රුවන්වැල්ලේ තමා මේ අම්බලම තියෙන්නේ..
ලංකාවේ පැරණි අම්බලම් අතර විශාලතම අම්බලම ලෙස මෙය සැලකෙනවා..
අම්බලම ඉදිකිරීම පිළිබඳ පසුබිම එහි ඇති සමරු ඵලකයේ මෙහෙම සඳහන් වෙනවා..
"ඒ අනුව 1892-1896 අතර කාලයේ කෑගල්ල දිස්ත්‍රික්කය පාලනය කළ සහකාර ඒජන්තවරයාගේ බිරිඳ වූ ලිලී හැරියට් ඩේවිඩ්සන් නම් සුදු ජාතික කාන්තාව සිහිවීම පිණිස ඇගේ ශ්‍රී ලාංකික මිතුරන් විසින් අම්බලම ඉදි කර ඇත." යනුවෙනී...
ලිලීගේ මරණය සිදුව ඇත්තේ 1901දී වන බැවින් අම්බලම ඉදි වන්න ඇත්තේ ඉන් පසුවයී.. ඉදි කෙරුණු වර්ෂයක් ඵලකයේ සඳහන් නොවේ..
රුවන්වැල්ල ජුබිලි අම්බලම දැව කණු 16 ක් මත ශක්තිමත් බාල්ක යොදා ඉදි කර ඇති අතර පසුපස කොටස කාමර දෙකකින් සමන්විත වෙනවා..
දැව කණු අලංකා මෝස්තර කැටයම්, පේකඩ සහිතව නිර්මාණය කරලා තියනවා...
දැව සඳහා කොස් දැව භාවිතා කර ඇති අතර වහලය පෙති උලු සෙවිළි කර කොත් දෙකක් සහිතව නිර්මාණය කර තිබෙනවා...
අම්බලම ඉදිකිරීම සම්බන්ධ ජනප්‍රවාද තොරතුරු අනුව අම්බලම ඉදි කිරීමට මුල් වූ සහකාර ඒජන්තවරයාගේ දේශීය මිතුරන් විසින් දැව කණු සඳහා කොස් ගස බැගින් ප්‍රදානය කළ බවත් ඒ බව සෑම දැව කණුවකම පිත්තල පුවරුවක ප්‍රදානය කළ අයගේ නම සඳහන් කර තිබීම විශේෂයි...
ඒ අනුව පැහැදිලි වන්නේ කොස් ගස් ප්‍රදානය පමණක් නොව ඔවුන් මෙම ස්මාරකය ඉදිකිරීමේ බරපැන ද දරන්නට ඇති බවයි.
ඒ සඳහා දායක වූ පිරිස අතරට මාපිටිගම රටේ මහතා, නුගවෙල රටේ මහතා, මීදෙණියේ රටේ මහතා, එක්නැලිගොඩ කෝරළේ, පරුස්සැල්ලේ කෝරළේ, බටංගල කෝරළේ, මුණසිංහ ආරච්චි, ඉඹුලානේ ආරච්චි, හාතාගොඩ ආරච්චි, හෙලවග්ග කෝරළේ, වැන්දල කෝරළේ, චාල්ස් ස්ටුවට්, ලේන මරික්කාර් යන අය මෙම ප්‍රභූවරු අතරට එක් වේ.
මෙම නම් සහිත පුවරු අතරින් වර්තමානයේ කිහිපයක් පමණක් ශේෂ වී ගිහින්...
එසේම අම්බලම ඉදිකිරීම සඳහා උලු ගඩොල් පෙදරේරුවන් ගඩලාදෙණියෙන් ගෙන්වා ගත් බවට ජනප්‍රවාදයේ වැඩිදුරටත් සඳහන් වෙනවා..
විසිවන සියවස උදාවේ ජුබිලි අම්බලම තැනෙන විට කොළඹ සිට මහනුවරට රුවන්වැල්ල හරහා විහිදුණු රජ මාවත 1832දී භාවිතයෙන් ඉවත්ව බොහෝ කල් ගත වී තිබුණා...
එහෙත් රුවන්වැල්ල හරහා වේයන්ගොඩට හා කෑගල්ලට ගමන් කළ මඟීන්ට අම්බලම බෙහෙවින් ප්‍රයෝජනවත් වූවාට සැකයක් නැහැ..
පින්තූර මුල් හිමිකරු සතුයි🙏📸 Travel for Education
0 comments:
Post a Comment