Gamana Nonimei Lokaye Song Lyrics - ගමන නොනිමෙයි ලෝකයේ ගීතයේ පද පෙළ

Gamana Nonimei Lokaye Song Lyrics - ගමන නොනිමෙයි ලෝකයේ ගීතයේ පද පෙළ
Song Title : Gamana Nonimei Lokaye (ගමන නොනිමෙයි ලෝකයේ)
ගායනය : නාරද දිසාසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි
ගී පද : චන්ද්‍රරත්න මානවසිංහ
සිකුරු තරුව චිත්‍රපටියෙන්


ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මංතලේ
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ //

වැටෙන මල් පෙති පාවුණාවේ
සුළං රැළි ඔහෙ යන අතේ
යළිත් ගහ කොළ පාළු නෑනේ
රිකිළි නංවා ලියැලැවේ
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ

ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මංතලේ

කොහේද සීතල ජලාශයක රැළි
ගැටී ගැටී එයි සුළං වැදී
අපේම සිරුරේ අපේම දහදිය
නිවී නිවී යයි සුළං වැදී
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ

ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මංතලේ

ගලා බසී දිය පහර සෙමින්
වැලි තලා සදා සමතලා බිමේ
හැපී ගලක යළි සලා වැටුම් දී
නගා නගා හඬ දිවේ දිවේ
ගැටෙන සැප දුක මාරු වී
යයි පුරුදු ජීවන මං තලේ

ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මංතලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gamana Nonimei Lokaye Song Lyrics - ගමන නොනිමෙයි ලෝකයේ ගීතයේ පද පෙළ Gamana Nonimei Lokaye Song Lyrics - ගමන නොනිමෙයි ලෝකයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2021 Rating: 5

0 comments:

Post a Comment