අද මම උදේට කන්න රස කෑමක් හැදුවා . බිත්තර හොට් බන්ස් (Egg Hot Buns).හැබැයි මම හොට් බන්ස් හැදුවේ ඊයේ හවස . මොකද පිපෙන්න තියලා හදන්න වෙලා යන නිසා .
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- පාන් පිටි 260g (කප් 2)
- බටර් හෝ මාජරින් මේස හැදි 1
- සීනි තේ හැදි 1
- බිත්තර 1
- කිරිපිටි මේස හැදි 1
- ලුනු තේ හැදි 1/2
- වතුර මේස හැදි 4 (යාන්තම් කූල් වතුර)
- ඊස්ට් තේ හැදි 1
- සීනි තේ හැදි 1
- මද රස්නෙ වතුර කප් 1/4
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව කප් එකකට ඊස්ට් , සීනි , මද රස්නෙ වතුර දමා දිය කර පිපෙන්න විනාඩි 10 තබන්න.
- භාජනයකට පාන් පිටි , කිරිපිටි , බටර් , ලුනු සහ බිත්තර 1 ටිකක් තට්ටු කර 1/2 එකතු කරන්න.
- දැන් ඊස්ට් මිශ්‍රණය දමා හොඳින් මිශ්‍ර කරන්න. යාන්තම් කූල් වතුර මේස හැදි 4 දමා මිශ්‍ර කර ඩෝ එකක් සාදා ගන්න.
- දැන් එය ඩෝ මැට් එකක් උඩට දමා විනාඩි 10 පමණ නීඩ් කරන්න. වැඩියේ අත තද කරන්න එපා.
- දැන් දිග අතට රෝල් කර සමාන කොටස් 4,කට වෙන් කර බෝල සාදා පිටි ඉසු ට්‍රේ එහෙක(එකක) තබා රෙද්දකින් වසා විනාඩි 30 පමණ පිපෙන්න තබන්න .
- විනාඩි 30 ට පසු බෝලයක් ගෙන පිටි තැවරු ලැල්ලක් මත තුනී කර ඉස්සරහින් ත්‍රිකෝනාකාරව නවා දෙපැත්තෙන් අල්ලා ඉදිරියට රෝල් කරන්න.මැදින් අල්ලන්න එපා. මෙලෙස සියල්ලම සාදා නැවත රෙද්දකින් වසා විනාඩි 20ක් පමණ පිපෙන්න තබන්න .
- විනාඩි 20ට පසු ඒවා උඩින් ඉතිරි වු බිත්තර සාරය ගාන්න .
- අවන් එක උෂ්ණත්වය 200ට විනාඩි 10 pre heat (පෙර රත් කරන ලද) කර විනාඩි 15ට සෙට් කර බේක් කරන්න.
සදා ගත් පසු පිරවුම සදහා
- බිත්තර
- තක්කාලි පෙති
- රට ළුනු පෙති
- අමු මිරිස් කරල් හරහට කැපුවා
- ගම්මිරිස් කුඩු
- බටර්
- සෝස්
- සළාද කොල (මම තිබ්බේ නැහැ මගේ ලග නැති නිසා ).
මේවා සියල්ලම පෙති කපා පහල පින්තූරයේ පෙනන පරිදි සරසා ගන්න . උඩින් සෝස් දාන්න .
හදලා බලන්න කෝ .Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment