Parak Therak Nathi Song Lyrics - පරක් තෙරක් නැති ගීතයේ පද පෙළ

Parak Therak Nathi Song Lyrics - පරක් තෙරක් නැති ගීතයේ පද පෙළ
Song Title : Parak Therak Nathi (පරක් තෙරක් නැති)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද : කරුණාරත්න ඩී. පිලිප්
තනුව : සරත් බාලසූරිය
1980 දී තිරගතවූ ජෝඩු වළලු චිත්‍රපටියේ ගීයකි.


ආ .... ආ... ආආආ.... ආආ ආ....

පරක් තෙරක් නැති ජීවන අහසේ
සිතුවිලි තුරු පත් සැරි සරනා
ඉමක් කොණක් නැති මිහිතලයේ
පිය සටහන් මැකුණා (ආ.. ආ.. ආ...)
පිය සටහන් මැකුණා (ආ.. ආ.. ආ...)

ආ .... ආ... ආආ ආආ ආ....
ආ .... ආ.. ආආආ....

මුරකාවල් වැනි වැහැරුණු තුරු වැල්
උසුලු විසුලු කර බලා හිඳී
ආපසු එන්නට (ආ හා හා ....) යන්නේ කොයිබද (ආආආ....)
පව් බර හිස මත රන්දා
පව් බර හිස මත රන්දා  (ආ.. ආ.. ආ... ආආආ....)

පරක් තෙරක් නැති ජීවන අහසේ
සිතුවිලි තුරු පත් සැරි සරනා
ඉමක් කොණක් නැති මිහිතලයේ
පිය සටහන් මැකුණා (ආ .... ආ.. ආආආ....)
පිය සටහන් මැකුණා (ආ.. ආ.. ආ...)

දැල්වෙන නෙත් යුග නිවී මියෙන තුරු
සිහිලැති ලා හඬ ඇසේවිදෝ
ගමනේ කෙළවර (ආ හා ආ ....) දකින තුරා ඔබෙ (ආආආ....)
දෙසවන් විවරව තිබේවිදෝ
දෙසවන් විවරව තිබේවිදෝ (ආ .... ආ.. ආආආ....)

පරක් තෙරක් නැති ජීවන අහසේ
සිතුවිලි තුරු පත් සැරි සරනා
ඉමක් කොණක් නැති මිහිතලයේ
පිය සටහන් මැකුණා (ආ.. ආ.. ආ...)
පිය සටහන් මැකුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Parak Therak Nathi Song Lyrics - පරක් තෙරක් නැති ගීතයේ පද පෙළ Parak Therak Nathi Song Lyrics - පරක් තෙරක් නැති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 13, 2021 Rating: 5

0 comments:

Post a Comment