Mal Kakulakata Adare Kiyanna Song Lyrics - මල් කැකුළකට ආදරේ කියන්න ගීතයේ පද පෙළ

Mal Kakulakata Adare Kiyanna Song Lyrics - මල් කැකුළකට ආදරේ කියන්න ගීතයේ පද පෙළ
Song Title : Mal Kakulakata Adare Kiyanna (මල් කැකුළකට ආදරේ කියන්න)
ගායනය : ලක්ෂ්මන් හේවාවිතාරණ
පද රචනය : ශාන්ත කුමාර විතාන
තනුව හා සංගීතය : ලක්ෂ්මන් හේවාවිතාරණ


මල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නෑ පුංචි සමනලුන්ට
ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම්
මට සිඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්

අහස තරම් දුරක ඉඳන්
පිනි වැස්සක් බිමට එවා
ඔබෙ කෙහෙරැළි සිපගන්නට
අහසට හැකි නම්
ඒ කෙහෙරැළි සිපගන්නට ඇයි මට තහනම්

මල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නෑ පුංචි සමනලුන්ට
ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම්
මට සිඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්

ගහ කොළ නටුවලට හොරෙන්
මහ රෑ ඔබ ළඟට ඇවිත්
ඔබෙ සියොලඟ සිපගන්නට
සුළඟට හැකිනම්
ඒ සියොලඟ සිපගන්නට ඇයි මට තහනම්

මල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නෑ පුංචි සමනලුන්ට
ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම්
මට සිඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Kakulakata Adare Kiyanna Song Lyrics - මල් කැකුළකට ආදරේ කියන්න ගීතයේ පද පෙළ Mal Kakulakata Adare Kiyanna Song Lyrics - මල් කැකුළකට ආදරේ කියන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 10, 2021 Rating: 5

0 comments:

Post a Comment