Song Title : Kath Kawuruwath (කාත් කවුරුවත්)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : අමිල තේනුවර
සංගීතය : දර්ශන රුවන් දිසානායක
කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගෙ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා...
සාංකා ඇහැරෙන ඝණ අදුරේ
ආත්මයම මගේ - රාත්‍රියම වැන්නේ
ඈත්වෙන්න නම්...
ඇයි තුරුලෙම උන්නේ...
වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් දිව - තවත් ඵලක් නැත්තේ..
ඒත් කියන්නම්...
හමුවෙමු මතු භවයේ....
කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගෙ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා...//
0 comments:
Post a Comment