Mal Mal Mal Mal Song Lyrics - මල් මල් මල් මල් ගීතයේ පද පෙළ

Mal Mal Mal Mal Song Lyrics - මල් මල් මල් මල් ගීතයේ පද පෙළ
Song Title : Mal Mal Mal Mal (මල් මල් මල් මල්)
ගායනය : ඉන්ද්‍රානි සේනාරත්න සහ පිරිස
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය : සිසිර සේනාරත්න
1965 දී තිරගත වූ හඳපාන චිත්‍රපටියේ ගීයකි.
1966 දී පැවති 3 වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂකට හිමි සම්මානය මෙම චිත්‍රපටියට හිමි විය.


මල් මල් මල් මල්
ලස්සණ වනමල්
පිපිලා තුරු මත නැළවෙන්නා
නිල් නිල් නිල් ලොව ඔප ගන්නා
(හහ් හහ් හහ් ........ )

තානත් තනම් දෙන
තානත් තනම් දෙන
තානත් තනම් දෙන
තානත් තනම්

මල් මල් මල් මල්
ලස්සණ වනමල්
පිපිලා තුරු මත නැළවෙන්නා
නිල් නිල් නිල් ලොව ඔප ගන්නා
සුමිහිරි සුවඳින් පිබිදෙන කුසුමන්
හිරු රැස් සිප සිප සැනසෙන්නා
ආදරයක මහිමය පෙන්නා

හොරෙන් හොරෙන් ඔබ කැලෑ මලක් වෙත
කොහේ ඉඳන් ආවද බමරෝ
හොරෙන් හොරෙන් ඔබ කැලෑ මලක් වෙත
කොහේ ඉඳන් ආවද බමරෝ
මල නොතලා පැණි බී රොන් අරගෙන
මල් වනයෙම සැනසෙන් බමරෝ
මල් වනයම ඔබගෙයි බමරෝ

තානත් තනම් දෙන
තානත් තනම් දෙන
තානත් තනම් දෙන
තානත් තනම්

සිප ගෙන ගංගා එන මද පවනේ
ආදරයක එලියක් හිත බැඳුනේ
හොඔ ඔඔ ඕ ඔඕ...
හොඔ ඔඔ ඕ .... ඕ ...
සිහින ලොවේ නැළවෙන හඳපානේ
ප්‍රීතිය මේකයි ගම්මානේ

පිපෙන මලෙක සුවඳ දෙන්නෙ
අඹ දඹ රඹ රස කරන්නෙ
මුකුලු සිනා ඔප කරන්නෙ ආදරේ
ඔව් බටිති මලිති ගී ගයන්නෙ
ටිකිරි ටිකිරි ලියො රඟන්නෙ
ගමට බිමට එළිය දෙන්නෙ ආදරේ

හහහ් හහහ් හහහ් හහහ් හා හා
හහහ් හහහ් හහහ් හහහ් හා හා

ජීවනයම සුවඳයි අද මාගේ
නාඹර සුදු සමන් මලක් වාගේ ..///

හහහ් හහහ් හහහ් හහහ් හා හා
හහහ් හහහ් හහහ් හහහ් හා හා
හහහ් හහහ් හහහ් හහහ් හා හා
හහහ් හහහ් හහහ් හහහ් හා හා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Mal Mal Mal Song Lyrics - මල් මල් මල් මල් ගීතයේ පද පෙළ Mal Mal Mal Mal Song Lyrics - මල් මල් මල් මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 22, 2021 Rating: 5

0 comments:

Post a Comment