මා සතු මිහිරේ (ආ)
සැනසුම ඔබවේ (ආ)
ඔබ මා පණ සේ රැක ගන්න

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) //

පළිඟු මිණි තලා කඳු මත්තේ
පුලින තැනිතලා වන පෙත්තේ

මා සැරි සරමී (ආ)
ඔබ ගැන සිතමී (ආ)
ඒ ගැන පමණයි සිත ඇත්තේ

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) //

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malayi Walayi Eka Wage Song Lyrics - මලයි වැලයි එක වාගේ ගීතයේ පද පෙළ Malayi Walayi Eka Wage Song Lyrics - මලයි වැලයි එක වාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 15, 2021 Rating: 5

0 comments:

Post a Comment