තනි වුවන් සොයා එන බෝඩිමේ අවතාරය (Hostel)

තනි වුවන් සොයා එන බෝඩිමේ අවතාරය (Hostel) - Your Choice Way
මේ සිද්ධිය උනේ මීට වසර අටකට විතර කලින්,,, මගේ යාළුවෝ ටිකක් බෝඩ් වෙලා හිටියා කටුබැද්දේ කැම්පස් රෝඩ් එකේ,,, ඔක්කොම ජර්මන් ටෙක් එකේ කෝස් කරන අය,,,

මම සමහර දවස්වලට ඒ බෝඩිමට ගිහිල්ලා රෑට ඉදලා යාළුවෝ එක්ක විනෝද වෙලා එනවා,,, ඒ බෝඩිම තට්ටු දෙකේ ගෙදරක්,, බොඩිමේ අංකල් රෑ එකොලහට ගේට් එක එලියෙන් ලොක් කරලා යනවා,,,

දවසක් සිකුරාදා මම එහෙ ගියා,,, ගියාට පස්සෙයි මට මතක් උනේ සෙනසුරාද ඉරිදා ටෙක් එක නිවාඩු නිසා ඔක්කොමලා ගමේ යනවා කියලා,,, ඒ වෙද්දි රෑ නවයට විතර,,, ආපහු යන්න කම්මැලිකමට මම උඩ තට්ටුවේ පොඩි කාමරේ ඇරගෙන නිදාගන්න සෙට් උනා,,,

අංකලුත් දහයට විතර ඇවිල්ලා මාත් එක්කත් කතා කරලා ගේට් එක ලොක් කරලා ගියා,,, දැන් මුළු ගෙදරම ඉන්නේ මම විතරයි,,, මම ඉන්න කාමරේ පොඩි කාමරයක්,,, කාමරෙන් එලියට ආව ගමන් වැරැන්ඩා එක,, ඒක බිමට කොන්ක්‍රීට් දාල ටයිල් කරලා නෑ,,, දෙපැත්තෙම ගෙවල් දෙකක බිත්තිවලින් කවර් වෙලා කාටවත් එන්නත් බෑ,,, ගේට් එක උඩින් පැනලා ආවත් උඩ තට්ටුවට එන්න බෑ ,,, මොකද පඩිපෙල තියෙන්නේ ගේ ඇතුලෙන්,,, කිසිම සද්දයක් වටපිටාවේ නෑ,,,

මම කාමරේ දොර වහගෙන ෆිල්ම් එකක් බල බල හිටියේ,,, ටික වෙලාවකින් ඒක බෝරින් වගේ,,, ඒ නිසා මම නිදාගන්න හැදුවට නින්ද ගියේ නෑ,,, මම ඉතින් ඇදට වෙලා කල්පනා කර කර හිටියා,,,

මෙහෙම ඉන්නකොට දොළහමාරට විතර එලියේ වැරැන්ඩා එකේ කවුරු හරි ඇවිදිනවා සද්දේ ඇහෙනවා,,, හොදට අඩි සද්දේ ,, මම හිතුවේ අංකල් කියලා,,,

මම අංකල් කියලා කතා කරා,,, ඒත් කවුරුත් කතා කරේ නෑ,,, දිගටම අඩි සද්දේ,,, හරියට හයියෙන් කකුල් පොළොවේ ගහලා ඇවිදිනවා වගේ සද්දේ,,, මම දොර ඇරලා එලියට ආවා,,, කිසිම සද්දයක් නෑ,,, මම ඊට පස්සේ ආයෙ ඇදට ගියා,,,,

ආයෙ ටිකකින් අඩි සද්දෙ එක්ක කවුද උරුවම් බානවා,,, දොර ලගම සද්දේ ඇහෙන්නේ ,, මට මේක ලොකු අවුලක්,,, කවුද කියලා බලාගන්න මම හෙමීට ඇදෙන් නැගිටලා එක පාරම දොර ඇරියා,, කවුරුත් නෑ,,,,

මම ආයෙත් දොර වහලා නිදාගන්න ට්‍ර්‍යි කලා,,, ආයෙ ටිකකින් ප්ලාස්ටික් කෝප්පෙකින් කොන්ක්‍රීට් එක හූරනවා වාගේ ක්‍රාස් ක්‍රාස් ගාල සද්දේ,,,, ඒ පාර මම ටිකක් බය උනා,,, මම එහෙම්ම ඇදට වෙලා හිටියා,,,

එක පාරම කාමරෙ ඇතුලේ බාතෲම් එකේ ටැප් එකෙන් වතුර යනවා ,,,, එක පාරම කවුරු හරි ටැප් එක ඇරියා වාගේ,,,, මම නැගිටලා බාතෲම් එකට ගියා,,, ඒත් කිසිම දෙයක් නෑ,,, පොලවෙත් වතුර බින්දුවක්වත් නෑ,,,.

ඒ පාර මම ආයෙ එලියට ගියේ නෑ ,,, ටිකකින් මට නින්ද ගියා,,,, පහුවෙනිදා මම මගෙ යාළුවෙක්ට කෝල් කරලා මේ සිද්ධිය කිව්වා,,, එතකොට තමා එයා කිව්වේ,,,

ඒ කාමරේ වයසක මනුස්සයෙක් බෝඩ් වෙලා ඉදලා,,,, ඒ මනුස්සයා කාමරේ ඇතුලෙම මැරිලා,,, බොඩි එක කුනු වෙලා ගද ගහද්දි තමාලු කට්ටිය දන්නේ,,,, මම නිදාගෙන ඉදලා තියෙන්නේ ඒ මනුස්සයා මැරුන ඇදේලු,,,, කට්ටිය ඉද්දි අවුලක් නෑලු,,,, හැබැයි තනියම කවුරු හරි ඉන්නකොට ඔය වගේ සද්ද ඇහෙනවලු,,,,,

ඉතින් ඕකයි මගෙ කථාව...
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තනි වුවන් සොයා එන බෝඩිමේ අවතාරය (Hostel) තනි වුවන් සොයා එන බෝඩිමේ අවතාරය (Hostel) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 13, 2021 Rating: 5

0 comments:

Post a Comment