පරිප්පු වෑංජනය හදමු (Dhal Curry) 🥘 🥘

පරිප්පු වෑංජනය හදමු (Dhal Curry) 🥘 🥘 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පරිප්පු කිලෝ 3
  • පොල් කිරි 
  • රතු ළූණු ග්‍රෑම් 50
  • සුදු ළූණු බික් 10 
  • අමු මිරිස් කරල් 12
  • උළු හාල් තේ හැඳි 3 1/2
  • කහ මේස හැඳි 3
  • අමු තුනපහ මේස හැඳි 6
  • අබ මේස හැඳි 3
  • සූදුරු මේස හැඳි 2
  • මිරිස් කුඩු
  • රම්පෙ කරපිංචා කුරුදු 
  • ලුණු රස අනුව
  • සේර කෑල්ලක්
  • එනසල් ඇට 5 
  • සුවඳ කුඩු මේස හැඳි 2 
  • පොල් තෙල් ටිකක්
🔴 (කුළුබඩු වර්ග රස අනුව සහ පරිප්පු ප්‍රමාණය අනුව ගන්න)

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම අපි පරිප්පු ටික හොඳට ගරල සෝද ගන්න ඕන.මම ඉතින් දානයක් සඳහා හදන නිසා තුන් පාරක් ගරල සෝදල තමයි ගත්තෙ. දානයක්ම වෙන්න ඕන නෑ.ගල් හැපුනොත් වෙනද දේ හොඳ නැහැනේ.ඒ නිසා මම නෑඹිලියක දාල හොදට අතුල්ලල සෝදල ගරල තමයි අර ගත්තෙ.ඊට පස්සෙ පරිප්පු ටික භාජනයකට දාල වැහෙන ප්‍රමාණයට වතුර දාල විනාඩි 10 ක් වගේ පෙඟෙන්න තියන්න ඕන.
  2. ♦️ දැන් කහ තුනපහ සුදු ළූණු උළු හාල් ලියා ගත් රතු ළූණු ටිකක් රම්පෙ කරපිංචා කුරුදු මිරිස් කුඩු ටිකක් එනසල් සහ පලාගත් අමු මිරිස් එකතු කරල වතුර ටිකක් එකතු කරල (දිය කිරි එකතු කරන්නත් පුළුවන්) අඩු ගින්දරේ ලිප තියන්න.(මම නම් නයි මිරිස් පළුවක් හීනියට ලියල දැම්මා.මොකද මම හරිම ආසයි ඒ රසට. හැබැයි බොහොම පොඩ්ඩයි එකතු කරන්නෙ)
  3. ♦️ විනාඩි 5 න් පහට පරිප්පු එක ඇරල කවලම් කරන්න.පරිප්පු එක හොඳට තැම්බිලා සුවඳ එන්න ඕන.අන්න එතකොට රස අනුව ලුණු එකතු කරල මිටි කිරි එකතු කරන්න. එකතු කරල හොඳට කවලම් කරල ගින්දර වැඩි කරල පරිප්පු හොද්ද නටන තෙක් පිස ගන්න.
  4. ♦️ දැන් රස බලල ලිපෙන් බාන්න. ලුණු එහෙම මදිනම් එකතු කරන්න.
🔴🔴 හරි දැන් අපි පරිප්පු එක වඩ වඩාත් රසවත් කර ගනිමු. තෙම්පරාදු කරමු 👌
  1. ♦️ මුලින්ම තෙම්පරාදු කරන්න අවශ්‍ය කලමණා ටික හදා ගනිමු. මම මේ සේරම පරිප්පු එක තැම්බෙන අතරතුර හදා ගත්ත.
  2. ♦️ වියළි මිරිස් කෑලි කපා ගෙන,රතු ළූණු ටික ලියා ගන්න.
  3. ♦️ දැන් වලඳක් ලිපේ තියල ඒකට පොල් තෙල් දාල රත්වෙන කොට සූදුරු ටික දාල කවලම් කලද සුවඳ එනකොට අබ ටික දාල හොඳට බැදීගෙන එද්දි රතු ළූණු රම්පෙ කරපිංචා එනසල් කෑලි මිරිස් ටික දාල බැඳ ගන්න.ගින්දර වැඩි කර ගන්න එපා.අන්තිමට මිරිස් කුඩු ටික එකතු කරන්න. 
  4. ♦️ දැන් මේ තෙම්පරාදු එකට අපි පිසගත් පරිප්පු එක එකතු කරල කවලම් කරන්න. ඔයාල තෙම්පරාදුවට පාවිච්චි කලේ පොඩි වලඳක් නම් තෙම්පරාදු එක පරිප්පු එකට එකතු කරන්න. දැන් හොඳට කවලම් කරල උඩින් සුවඳ කුඩු ටිකක් හෝ බැදපු මස් කරි පවුඩර් ටිකක් ඉහල වහල තියන්න විනාඩි 5 ක් වගේ. 
🔴 සුවඳ කුඩු කියන්නෙ එනසල් කුරුදු සාදික්කා එකට එකතු කරල කුඩු කරල හදා ගන්න පවුඩර් එකට.අපි අර පුඩින් වලට දාන්නෙ කොලෙස්ටරෝල් පාලනය කරන්න.

🔴🔴🔴 මේ පරිප්පු හදන කොට හොදි ගොඩක් තියන්න එපා දැවටෙන්න හදන්න. මොකද එතකොට සාම්ප්‍රදායික ආහාර එක්ක වගේම ප්‍රයිඩ් රයිස් එක්ක උනත් රසට කන්න පුළුවන් .

👹️👹️ ඉතින් ආදරණීය සහෝදර සහෝදරිය අපිට බැරිද අපේ ආදරණීයන් වෙනුවෙන් මෙන්න මේ වගේ රසවත්ව අපේ දේ අපේ ක්‍රමයට අපේම කුළුබඩු එකතු කරල උයල දෙන්න.අපෝ අර වෙළඳ දැන්වීම් වල වගේ පරිප්පු එකට මැජික් එකතු කරල ඔබේ ලබැඳියන් මහරගම අපේක්ෂා රෝහලට යවන්න දායක වෙන්න නම් එපා. මම බෞද්ධයෙක් තමයි. ඒත් මම නම් කියන්නෙ ඔන්න ඔය වගේ වෙළඳ දැන්වීම් වල මුදලට රඟපාන උන්ට පවා සාප වෙන්න ඕන. දැන් ඔය අපේ කාන්තාවන් උජාරුවට #Facia නිෂ්පාදන විශේෂයෙන් ලස්සන වෙන්න කියල #Facia_Capsules එහෙම පාවිච්චි කලානේ. ඇයි ඉතින් මාලනී ෆොන්සේකා නේ දැන්වීමෙ රඟපෑවෙ. දැන් ඒ නිෂ්පාදන වල අන්තරාදායක බව අපූරුවට තහවුරු වෙලා තියෙන්නෙ.ඒ ගෑනි සල්ලි වලට ඕවයෙ රඟපෑවට ඕව භාවිතා කරනවද? මහේල ඇන්කර් ප්‍රමෝට් කලාට ඒ යකා ඒව බොනවද? ඒ නිසා සබුද්ධිකව හිතල වැඩ කරමු.මොකද "ආරෝග්‍යා පරමා ලාභා" 

රජෙකු උවත් ගිලන් වෙලා 
එක්තැන්වූදා හිතනවාට සැකයක් නෑ.
නිරෝගි සැප හැර වෙන සුවයක්
ලොවේ කොයින්දා........

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනව 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
පරිප්පු වෑංජනය හදමු (Dhal Curry) 🥘 🥘 - Your Choice Way

පරිප්පු වෑංජනය හදමු (Dhal Curry) 🥘 🥘 - Your Choice Way

පරිප්පු වෑංජනය හදමු (Dhal Curry) 🥘 🥘 - Your Choice Way

පරිප්පු වෑංජනය හදමු (Dhal Curry) 🥘 🥘 - Your Choice Way

පරිප්පු වෑංජනය හදමු (Dhal Curry) 🥘 🥘 - Your Choice Way

පරිප්පු වෑංජනය හදමු (Dhal Curry) 🥘 🥘 - Your Choice Way

පරිප්පු වෑංජනය හදමු (Dhal Curry) 🥘 🥘 - Your Choice Way

පරිප්පු වෑංජනය හදමු (Dhal Curry) 🥘 🥘 - Your Choice Way
👇 මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්.ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පරිප්පු වෑංජනය හදමු (Dhal Curry) 🥘 🥘 පරිප්පු වෑංජනය හදමු (Dhal Curry) 🥘 🥘 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 22, 2021 Rating: 5

0 comments:

Post a Comment