ජෙලි යෝගට් මූස් හදමු (Jelly Yogurt Mousse)

ජෙලි යෝගට් මූස් හදමු (Jelly Yogurt Mousse) - Your Choice Way

දවල්ට කැම කාපු අය එන්න ඩෙසට් කන්න . මම අද තවත් රසවත් ඩෙසට් එකක් ගෙනාවා . ජෙලි යෝගට් මූස් . හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න . අමු ද්‍රව්‍ය දෙකයි .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ජෙලි පැකට් 1 
  • යෝගට් කප් 2 
  • උතුරන වතුර  400ml (රත් වු වතුර)
  • ස්ප්‍රින්කල්ස්, එඩිබල් බීඩ්ස්  හෝ කජු ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයකට උතුරන (රත් වු වතුර) වතුර දමා ජෙලි පැකට් 1 දමා හොඳින් දිය කරන්න . පැණි රස අවශ්‍ය නම් සීනි ටිකක්  එකතු කරන්න. මම නම්  දැම්මේ නැහැ . 
  2. දැන් මේ ජෙලි මිශ්‍රණය හොඳින් නිවන්න.
  3. තවත් තරමක බෝල් එකකට යෝගට් කප් 2 දමා ව්සික් එකකින් ව්සික් කරන්න . විස්ක් එකක් නැත්නම් ගැරුප්පුවකින් ගසන්න . 
  4. නිවාගත් ජෙලි මිශ්‍රණය සහ යෝගට් මිශ්‍රණය බ්ලෙන්ඩර් එකට දමා විනාඩි 5 පමණ ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරන්න . 
  5. අවසානෙට තමන් කැමති කප් හෝ ට්‍රේ එකකට දමා සෙට් වෙන්න ශිත කරනයේ තබන්න . මම පොඩි කප් 3කට දැම්මා . පැය 1 වගේ යනවිට මෙය  සෙට් වෙනවා . 
  6. පසුව උඩ ස්ප්‍රින්කල්ස්, එඩිබල් බීඩ්ස්  හෝ කජු දමා සරසා ගන්න.  

හදලා බලන්න කෝ .

Dhammika Panangala (ධම්මිකා පනංගල)
ජෙලි යෝගට් මූස් හදමු (Jelly Yogurt Mousse) - Your Choice Way

ජෙලි යෝගට් මූස් හදමු (Jelly Yogurt Mousse) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජෙලි යෝගට් මූස් හදමු (Jelly Yogurt Mousse) ජෙලි යෝගට් මූස් හදමු (Jelly Yogurt Mousse) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 17, 2021 Rating: 5

0 comments:

Post a Comment