"වහින්න ගත්තම ඉවරයක් නෑ වහිනවා " පිලිතුර මාගේ පියාගෙනි. ඔවුන් දෙදෙනාගේ කතාවට කන් දීගෙන මාද බිම හිද ගත්තේ අසල සිටි පුස් පැටවාවද ලගට ඇද ගනිමිනි. එකවර බල්ලා බිරිම නිසා ඔවුන් දෙදෙනාගේ කතාව නතර විය. කව්රැන් හෝ ගේ දෙසට එයි . අඳුර වැටි තිබුනත් එන අමුත්තාව අදුර ගැනිමට හැකි වුයේ බුරමින් සිටි බල්ලා වල්ගය වනන්න ගත් නිසා ය. ඒ සුද්ද මාමායි . නිතර දෙවෙලේ අප දිහා පැමිණෙන නිසා බල්ලාද ඔහුට හොදින් හීල ය.
"ගගේ වතුර වැඩි වෙලා මාළුවෙක් දෙන්නෙක් කොටාගන්න යමල්ලා " පැවසුවේ සුද්ද මාමාය. හැටක් පමන වයස ඔහුට ඔරැවක් ඇත.අපේ ගමේ ඔරැවක් හිමි එකම තැනැත්තාද ඔහුය. ඒ නිසා අපෙ ගමෙන් ගලා යන ගඟ ගැන දන්න ඔහු තරම් වෙනත් අයෙක් නොමැත.
සුද්ද මාමාගේ යොජනාවට මාගේ පියා අදිමදි කලද , මම සහ අසල්වාසි පියුමාල් අයියාද ඉස් මුදුනෙන් පිලිගත්තේය.
අපි තුන්දෙනා අපේ ගෙදරින් පිටවන විට රාත්‍රි අටට පමන ඇත. පියුමාල් අයියා ඔවුන්ගේ ගෙදෙරට දුව ගොස් රැගෙන අවේ දිග මන්නයකි. සුද්ද මාමාගේ ගේ වෙත ගියේ ගෑස් ලාම්පුව හා පොහොර උරයක් ගැනිමටයි. එවා මගේ අතට දී යලි සුද්ද මාමා ගේ තුලට ගියේ ඔහු සගවා ඇති කඩුව රැගෙන ඒමට ය. ඒවා රැගෙන අප කෙලින්ම ගියේ ගං ඉවුරේ ඇති ඔරැව දෙසටය. ගෑස් ලාම්පුව පත්තු කල සුද්ද මාමා මගේ අතට යලි එය දුන්නෙය. අප ගමන් කලේ ගගේ පහලටය . වම් ඉවුර අසලින් අප හෙමින් සීරැවට ඔරැවේ ගියේ හබල් නොගා හෙමින් පහලට ඇදෙන වතුර පාර සමගය.
හීන් පොදක් හිතල හුලගත් සමග ඇගේ වදිනවා පමණි. වැහි වලාකුළු නිසාදො අවට දැඩි අන්දකාරය. ගෑස් ලාම්පුවෙ එලියටත් ඇස හුරැ වී ඇති නිසා අවට කිසිසෙත් නොපෙනේ.
පියුමාල් අයියාවත් සුද්ද මාමාවත් කිසිම සද්දයක් නොමැත. අයියා ඔරැවෙ පිටුපසට වී ඉදිරියට හැරි සිටින අතර මාමා අනෙක් පැත්තේ යයි . මා ලාම්පුවද රැගෙන ඔරැවේ මැදය.
එකටරම "ච්ස් " හඩින් ගගේ වතුර කපාගෙන මන්න පාරක් යයි, ඒ පියුමාල් අයියා ය.පලමු උත්සහය සාර්ථක බව ඔහුගේ මුන බැලුවම පෙනේ . වතුරට අත දා ඔහු ගත්තේ තරමක් විශාල හිස දෙපලු වු කොස්සෙකි.
කලින් අසා තිබුනත් එසේ මාළු අල්ලනවා දුටුවේ එදාමය. වැස්ස නිසා ගගේ වතුර ප්‍රමාණය වැඩි වී ගගේ අඩිය කැලබි බොර වීම නිසා මාළුන් රාත්‍රි කාලයට ගගේ මතුපිටට එනවා. එලියක් වැටුනු පසු මළුවාව මරා ගැනිම පහසු වන්නේ ඌ ඒ අලොකය දිහා බලා සිටින නිසා.
දෙවන මාළුවාටද වග කිව්වේ පියුමාල් අයියාමය. මෙසෙ බොහො දුරක් අප ගගේ පහලට ගියෙය. පොහොර උරයේ බාගයක් වෙන්නම මාළු ඇත.
"දැන් ඔය ඇතේ " කියා කව්රැන් හෝ ඉවුර දෙසින් එක වර කෑ ගැසුවාය." මේ රෑ ජාමේ මොකාද මේ කැලෙ කොරන්නේ" සුද්ද මාමා එසේ කියන විට මට දෙලො රත් විය. සැබැවින්ම දැන් මධ්‍යම රාත්‍රිය පසු වී ඇතැයි මටත් හොදටම විස්වාසය. අනික අහල පහල ගෙයක්ද තිබිය නොහැක එය වගුර සහිත කිරලා කැලයකි.දවල් කාලයටවත් එහි නොයන්නේ එය සර්පයන්ගෙ රජදහනක් වන නිසා ය.
මා පියවි සිහියට අවේ යලි වතුර හරහා ගිය කඩු පාරේ සද්දයටය. මාළු අල්ලමින් අප තවත් ඉදිරියට ගියේ ය. යැමට හැකි වුයේ ටික දුරකි .
යලිත් "දැන් ඇති" කියලා කෑගැහිල්ලත් සමග මාගේ අත තිබ්බ ගෑස් ලාම්පුව නිවි ගියේ අප හට මර බියද රැගෙනය.
එක වර ලාම්පුව නිවිගිය නිසා කළුවරට ඇස හුරැ වීමට සුළු මොහොත් ගියේය. පියුමාල් අයියාගේ අසාමාන්‍ය හුස්ම ගැනිම හා එකවර තිබු මරලතෝනිය නිසා බය වුන මාගේ කකුල් ගැහෙන්න ගෙන ඇගම පනනැති වි ගියේය. එක වරම සුද්ද මාමා මාළු බෑගය ගඟ මැදට විසිකර දැමුවෙය. යලි මගේ අතේ තිබ්බ ලාම්පුව ගෙන පත්තු කර මගේ අතටම දි ඔරැව හැකි උපරිම වේගයෙන් අප ගෙවල් දෙසට හබල් ගාන්න පටන් ගත්තේය.
එදා එලි වෙන තෙක්ම ගමේ අය පියුමාල් අයියාගේ ගෙදරය. යන්තම් දවල් වරැවේ ඔහු කතාකලේ දෙහිමතුරා නූල්ගැට ගසා භය ටිකක් හෝ නැතිකල පසුවය.
ගගෙන් මතු වු හිසක් ඔරැව දෙසට එනවා ඔහු දැක්කා යැයි පැවසුවේ ය.
තුන් දෙනෙක් ගිය නිසා ඒ ඇවිත් තියෙන්නේ මහසෝනා බව හැමෝගෙම මතය විය.
අපට යක්ශයෙකු වුවාත් ගඟෙ මාළුන්ට ඔහු දෙවියකු වනු නොවුනුමානය.
0 comments:
Post a Comment