රුලං කට්ලට් හදමු (Semolina Cutlet - Rulan Cutlet)

රුලං කට්ලට් හදමු (Semolina Cutlet - Rulan Cutlet) - Your Choice Way

අදත් මම ☕ වෙලාවට හැදුවා රසවත් වගේම ගුණ  කැමක් රුලං වලින්. රුලං කට්ලට්. නිර්මාංශ අයටත් හොදයි. මාළු මස් නොදා හදන්න.හරිම ක්‍රිස්පි.හදලා බලන්න කෝ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • රුලං කප් 1/2
  • වතුර කප් 1 (300ml)
  • සිහින්ව කපා ගත් කැරට් / ගෝවා /බෝංචි
  • තම්බා පොඩි කරගත් අල
  • තම්බා පොඩි කර ගත් මාළු හෝ සැමන් (කැමති නම් විතරක් දාන්න )
  • ලොකු ළුනු   ගෙඩි  1 (සිහින්ව කපා ගත් )
  • සුදු ළුනු ගෙඩි 2 
  • සිහින්ව කපා ගත් කරපිංච ටිකක් 
  • අමු මිරිස් කරල් 4 
  • කැලි මිරිස් තේ හැඳි 1 
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1 
  • ලුණු තේ හැඳි  1/2
බැටර් එක සදහා 
  • පාන් පිටි 50g
  • කෝන් පිටි මේස හැදි 2 
  • වතුර
  • බිස්කට් කුඩු ටිකක් 
  • බැදීම සදහා තෙල් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව භාජනයක් ලිප තබා තෙල් මේස හැදි 2 දමා සිහින්ව කපා ගත් සුදුළුනු අමු මිරිස් දමා බැද ගන්න.
  2. පසුව සිහින්ව කපා ගත් ළුනු සහ කරපිංච එකතු කර තෙම්පරාදු කරන්න.
  3. දැන් සිහින්ව කපා ගත් කැරට් , බෝංචි , ගෝවා එකතු කරන්න.කැලි මිරිස් , ලුණු එකතු කරන්න.සැමන් හෝ මාළු මිශ්‍ර කරන්න .අල එකතු කරන්න .නිර්මාංශ අය  සැමන් හෝ මාළු, මස් දාන්න එපා.ගම්මිරිස් කුඩු එකතු කරන්න.
  4. ටිකක් වෙලා තෙම්පරාදු කර වතුර කෝප්ප 1 එකතු කර උතුරුවා ගෙන එනවිට රුලං එකතු කර හොදින් මිශ්‍ර කර උයා ගන්න .ටික වේලාවකින් වතුර සිදී යයි.එවිට ලිපෙන් ඉවතට ගෙන නිවෙන්න තියන්න .
  5. දැන් බැටර් එක සදා ගමු. භාජනයකට පාන් පිටි සහ කෝන් පිටි දමා මිශ්‍ර කරන්න . වතුර ටික ටික දමා උකු බැටර් එකක් සාදා ගන්න .
  6. දැන් මිශ්‍රණයෙන් කට්ලට් බෝල හෝ පැතලි හැඩයට සදා ගෙන බැටර් එකේ  දමා බිස්කට් කුඩු වල දවටන්න. මෙලෙස දෙපාරක් කරන්න .එවිට හොදයි .
  7. අවසානෙට  ගැඹුරු තෙලේ මද ගින්දරේ  බැද ගන්න.
හදලා බලන්න කෝ. Dhammika Panangala (ධම්මිකා පනංගල)

රුලං කට්ලට් හදමු (Semolina Cutlet - Rulan Cutlet) - Your Choice Way

රුලං කට්ලට් හදමු (Semolina Cutlet - Rulan Cutlet) - Your Choice Way

රුලං කට්ලට් හදමු (Semolina Cutlet - Rulan Cutlet) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රුලං කට්ලට් හදමු (Semolina Cutlet - Rulan Cutlet) රුලං කට්ලට් හදමු (Semolina Cutlet - Rulan Cutlet) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2021 Rating: 5

0 comments:

Post a Comment