Adare Kiyu Kisiweku Adare Nane Song Lyrics - ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ ගීතයේ පද පෙළ

Adare Kiyu Kisiweku Adare Nane Song Lyrics - ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ ගීතයේ පද පෙළ
Song Title : Adare Kiyu Kisiweku Adare Nane (ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ප්‍රියා සූරියසේන


ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක් කියමි පිය කතේ
සාගරේ රැලි වගේ ආදරේ පිරී
වැලි අතරේ යාවී කිඳී //
ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ

ඊයේ ඔබ හමුවුණා අවන්හල තුළේ
හෙට ඔබ මට මුණගැසේ උයන් සෙවනතේ //
හමුවීමත් ආදරය නොවේ
ආදරයත් හමුවීම නොවේ
වැලි අතරේ යාවී කිඳී //

ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක් කියමි පිය කතේ

දවසක් මම වැලපුණා අන් ලඳක් නිසා
නැවතත් මම හිනැහුණා ඔබ ගැනත් සිතා //
සැනසීමත් සීමිතයි සිතේ
සීමිත දේ සැනසුමයි සිතේ
වැලි අතරේ යාවී කිඳී //

ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක් කියමි පිය කතේ
සාගරේ රැලි වගේ ආදරේ පිරී
වැලි අතරේ යාවී කිඳී ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Kiyu Kisiweku Adare Nane Song Lyrics - ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ ගීතයේ පද පෙළ Adare Kiyu Kisiweku Adare Nane Song Lyrics - ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2021 Rating: 5

0 comments:

Post a Comment