ඌරු මස් කාලා යන්තරේ බල බිඳිලා (Hostel)

ඌරු මස් කාලා යන්තරේ බල බිඳිලා (Hostel) - Your Choice Way
මේ සිද්ධියත් බෝඩිමකදි සිදුවුණ දෙයක්.බෝඩිම පරණ නිවසක්.එහි හිමිකරු පදිංචි ඒ අසලමයි.ඔහු විසින් ඇතිකළ කුකුළන් කිප දෙනෙක් අපේ බෝඩිමේ හිටියා.මේ කාරණය කිව්වෙ කතාවට සම්බන්ධ නිසයි.

එදා මට මතක විදියට නිදහස් දිනයක්.නිවාඩු දිනයක් නිසා ගොඩක් අය ගෙවල් වලට ගිහින්.දුර පළාත් වල ඉඳල ආව අපි 4-5දෙනෙක් ගෙදර නොගියෙ එක දවසකට ගිහින් තේරුමක් නැති නිසා.

ඉතින් හැන්දෑවෙ කට්ටිය නාල කරල ඉවර වුනාම කොහෙදෝ තිබුණ බෝතලයක් එළියට වඩම්මල තිබුණා.කට්ටිය හැමදාම සෙට් වෙන එළියෙ ගහ යට සිසිල් සෙවණෙ ඔන්න කට්ටිය වැඩ පටන් ගත්තා.මං ඉතින් අමද්‍යප නිසා ගෙනත් තිබුණ කඩලයි බැදපු මාළුයි කමින් උපරිම සහයෝගෙ දුන්නා.දැන් ඉතින් සළු වේගෙන එන වෙලාව.

කියන්න අමතක වුණා.ඔතන ඌරු මස් තිබුණා.ඌරු මස් නොකන අයත් හිටියනෙ මං ඇතුළුව.ඉතින් ඒක ගොඩක් ඉතිරියි.ඔතන හිටියා එකෙක්.ඌ ගෙදර ගිහින් ආපහු එද්දි සුරයක් දාගෙන ඇවිත් හිටියා.ඇයි ඇහුවට කිව්වෙ නැ.මිනිහත් ඌරු මස් කන්නෙ නෑ සුරේ නිසා.

ඉතින් ඔන්න දැන් හොඳ සිහිය තියෙන්නෙ මටයි වොචර් අංකල්ටයි විතරයි.එයා බල්ලට බත් දීල එන්නම් කියල නැගිට්ටා.බල්ලට කෑම දාන තැන එහා පැත්තෙ තමයි රෙදි වැල තිබුණෙ.මිනිහා බල්ලට කෑම දීල ගේට්ටුවත් ලොක් කරල ඇවිත් මගෙන් ඇහුවා"වැලේ තිබුණ ඇඳුම් ඇතුලෙන් දැම්මද?" කියලා.

මොකද අන්තිමටම නාලා රෙදි හේදුවේ මං.මං කිව්ව නෑ කියලා."මාර වැඩේ මගෙ යට කලිසම වනල තිබුණා ඒක නෑනෙ"මිනිහා කියාපි.බල්ලා ගෙනියන්නෑ කියලා 200%ක් ෂුවර්.වෙන්න දේකුත් නෑනෙ.ඉතින් කට්ටිය වෙරි මතේම යට කළිසම හොයන මිෂන් එකට බැස්සා.වෙලාව රෑ 9.00ට විතර ඇති ඒ වෙලාවෙ.ගේ වටෙයි ඇතුළෙයි දැන් හොයනවා.අර සුරේ දාපු මෑන් එක පාරම කෑගැහුවා"මෙන්න මෙහේ"කියලා.මිනිහා හිටියෙ ගේ පිටිපස්සෙ ලොකු ගහක් යට.ඒ කෑ ගහනවත් එක්කම එකපාරම ලයිට් ගියා.අරූ එක වරම යටිගිරියෙන් හූ කිව්වා.කට්ටියගෙ වෙරි හිඳිල දැන්.දුවල ගියා කට්ටියම එතන්ට.මූ වැට අල්ලගෙන ඇස් උඩ ඉන්දගෙන මොනවද කියවනවා අසිහියෙන් වගේ.මං ගිහින් අතින් අල්ල ගත්තා."කසුන් කසුන්"කියලා කතා කළත් මෑන් නෙවෙයි හොඳ සිහියට ආවෙ.ඒ එක්කම වොචර් අංකල් ටෝච් එක ගැහුවා බිමට.අර යට කළිසම එතන බිම තියේ.හැබැයි ඒකෙ ලේ ගෑවිලා.ඊට ටිකක් ඉස්සරහ ලොකු රතු කුකුළා බෙල්ල කඩල මරල දාලා.........!

ඒ එක්කම ලයිට් ආවා.අරූ තාම කියවනවා.මායි අල්ලගෙන හිටි අනිකවයි ඇදගෙන මූ යන්න දඟලනවා.බොහොම අමාරුවෙන් කාමරේට ගිහින් දැම්මා.වොචර් ඇඳේම ඉඳගෙන පිරිත් කියන්න පටන් ගත්තා.දැන් මෑන්් සන්සුන්.ඒ අතරෙ අපි ආවා කාපු බීපුවා අස් කරන්න.මාර වැඩේ එතන ඌරුමස් දීසිය නෑ.හොයපංකෝ දැන් ඒක....හොයද්දි වැට මුල්ලක මෙන්න තියේ.හැබැයි කෑලි 3 කට කැඩිලා.මස් ටිකට මොනා වුණාද නෑ...ඕන රෙද්දක් කියලා අපි කට්ටිය ආපහු ගෙට ආවා.ලොකු දෙයක් අරූ නිදි.අපිත් ඉතින් ඇලට් දැම්මට කාටවත් හරියට නින්ද නෑ.

මං අඩ නින්දෙ හිටියෙ.රෑ දෙගොඩහරියෙ අරූ ආයෙමත් හූ තිබ්බා.කට්ටියට අයෙත් උඩ ගිහින් ඇහැරුණා.මූ දොර අරින්න ට්‍රයි එක.වැඩේ හරියන්නැති නිසා අමාරුවෙන් මේකාව ඇදගෙන පන්සලට ගියා.පන්සල තියෙන්නෙ ළඟ හොඳ වෙලාවට...හාමුදුරුවෝ පිරිත් කියල නූලක් ගැටගහල පිරිත් වතුර ටිකක් බොන්න දුන්නට පස්සෙ ඔන්න වැඩේ හරි යන්තම්...

පහුවදා උදේ නැගිට්ටම සිද්දිය පැහැදිළි වුනේ.මේකට ගෙදරදිත් මොකක් හරි සීන් එකක් වෙලා.මූ ගෙදර නැතුව හොයද්දි වත්ත පහළ සිහි නැතුව වැටිල ඉඳලා.ඉට පස්සෙ තමයි සුරේ දාල තියෙන්නෙ.මේකා එදා පෙරේත කමට ඌරු මස් කාලා.ඉතින් යන්තරේ බල බිඳිලා.එදා ගහ ගාවට යද්දී මූ දැක්කලු කළුම කළු මිටිම මිටි මීනිහෙක් අර කුකුළවත් අතේ තියාගෙන මූට විරිත්තගෙන ඉන්නවා.

පස්සෙ ඉතින් ගෙදර ගිහින් ආයෙම යන්තරේ දාගෙන ආවා.පස්සෙ ඉතින් මොන හෙණයක්වත් නෑ....!
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඌරු මස් කාලා යන්තරේ බල බිඳිලා (Hostel) ඌරු මස් කාලා යන්තරේ බල බිඳිලා (Hostel) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2021 Rating: 5

0 comments:

Post a Comment