Thawa Dinak Gewuna Song Lyrics - තව දිනක් ගෙවුණා ගීතයේ පද පෙළ

Thawa Dinak Gewuna Song Lyrics - තව දිනක් ගෙවුණා ගීතයේ පද පෙළ

Thawa Dinak Gewuna Song Lyrics - තව දිනක් ගෙවුණා ගීතයේ පද පෙළ
Song Title : Thawa Dinak Gewuna (තව දිනක් ගෙවුණා)
ගායනය : මාලිනී බුලත්සිංහල සහ ජානක වික්‍රමසිංහ
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : එච්.එම්. ජයවර්ධන


තව දිනක් ගෙවුණා
පෑළ දිග අහසේ
හුදකලාවේ ඔහේ පාවෙන වලාවක් බඳු ජීවිතේ
තව දිනක් ගෙවුණා

ඔබෙන් තොර
අයාලේ යන ජීවිතේ
තව දිනක් ගෙවුණා

පෙරත් ජාතීහී පතාගෙන ආ හැටිද අපි දෙන්නා
දෙෙවයෝගය මේ නම්

යළිත් හමුවන වරම් අහිමිව
හිතේ කෙඳිරිලි ලොවට සඟවා
තවත් දවසක්
කල්ප කාලය ගෙවමු තනි තනියෙන් තනිවම

සරත් සමයේදී වැටී කොළ සුළං වැද පාවෙන්නා
සොබාදහමත් ඒ නම්

වසන්තය යළි ඒ ද නේවි ද
සානුකම්පා මන්ද මාරුත
හිතේ ගින්දර නිවා සනහා
අප දිහා හෙට හෝ බලාවිද

තව දිනක් ගෙවුණා
පෑළ දිග අහසේ
හුදකලාවේ ඔහේ පාවෙන වලාවක් බඳු ජීවිතේ
තව දිනක් ගෙවුණා

ඔබෙන් තොර
අයාලේ යන ජීවිතේ
තව දිනක් ගෙවුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thawa Dinak Gewuna Song Lyrics - තව දිනක් ගෙවුණා ගීතයේ පද පෙළ Thawa Dinak Gewuna Song Lyrics - තව දිනක් ගෙවුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2021 Rating: 5

0 comments:

Post a Comment