හිස නැති සරත්ගේ මළකද ඇල්ලට එයි (Death Body)

හිස නැති සරත්ගේ මළකද ඇල්ලට එයි (Death Body) - Your Choice Way

ගමේ බීමට දස්සයා ඔහුය... ඔහු සමග කිසිම පානයක් කරට කර බීමට ගමේ කිසිදු ජගතෙක් සොයාගත නොහැකි තරම්‍ ය.. ඔහුගේ නම සරත් ය.. ගමේ අය ඔහුව අමතන්නේ වඩ්ඩා යන නමිනි. වඩු වැඩ වල නියැලෙන මොහු උපාගන්නා මුදල් වලින් වැඩි ප්‍රමාණයක් වැය කරන්නේ බේබදුකමටය.. අවිවාහක ඔහු කිසිම දිනෙක බිරිඳක් නොපැතූ අයෙකි..

නමුත් ගමේ ගැහැණු උදවිය කීප දෙනෙක්ගේ පහස හොරෙන්ම විදින්නේ මොහුය...කුඩා දරුවන්ට බොහෝ සේ ඇලුම් කරන මොහු සරුංගල් කාලයේදී ගමේ ලමුන්ට සරුංගල් සාදා දෙයි... සරුංගල් මාමා යන අන්වර්ථ නාමයෙන් ගමේ ලමුන් මොහු හදුන්වයි...

මේ කතාව පටම් ගන්නේ එක් දිනයකය. එදා සවස වැඩ ඇරී වාසි දවසක් බැවින් බෝතලයකුත් ඉණේ ගහගෙන හංදියෙ අබ්දුල්ගේ මස් කඩෙන් කුකුලෙකුත් රැගෙන මොහු ගම්මානයේ වෙල් යාය මැදින් පිය නගන්නේ ගමේ පීල්ල අසල ඇති තමාගේ නිවසටය..

නිවසට ආ සැටියෙම වෙනදා මෙන් කුස්සියේ ජනේලයෙන් දොල දිහා බැලීමට අමතක නොකල ඔහු ඒ දෙස උවමනාවෙන් බැලුවේ කවුරුන් හෝ නානවාද බැලීමටය.. වෙලාව සවස 6 පමණ වී ඇති නිසා කවුරුත් නැති බව ඔහුට හැගී ගියේය.. ජනේලය වැසූ ඔහු කඩෙන් ගෙනා කුකුලා සෑදීමට පටන් ගත්තේය.

ඩොක් ඩොක්.. සරත් අයියේ ඩොක් ඩොක්.. ගෙදර කවුරුත් නැද්දෝ යනුවෙන් හඩක් ඇසුනු නිසා ඔහු ගියේ කවුදැයි බලන්නටය.. ආ මේ සිරියාවතී නංගිනෙ.. මොකෝ.මේ පැත්තෙ.. පීල්ලට නාන්න ආවා අයියෙ.. මේ වැස්සක් කඩා පාත් වුනානෙ.. ගෙදර යන්න බැරි නිසා මෙහෙට ආවෙ...

සිරියාවතී යනු උක්ත සරත්ගේ අනියම් බාර්‍යාවකි... දැන් කොහේ වැස්සේ ගෙදර යන්නද අද සුනිල් අයියත් රෑ වැඩ නිසා අද මෙහෙ ඉදලා හෙටම යන්න බැරියෑ.. මන් කියලත් ඉතින් තනිකඩයනෙ.. අයියා මොනා කියනවද මංදා.. මන් ඉන්න එක හරි මදිද මංදා.. අනේ බොල සිරික්කිය නොදා වරෙන් මෙහෙ.. උබට නුපුරුදු තැනක් යෑ මේක... සරත්ගේ කාම ආශාව දැඩි නිසා එසේ පැවසීය...

සිරියාවතීත් අකමැත්තක් නොදන්වා පැමිනියෙය... නංගියේ මන් අද කඩෙන් කුකුලෙක් ගෙනාවා.. උබට පුළුවන් නේද මේක උයන්න.. අපෝ සුලු දෙයක්නෙ අයියෙ..කියමින් ඇය කුස්සිය වෙත පිය මැන්නාය.. වැස්සත් එන්න එන්නම සැර වෙන නිසා ජනේල් දොරවල් සියල්ල වසා ගෙනා බෝතලයෙන් උගුරු කීපයක රස බලන්නට සරත් අමතක නොකලේය...

වෙලාව යාන්තමින් 8 පමණ වන්නට ඇත.සිරියාවතී කෑම සාදා සරත්ට කතා කලේය.. සරත් කුස්සියට යත්ම පුළුටු ගදක් දැනින.. නමුත් එය ගනනකට නොගත් ඔහු සිරියාවතී සමග ආහාරගත්තේය.. රාතී 9 පමන වන විට දෙදෙනාටම නිදිමත සෑදුනු බැවින් සරත් සිරියාවතීට කතා කලේය. නංගියෙ එහෙනම් අද උබ මන් එක්ක ඉන්නවනෙ.වරෙන්කො දැන් කලුවර වෙලා නිසා නිදාගන්න.. හරි අයියේ අයියා යන්න මන් එන්නම්...

සරත් සහ සිරියාවතී තම ආශා ඉටුකරගැනීමට සැරසෙති.. දෙදෙනාම ඇද මත සිටින විට ගෙදරට එහායින් මාව බේරගනියෝ කියා කැගැසීමක් ඇසිණි... එන්න එන්නම එකම වචනයක් පමණක් ඇහෙන්නේය.. හඩ ඇහෙනවාත් සමගම සරත් ඒ දෙසට ඇදී යන්නක් මෙන් දැනින.. නමුත් ඔහුව නැවැත්වූ සිරියාවතී ඉලපතත් රැගෙන ගේ ඉදිරියට ගොස් හොද කුණ්හරප දෙකක් කියා පෑවේය. එවිටම අර ආ හඩද නැතිවිය..

බෝදිලියා අයියෙ ඔය.. අද මන් නොහිටියානම් මොනා වෙන්න නොතිබ්බාද... ඒක තමයි නංගියො.. කාරි නෑ දැන් නිදාගමු.. දෙදෙනාම තුරුල් වී නිදාගත් නමුත් සරත්ට එක වරම කෑගැසීමක් ඇසුන නිසා ගැස්සී ඇහැරුණි... නැවතත් පෙර පරිදිම අර කෑගැසීම ඇසෙයි...

සරත් මාව බේරගන්න... ආහ් මෙලෙස ශබ්දය ඇසෙන නිසා ඔහු ඉබේම ඒ වෙතට ඇදී යන්නට විය... ලයිසන් නොමැති තුවක්කුවත් හුලු අත්තකුත් රැගත් සරත් කෑගැසීම ඇසෙන දොල පහර අසල ඇති පීල්ල දෙසට ඇදී ගියේ යමෙකු ඔහුව ගෙන්නගන්නවා වගේය... එන්න එන්නම කෑගැසීමද වැඩි වෙන්නට විය...

සරත් දොල දෙසට යත්ම තමාගේ පිටිපස්සෙන් කවුරුන් හෝ සිටී වගේ දැනුන ඔහු පසුපස බැලුවේය.... එපමණකි.. පසුදින ගම්මුන්ට පීල්ල අසල තිබී සරත්ගේ ශරීරයත් කබරයින් විසින් කා දැමූ ඔහුගේ ඔලුවේ කොටසකුත් හමු විය.. ගම්මුන්ට ඔහුගේ මරණය අබිරහසක් වන්නට විය.. නමුත් සිරියාවතී වුනේ කුමක්ද යන්න්න දැන සිටියේය... නමුත් කිසිම දිනක කිසිම අයෙකුට ඇය එය නොකීවේය...

එදින සිට ඒ ඇල්ලට යන බොහෝ දෙනෙක්නැවත බියවී ගමේ වෙද මහතා වෙත පැමිනෙන්නටවිය... ඔවුන් සියලු දෙනා දැක තිබුනේ හිස නැති අයෙක් තුවක්කුවක් රැගෙන ඇල්ලෙන් පහලට වැටෙන අයුරුය....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හිස නැති සරත්ගේ මළකද ඇල්ලට එයි (Death Body) හිස නැති සරත්ගේ මළකද ඇල්ලට එයි (Death Body) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 17, 2021 Rating: 5

0 comments:

Post a Comment