මියගිය සුනිල් පෙරේරා ලන්ඩනයෙන් ජනතාව අතරට එන්න සූදානම් ..❤️ (Sunil Perera)

මියගිය සුනිල් පෙරේරා ලන්ඩනයෙන් ජනතාව අතරට එන්න සූදානම් ..❤️ (Sunil Perera)
අද අපි කියන්න ‍යන්නේ කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර තරුවක් වූ ජීප්සීස් සංගීත කණ්ඩායමේ නායක අභාවප්‍රාප්ත සුනිල් පෙරේරා මහතාගේ ඉටි රූපය ගැන..

ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර මැඩම් ටූසාඩ් කෞතුකාගාරය සුනිල් පෙරේරාගේ ඉටි රූපයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකීය ව්‍යවසායකයෙකු වන ෆලීල් මරික්කාර් මහතාගේ සංකල්පයකට අනූවයි.

ලොව වැඩිම සංචාරක ආකර්ශනයක් සහිත ස්ථානයක් වන ලන්ඩනයේ මැඩම් ටූසාඩ් කෞතුකාගාරය, 1835 වසරේදී විවෘත කෙරුණා.

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයින් ද ඇතුලුව ලොව කීර්තිමත් පුද්ගලයින් රැසකගේ ඉටි රූ වලින් එය සමන්විතයි.

එහි සුනිල් පෙරේරා මහතාගේ ඉටි රුවක් ඉදිකිරීම, ලාංකේය සංගීත කලාව ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීමට කදිම අවස්ථාවක් වනු නොඅනුමානයි.

මෙම කෞතුකාගාරයට එක්වෙන ප්‍රතම ශ්‍රී ලාංකීක ඉටිරුවද මෙයයි..
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මියගිය සුනිල් පෙරේරා ලන්ඩනයෙන් ජනතාව අතරට එන්න සූදානම් ..❤️ (Sunil Perera) මියගිය සුනිල් පෙරේරා ලන්ඩනයෙන් ජනතාව අතරට එන්න සූදානම් ..❤️ (Sunil Perera) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 27, 2021 Rating: 5

0 comments:

Post a Comment