පාවට්ටා [Pawatta] (Justicia Adhatoda)

පාවට්ටා [Pawatta] (Justicia Adhatoda) - Your Choice Way
🌿 ආඩතෝඩා, වං ඇපල, අගල්ආධාර යන නම්වලින්ද හඳුන්වන පාවට්ටා මීටර් 4 ක් දක්වා උසට වැඩෙන දේශීය බහු වාර්ෂික පඳුරු ශාකයකි. මෙම ශාකයට අයුර්වේදයේ යෙදෙන "වාසක" නම් ප්‍රකට පර්යාය නාමයක්ද වෙයි. පාවට්ටා ශාකයේ ළපටි අතුවල හරස්තඩ චතුරස්‍රාකාර සිට වටකුරු දක්වා වෙනස් විය හැකිය. සරල පත්‍ර සම්මුඛව පිහිටයි. 

🌿 පත්‍රයක් සෙ.මි. 11 සිට 35 දක්වා පරාසයක් දිගකින් යුක්ත විය හැකිය. පත්‍ර හට ගන්නා ගැට ආසන්නයෙන් නව ශාඛා සහ පුෂ්ප මංජරි හට ගනී. බොහෝ විට නටුවක් රහිත සුදු පැහැති මල් එක විට පිපුණු පසු අලංකාරවත් ය. 

🌿 ඵලය බීජ 4 ක් සහිත ස්ඵෝටිකාවකි. මල රතු පැහැයට හුරු වර්ගයක් ද ඇති බවත්, එ අනුව ශ්වේත සහ රක්ත යනුවෙන් ප්‍රභේද දෙකක් ඇති බවත් පොතපතෙහි සඳහන්ව ඇත. 

🌿 පාවට්ටා Acanthaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.

🌿 අතීසාර, ප්‍රවාහිකා, මුත්‍ර අඩස්සිය, මුත්‍ර දාහය, පිත්ත ප්‍රමේහ, හෘද රෝග, රක්ත පිත්ත, රක්තාර්ශස්, රක්ත ප්‍රදර ඇතුළු රක්තජ රෝග, ඇදුම ඇතුළු ස්වසන රෝග, ආමවාතය හෙවත් ආතරයිට්ස්, වණ ශෝත, කුෂ්ඨ, ගුද කීල, පණු රෝග, චර්ම රෝ ග ආදී රෝග අවස්ථා බොහෝමයකට ප්‍රතිකාර කිරීම සඳහා පාවට්ටා ශාකයේ කොළ, පොතු, මුල්, මල්, නැ ටි සහිත පංචාගයම භාවිතයට ගනී. පාවට්ටා කුෂ්ඨ සහ විෂබීජ නසන, හෘදයට හිතකර, රුධිරය පිරිසිදු කරන, සෙම පහ කරන, ස්වසනය පහසු කරවන ආදී ගුණයන් රැසකින් සමන්විතයි. වාසාවලේහය, වාසා රිෂ්ටය, වාසා පානය, වාසක පැණිය, වාසක සෘතය ආදීය පාවට්ටා යොදා නිපදවන ඖෂධයන් ය.

🌿 පාවට්ටා පෙණහලු රෝග බොහෝමයකට සුවය සලසන ඔසුවක් බව ප්‍රකටය. පාවට්ටා මල් කැකුළු මඳක් වියළා උණු වතුරට මිශ්‍ර කර බීම පෙණහලු ආශ්‍රිත සෑම රෝගයකටම ගුණදායක ය. එය අධික සෙම නැති කිරීමටත්, කැස්ස, ඇදුම, උගුරේ වේදනාව නැති කිරීමටත් උපකාරී වෙයි. ඇදුම රෝගීන්ට පාවට්ට කොළ ඉස්ම ගෙන, සූදුරු, ඉඟුරු සහ රතු ලූනු යුෂ මිශ්‍රකර හොඳින් ළිපේ කකාරන්න. එය පැණි පදමට ආ පසුව ළිපෙන් බා නිවුනාට පසුව බෝතලයකට දමා දිනපතා උදේ සවස තේ හැඳි දෙක බැඟින් පානය කරන්න. 

🌿 වාසාවලේහය නම් ඖෂධය කැස්ස, පීනස, සෙම වැනි පෙණහලු ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයකටම ගුණදායක බව සඳහන්. එමෙන්ම කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සෙම, පීනස සහ ඇදුම වැනි රෝග සුව කරන්න පාවට්ටා පැණිය ඉතාමත් පාවට්ටා ප්‍රයෝජනවත්. 

🌿 වාසක පැණිය ලෙසත් හඳුන්වන මෙය නිවසේදීම සදා ගැනීමට, පාවට්ටා පංචාංගයම සමව ගෙන වතුර පත හතරක් දමා හොඳින් තම්බා කෂායක් සාදා ගන්න. පත හතර පත එකට සිඳුණු පසුව හොඳින් පෙරා ඒ පත එකට සීනි ඇති පදමට මිශ්‍රකර පැණි සාදා ගන්න. 

🌿 පැණි පදමට ආ පසුව ළිපෙන් බා නිවුනාට පසු වාතාශ්‍රය නොයන බෝතලයකට දමා වසා තබා භාවිතයට ගත හැකිය. තවද ආඩතෝඩා කොළ ස්වල්පයක් ගෙන හොඳින් කපා එයට අරලු, මුද්දරප්පලම් ග්‍රෑම් 20 බැගින් මිශ්‍ර කර සියල්ලම මුට්ටියකට දමා ගන්න. ඉන් පසුව එයට වතුර පත 8ක් මිශ්‍ර කර පත එකක් වනතුරු සිඳවා සීනි, මී පැණි සහ සූකිරි ස්වල්පය බැගින් දමා උදේ සවස පත භාගය බැගින් දින කිහිපයක් බොන්න. එය සෑම පෙණහලු ආශ්‍රිත රෝගයකටම ඉතාම ගුණදායක ඖෂධීයපානයකි.

🌿 ආමවාතය නිසා හට ගත් සන්ධි ඉදිමුමට පාවට්ටා කොළවලින් තැවීම සිදු කරයි. කුෂ්ඨවලට පාවට්ටා කොළ අමුකහ සමඟ අඹරා ආලේප කරයි. මුත්‍ර දාහය, මුත්‍ර ආඩස්සිය ආදීයේදී පාවට්ට්ටා මල් චූර්ණය හෝ ක්වාතය හෝ පංචාගයෙන් සැ කසූ ක්වාතය පානය කිරීම සුදුසුයි. රත්පිත් සෙංමාලය, අම්ලපිත්ත ආදියට පංචාග කෂාය හෝ ස්වරසය මී පැනි හෝ සීනි සමඟ බීමට දෙයි. පවට්ටා කෂාය මී පැණි සමඟ බීම සාමාන්‍ය කැස්සට ගුණය.

🌿 කල්ගතවූ කැස්සට පාවට්ටා කොළ ඉස්ම රැගෙන එයට ඉඟුරු ඉස්ම සහ මී පැණි මිශ්‍ර කර බීමට ගනී. වරකට තේ හැඳි දෙක බැඟින් දිනපතා උදේ සවස දින අටක් පමණ මේ ඔෟෂධය පානය කළ යුතුය. අංශභාගය රෝගයට දෙන මහ දලු අනුපානයට වෙනත් ඖෂධීය දලු වර්ග කීපයක්ද සමග පාවට්ටා දලු යොදා ගනී.

🌿 හන්දිපත් ඉදිමීම, තුනටිය අමාරුව, සන්ධි වේදනා ආදී රෝගවලදී ආඩතෝඩ කොළ හොඳින් අඹරා එය හන්දි වේදනාවල, තුනටියේ වේදනා සහිත ස්ථානයේ ආලේප කළ යුතුය. වාත වේදනාවලදී පාවට්ටා කොළ කොටා පොට්ටනියේ තම්බා මඳ රස්නය පිට තැවීමෙන් වාත රෝග නිවාරණය කර ගත හැකිය.

🌿 මී මුරේ වැසියන් කුරක්කන් පිට්ටු සමග පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනී. දකුණු පලාතේ විශ්‍රාමික පාසැල් ගුරුවරියක් වන හිනිදුමවිතානගේ සෝ මවතී මහත්මිය පවට්ටා කොළවලින් ව්‍යංජනයක් සකසා ගන්නා ආකාරය සඳහන් කර තිබුනි. මුලින්ම මැටි වලඳක පාවට්ටා කොළ සහ සියඹලා කොළ මාරුවෙන් මාරුවට අසුරා, හට්ටිය පිරෙන්ට වතුර දමා තම්බාගත යුතුය. පසුව සියඹලා කොළ සියල්ල ඉවත් කර පාවට්ටා කොළ හොඳින් සෝදා, සිහින්ව ලියා ව්‍යයංජනයක් සාදා ගත හැකිය. 

🌿 සියඹලා කොළ සමඟ තම්බා ගැනීමෙන් පාවට්ටා කොළවල ඇති තිත්ත රස ඉවත්වී යයි. මෙය රාජ භෝජනවලින් එකක් බව සඳහන්.

🌿 පාවට්ටා ශාකයේ පවතින විෂබීජ නාශක ගුණය නිසා කුඹුරට ජලය ගෙන යන ඇල මාර්ග අසල වැවීමෙන් කුඹුරෙහි පළිබෝධ පාලනය වන බව කියැවේ. පාවට්ටා කොළ, දුම් කොළ , අනෝදා ඇට ආදිය කොටා යුෂ ගෙන ස්වභාවික පළිබෝධනාශයක් සදා ගත හැකිය. මෙම කොළ දුම්කොළ වෙනුවට බුලත් විටට ගැනීමටත්, ඔතා ඖෂධීය දුම් වැටියක් ලෙස භාවිතයට ගැනීමටත් පුලුවන.

🌿 මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය සහ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ.හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරිණි.
පාවට්ටා [Pawatta] (Justicia Adhatoda) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පාවට්ටා [Pawatta] (Justicia Adhatoda) පාවට්ටා [Pawatta] (Justicia Adhatoda) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2021 Rating: 5

0 comments:

Post a Comment