Atha Ahase Nage Dinidu Paya Song Lyrics - ඈත අහසේ නැඟේ දිනිඳු පායා ගීතයේ පද පෙළ


Song Title : Atha Ahase Nage Dinidu Paya (ඈත අහසේ නැඟේ දිනිඳු පායා)
ගායනය : සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි සේනාරත්න
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය : සිසිර සේනාරත්න
1965 දී තිරගත වූ හඳපාන චිත්‍රපටියේ ගීයකි.
1966 දී පැවති 3 වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂකට හිමි සම්මානය මෙම චිත්‍රපටියට හිමි විය.


ඈත අහසේ නැඟේ දිනිඳු පායා //
සීත සුළඟින් ගෙනාවේ ආදරේ
ආදරේ
ආදරේ සිහින ඡායා
ඈත අහසේ නැඟේ දිනිඳු පායා

තරුණ ගොයමින් ගමේ වෙල් සිනාවේ
කවුරු සනසන්නදෝ මේ වෙලාවේ

පුරුදු ගතියයි කැලෑ මල් ගෙනාවේ
ලොවම සුවඳින් පිරේ වාසනාවේ
කවුද මට මේ සුවය දුන්නේ //
හැංගි හැංගි පෙනේ රූප ඡායා
ඈත අහසේ නැඟේ දිනිඳු පායා

ගොපලු දරුවන් ගැයූ බට නළාවේ
මිහිර කවුදෝ අනේ මේ ගෙනාවේ

අඳුරු යුගයක් ගෙවූ වේදනාවේ
සුවය ලැබුවා ඔබේ මල් හිනාවේ
කඳුළු ගංගා සිඳී යන්නා //
කවුද ඇන්දේ හදේ රූප ඡායා
ඈත අහසේ නැඟේ දිනිඳු පායා

ඈත අහසේ නැඟේ දිනිඳු පායා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atha Ahase Nage Dinidu Paya Song Lyrics - ඈත අහසේ නැඟේ දිනිඳු පායා ගීතයේ පද පෙළ Atha Ahase Nage Dinidu Paya Song Lyrics - ඈත අහසේ නැඟේ දිනිඳු පායා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 22, 2021 Rating: 5

0 comments:

Post a Comment