ගෞතම බුදුන්වහන්සේගේ පාද ස්පර්ශය ලැබුණු පින් බිමක් වන කැළණියට වසර දහස් ගණනක් පැරණි ඉතිහාසයක් තිබෙනවා.
අතීතයේ සිටම බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක් වුණු කැළණි පුදබිම අදටත් ලක් වාසී බොදු ජනතාව නිතරම යන එන තැනක්.
මෙහි ඉතිහාසය මතක් කරොත්, බුද්ධත්වයට පත්වීමෙන් වසර 8ක් ගෙවුණු පසුව බුදුන්වහන්සේ කැළණියට වැඩම කළේ මණිඅක්ඛිත නා රජතුමා කළ ඉල්ලීම නිසා යි.
එදා බුදුන්වහන්සේට ධර්මය දේශනා කිරිම සඳහා මණිඅක්ඛිත රජතුමා විසින් මැණික් පුටුවක් සාදා තිබුණා.
බුදුන්වහන්සේ විසින් ධර්මය දේශනා කර අවසන් වීමෙන් පසුව එම මැණික් පුටුව තැන්පත් කර කැළණි ස්ථූපය තැනූ බව මෙරට ශාසන ඉතිහාසය තුළ සඳහන් වනවා...
ධාන්‍යාකාර හැඩයට නිර්මාණය කොට ඇති කැළණි ස්ථූපය මණිඅක්ඛිත නා රජතුමාගේ නිර්මාණයක් වුණත් එය විශාල කර සාදනු ලැබුවේ යඨාලතිස්ස රජතුමා යි.
ඒ අනුව වර්තමානය වන විට අඩි 90ක් පමණ උසකින් පිහිටි ස්ථූපයේ වට ප්‍රමාණය අඩි 180ක් පමණ වනවා.
ලංකාවේ මුල් යුගයේ දී ඉදිවුණු ස්ථූප අතුරින් එකක් වන කැළණි ස්ථූපය, 13 වන සියවසේ දී කාලිංග මාඝ විසින් සිදුකළ ආක්‍රමණය නිසා විනාශයට පත් වුණා.
විනාශ වුණු මෙම ඓතිහාසික ස්ථූපය යළි ප්‍රතිසංස්කරණ කරනු ලැබුවේ තෙවන විජයබාහු රජතුමා යි.
කැළණි විහාරය ගැන කතා කරන විට එහි තිබෙන සිතුවම් අමතක කරන්නට බැහැ.
මෙම විහාරය තුළ ඇඳි සිතුවම් යුග දෙකකට අයත්යැ යි විශ්වාස කරනවා.
ඒ අනුව මහනුවර යුගයේ දී නිර්මාණය කළ සිතුවම් අතර වෙස්සන්තර, මහාසීලව, ධර්මපාල ආදී ජාතක කතා රැසක් දැක්වෙනවා.
ඒ වගේම දුටුගැමුණු රාජ්‍ය සමයේ දී කැළණි විහාරය තුළ රහතන් වහන්සේලා 500ක් පමණ වැඩවිසූ බව පැරණි ඉතිහාස කතාවල සඳහන් වනවා.
කැළණිය රජමහා විහාරය ගැන කතා කරනවා නම් කියන්න දේවල් ගොඩක් තියෙනවා...
ඉතින් Travel for Education අපිත් පසුගියදා කැළණිය රජමහා විහාරය වැදපුදාගන්න ගියා..
නිරෝධායන නීතී ලිහිල් වූ නිසා විශාල බැතිමතුන් පිරිසක් විහාරයට ඇවිල්ලා තිබ්බා..
අපේ පැතුම වුණෙත් කොරෝනා ලෝකයෙන්ම තුරන්වෙලා අපිට ඉස්සර වගේ යලිත් නිදහසේ හුස්ම ගන්න ලැබේවා කියයී♥️🙏☸️
පින්තූර Travel ForEducation
0 comments:
Post a Comment