Sanda Thaniwa Pipeyi Song Lyrics - සඳ තනිව පිපෙයි ගීතයේ පද පෙළ

Sanda Thaniwa Pipeyi Song Lyrics - සඳ තනිව පිපෙයි ගීතයේ පද පෙළ
Song Title : Sanda Thaniwa Pipeyi (සඳ තනිව පිපෙයි)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද : ප‍්‍රියානන්ද විජේසුන්දර
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


සඳ තනිව පිපෙයි
හිරු අඳුර සොයයි
පෙම්වතුන් සමුගන්න හැන්දෑවේ
හිත මටත් හොරා ඔබ සොයා දුවයි
පෙම් පිළිසඳරට ඔබ ඇයි නාවේ ...//

හිනැහුණා වෙරළ රත්තරන් වගේ
කහ ගැහුණු හිරු රැලක් වැටී ඔහේ ...//
කරදියෙන් පෙඟුණු වැලි පලස දිගේ
මට තනිව යන්න මහ දුකක් සිතේ

සඳ තනිව පිපෙයි
හිරු අඳුර සොයයි
පෙම්වතුන් සමුගන්න හැන්දෑවේ
හිත මටත් හොරා ඔබ සොයා දුවයි
පෙම් පිළිසඳරට ඔබ ඇයි නාවේ

පිස දමා කියඹු වැල් නළල් තලේ
කිතිකැවෙන මඳනලක් හමා ඇදේ ...//
අඩ සඳත් හිරුට පසු නැඟුණු වෙලේ
දඟ කරණ තරු දෙඇස දකිමි ඔබේ

සඳ තනිව පිපෙයි
හිරු අඳුර සොයයි
පෙම්වතුන් සමුගන්න හැන්දෑවේ
හිත මටත් හොරා ඔබ සොයා දුවයි
පෙම් පිළිසඳරට ඔබ ඇයි නාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Thaniwa Pipeyi Song Lyrics - සඳ තනිව පිපෙයි ගීතයේ පද පෙළ Sanda Thaniwa Pipeyi Song Lyrics - සඳ තනිව පිපෙයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 18, 2021 Rating: 5

0 comments:

Post a Comment