Raa Ahasa Pura Sihila Sada Song Lyrics - රෑ අහස පුරා සිහිල සදා ගීතයේ පද පෙළ

Raa Ahasa Pura Sihila Sada Song Lyrics - රෑ අහස පුරා සිහිල සදා ගීතයේ පද පෙළ
Song Title : Raa Ahasa Pura Sihila Sada (රෑ අහස පුරා සිහිල සදා)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : ජයලත් මනෝරත්න
සංගීතය : ලක්ෂ්මන් විජේසේකර
1985 වසරේදී මුල් වරට රංගගත "පුත්‍ර සමාගම" නාට්‍යයෙනි.


රෑ අහස පුරා සිහිල සදා
සඳ සේ ඔබ පායා දිලෙනා
අඳුරට වී තනිවී මේ යාමයේ
ඔය තරු නෙතේ
නැළවෙමිදෝ කෙසේ

ජීවිතයේ මීවිත මේ
ආදරයේ ගීතය සේ
දෑසට යා වුණ රූබර රෑ තරු වී
අනුරාගිනියේ
කෝ කඳුළ ඔබේ

රෑ අහස පුරා සිහිල සදා
සඳ සේ ඔබ පායා දිලෙනා
අඳුරට වී තනිවී මේ යාමයේ
ඔය තරු නෙතේ
නැළවෙමිදෝ කෙසේ

රෑ නිමවේ ඈ හිනැහේ
ලා අරුණේ මීදුම සේ
ලෝකය මා ළඟ සීනෙකි මා දෙනෙතේ
අනුරාගිනියේ
කෝ ගීය ඔබේ

රෑ අහස පුරා සිහිල සදා
සඳ සේ ඔබ පායා දිලෙනා
අඳුරට වී තනිවී මේ යාමයේ
ඔය තරු නෙතේ
නැළවෙමිදෝ කෙසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raa Ahasa Pura Sihila Sada Song Lyrics - රෑ අහස පුරා සිහිල සදා ගීතයේ පද පෙළ Raa Ahasa Pura Sihila Sada Song Lyrics - රෑ අහස පුරා සිහිල සදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 21, 2021 Rating: 5

0 comments:

Post a Comment