1971 මාර්තු 8 වන දින මුහම්මද් අලි(Muhammad Ali) සහ ජෝ ෆ්‍රේසියර්(Joe Frazier) අතර මෙම සටන දිග හැරුණේ සිවිල් අයිතිවාසිකම් සහ වියට්නාමයේ යුද්ධය සම්බන්ධයෙන් ජාතියක් විනාශ කිරීමේ පසුබිමට එරෙහිව ය. මෙම සටන ඉතිහාසයේ විශාලතම බොක්සිං තරගය ලෙස සලකනු ලබන අතර, මෙතෙක් අපේක්‍ෂා කළ හා ජනප්‍රියම ක්‍රීඩා ඉසව්ව බවට සැකයක් නැත. හෙවිවේට් ශූරතාව සඳහා අපරාජිත බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනෙකු එකිනෙකා සමඟ සටන් කළ පළමු අවස්ථාවද මෙය විය.
“සියවසේ සටන” ලෙස නම් කර ඇති මෙම සටන නිව්යෝර්ක් නගරයේ මැඩිසන් චතුරශ්‍ර උද්‍යානයේදී(Madison Square Garden) පැවති අතර එක්සත් ජනපදයේ පමණක් ඩොලර් මිලියන 45 ක ප්‍රවේශපත්‍ර අලෙවියක් ලබා ගත් අතර එය ලොව පුරා මිලියන 300 කට අධික ජනතාවක් නැරඹූහ. ප්‍රතිඵලය දැනටමත් දැන සිටියද, එක්සත් රාජධානියේ ජනගහනයෙන් අඩක් බීබීසීයේ නැවත විකාශය ද නැරඹීය.
එය එසේ නැරබීම සදහා හේතු ඕනෑවටත් වඩා තිබුනි. එය ලෝක හෙවිවේට් ශූරතාව සඳහා වූ සටනකි. එය බොක්සිං ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම ත්‍යාගය ලෙස නම් කර ඇති ඔටුන්නට අපරාජිත සටන්කරුවන් දෙදෙනෙකු සහ හිටපු ඔලිම්පික් රන් පදක්කම්ලාභීන් දෙදෙනෙක් අතර වූ සටනකි. එහෙත් සියවසේ සටන ලෙස නම් කර ඇති මෙය මිනිසුන් දෙදෙනෙකු අතර කරන ලද සටනකට වඩා වැඩි දෙයකි. එය බෙදී ගිය ජාතියක් සඳහා කරන ලද සටනක් බවට පත්විය.
1942 දී කෙන්ටකි හි ලුයිස්විල් හි උපත ලැබූ කැසියස් මාර්සෙලස් ක්ලේ (මුහම්මද් අලි) 1960 දී රෝම ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම දිනාගත් අතර 1964 පෙබරවාරි මාසයේදී සෝනි ලිස්ටන් පරාජය කරමින් ලෝක හෙවිවේට් ශූරයා බවට පත්විය. ලිස්ටන් ජයග්‍රහණයෙන් පසු දින අලි තම පවුලට වහල් හිමිකරුවෙකු විසින් ලබා දුන් කැසියස් ක්ලේ යන නම ප්‍රතික්ෂේප කළ අතර ඔහු ඉස්ලාම් දහමට සම්බන්ධ වූ බව හෙළි කළේය.
1967 දී ත්‍රිවිධ හමුදාවට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මුහම්මද් අලිගේ ශූරතාවය බොක්සිං බලධාරීන් ඉවත් කරන තෙක්ම ඔහු ඔහුගේ පටිය සාර්ථකව ආරක්ෂා කර ගත්තේය. අලි නොමැති විට, අපරාජිත ෆ්‍රේසියර් ශූරතා දෙකක් දිනා ගත්තේය. පසුව ඔහු ලෝක ශූරයා ලෙස බොක්සිං බලධාරීන් විසින් හැඳින්වීය.
1967 වියට්නාම යුද්ධය ඇවිල ගිය සමයේ හමුදා සේවයට එක් වන ලෙස අලීට කළ ආරාධනාව ඔහු ප්‍රතික්ෂේප කළ නිසා නිව්යෝර්ක් ප්‍රාන්ත මලල ක්‍රීඩා කොමිෂන් සභාව ඔහුගේ බොක්සිං බලපත්‍රය අහෝසි කරන ලදී. රට පුරා බොක්සිං කොමිෂන් සභා තම අධිකරණ බල ප්‍රදේශවල සටන් කිරීමට ඔහුට ඉඩ දීම ප්‍රතික්ෂේප කළ අතර අලි ක්‍රීඩාවෙන් මුළුමනින්ම ඉවත් කරන ලදී. එහෙත් සිය අදහස මදක් හෝ වෙනස් නොකරගත් අලි තමා ප්‍රමුඛ අප්‍රිකානු ඇමරිකානුවන්ට දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සැලකූ රටක් වෙනුවෙන් මිනිසුන් ඝාතනය කිරීම සඳහා සැතපුම් දහස් ගණනක් පියාසර කළ යුත්තේ මන්දැයි ප්‍රශ්න කළේය.
කෙසේ හෝ ඔහු හමුදාවට සහය දීම ප්‍රතික්ෂේප කිරීම සඳහා වූ දඬුවම් කාලය 1971 දී නිමාවට පත්වූ අතර ඔහුගේ තහනමින් පසු පැවති ප්‍රථම තරගය වූයේ ෆ්‍රේසියර් සමග තරගයයි. ජෝ ෆ්‍රේසියර් වයස අවුරුදු 15 දී බොක්සිං ඉගෙනීම සඳහා නිවසින් පිටව ගොස් 1964 දී ඔලිම්පික් ශූරයකු බවට පත්විය. ඔහු බොහෝ ආකාරවලින් අලිගේ ප්‍රතිවිරෝධය විය. වාර්ගික හේතුන් මත අලිට අකමැති බොහෝ සුදු ජාතිකයින් ෆ්‍රේසියර්ව ඔවුන්ගේ නියෝජිතයා ලෙස පිළිගත්තේය.
තම ප්‍රතිවාදියා වාචිකව විනාශ කිරීමට උපන් හපන් අලි ෆ්‍රේසියර් හෙවිවේට් ශූරයා වීමට තරම් මෝඩ හා කැත යැයි විහිළුවට ලක් කළේය.අවසානයෙදී ඔහු “ටොම් මාමා”(Uncle Tom) ලෙසද හැඳින්විය. මේ හේතූන් නිසා මේ තරගය දෙස මුළු ලොවේම අවධානය නිතැතින්ම යොමු විය.
සටන් රාත්‍රිය පැමිණි අතර, එය අපේක්ෂා කළ තරමටත් වඩා විශාල එකක් විය. දහස් ගණන් ක්‍රීඩා ලෝලීන්ගෙන් මැඩිසන් චතුරස්‍රය පිරී ඉතිරී යද්දී සුපිරි නළු නිළියන්ගෙන්, මිලියන පතියන්ගෙන් හා තවත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රාත්‍රිය ආලෝකවත් විය.
බෙල් නාදයත් සමග සටන ඇරඹුනි. ලොවක් බලා සිටි සියවසේ සටන ඇරඹිණි. සටන සියල්ලෝම බලාපොරොත්තු වූ ආකාරයෙන්ම විශිෂ්ඨ එකක් විය. අලි වේලාසනින් පාලනය අතට ගත් නමුත් හයවෙනි වටය වන විට ඔහු වෙහෙසට පත් විය. ෆ්‍රෙසියර්ගේ පහරවල් වලින් ඔහු ටිකින් ටික දුර්වල විය. එහෙත්, වළල්ල තුළ ඔහු යොදාගත් වාචික නින්දා අපහාස දිගටම කරගෙන ගියේය.
තරගය 15 වන සහ අවසාන වටයට ද ළගා විය. 15 වන වටය අවසානයේ විනිසුරුවන් තිදෙනාම ෆ්‍රේසියර් ඉදිරියෙන් සිටින වග දැන්වීය. මිනිත්තු කිහිපයකට පසු විනිසුරුවන් එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය: ෆ්‍රේසියර් ඒකමතික තීරණයකින් ශූරතාව රඳවා ගෙන ඇති අතර අලිට ඔහුගේ වෘත්තීය ජීවිතයේ පළමු පරාජය අත්විදීමට සිදු විය.
අලි සටන පරාජය වුවද මාස තුනකට පසු, එක්සත් ජනපද රජයට එරෙහි සටනින් ඔහු ජය ගත්තේ ශරේෂ්ටධිකරණය ඔහුට නැවත තරග කිරීමට අවසර දීමට තීන්දු කිරීමත් සමගය.
වියට්නාම් යුද්ධය තවත් වසර හතරක් පුරා පැවතුණි. අවුරුදු 50 කට පසුවත්, ඇමරිකාව තුළ පුද්ගලයින් වාර්ගික අසාධාරණයෙන් පීඩා විඳින අතර, ක්‍රීඩා චරිත සමාජ හා දේශපාලන වෙනසක් සඳහා ඔවුන්ගේ වේදිකා දිගටම භාවිතා කරයි.
විශ්මිත ඉතිහාසය
1971 මාර්තු මාසයේදී මැඩිසන් චතුරශ්‍ර උද්‍යානයේදී අලි මාධ්‍ය සමග |
ජෝ ෆ්‍රේසියර් 1971 මාර්තු මාසයේදී පෙර පුහුණුවීම්වල විවේක කාලයේදී. |
මුහම්මද් අලි, මයාමි බීච්, ෆ්ලොරිඩා, 1971 |
1971 දී ෆිලඩෙල්ෆියා හි ෆ්‍රේසියර්ගේ පුහුණු කඳවුරේදී මුහම්මද් අලි ප්‍රතිවාදියා වූ ජෝ ෆ්‍රේසියර්ට නින්දා කිරීම |
හෙවිවේට් ශූර ජෝ ෆ්‍රේසියර්, මුහම්මද් අලි ට එරෙහිව සිය ජයග්‍රහණය වාර්තා කළ මොහොතේ |
ලයිෆ් සඟරාව, මාර්තු 5, 1971 |
0 comments:
Post a Comment