Song Title : Kohe Kothanaka (කොහේ කොතැනක)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : මහින්ද කේ. ප්‍රේමසිරි
තනුව : සේනානායක වේරලියද්ද
කොහේ කොතැනක තැනේවිදෝ
අපට ලෝකයක්
අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක්
සැබෑම සිහිනයක් //
පුංචි පුංචි ගෙවල් තනා
අතු අග ඉඟි බිඟි කරනා //
කුරුළු කිරිලියේ මට නම්
මේක සිහිනයක්
සැබෑම සිහිනයක්
කොහේ කොතැනක තැනේවිදෝ
අපට ලෝකයක්
අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක්
සැබෑම සිහිනයක්
රංචු රංචු සමනලයෝ
මල් ඉති සිඔ සිඔ සරණා //
මගේ කැදැල්ලට කොඳුරා
දේදෝ සහනයක්
සැබෑම සහනයක්
කොහේ කොතැනක තැනේවිදෝ
අපට ලෝකයක්
අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක්
සැබෑම සිහිනයක් //
0 comments:
Post a Comment