කෙනෙක් අකමැති කෙනෙක් කැමති ගුණදායක රසවත් පලතුර දූරියන් (Durian)

කෙනෙක් අකමැති කෙනෙක් කැමති  ගුණදායක රසවත් පලතුර දූරියන් (Durian) - Your Choice Way
මේ දිනවල හැම හැම තැන ම දූරියන් දැකිය හැකි වුව ද, ඒවායේ ඇති අමිහිරි ගන්ධය නිසා ම, වැඩි දෙනෙක් මේ පලතුර කෑමට දක්වන්නේ තරමක අකමැත්තකි. එහෙත්, දූරියන්වල සැබෑ ගුණ දන්නා උදවිය නම්, කොතැන දැක්කද දූරියන් කෑමට දෙපාරක් හිතන්නේ නැත. ඉතාම රසවත් පලතුරක් වන දූරියන්වල පෝෂණීය ගුණය වගේ ම, ඖෂධීය ගුණය ද බොහෝ ය.

දූරියන් යනු බර ආහාරයක් නොවන නිසා, දිරවීම පහසු ය. කුඩා ළමයකු වුවත් දූරියන් ආහාරයට ගත්විට, ආහාර අජීරණයක් ඇති නොවේ. දවසේ ඕනෑම වේලාවක ආහාරයට ගැනීමට සුදුසු දූරියන්, ශරීරයේ නිසි බර පවත්වා ගැනීමට බෙහෙවින් ම උපකාරි වේ. එසේ ම, අඩු බර සහිත දරුවන්ගේ බර වැඩි කර ගැනීම සඳහා ආහාරයට ගත යුතු සුදුසු ම ආහාරයක් විදිහට දූරියන් හැඳින්විය හැකි ය.

දූරියන්, අධි ප්‍රෝටීනමය ආහාරයකි. මේ ප්‍රෝටීන පහසුවෙන් ජීරණය කළ හැකි ය. ශරීරයේ මාංශ පේශි වර්ධනය සඳහා ද මේවා උපකාරී වේ. මාංශ පේශිවල මනා ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් වන විටමින් කාණ්ඩ මෙහි අඩංගු ය. එසේ ම, විටමින් සී ඇතුළු ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග බොහෝමයක් ද මේ පලතුරෙහි අඩංගු වේ. පිළිකා හට ගැනීමේ අවදානම අවම කිරීමටත්, ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරමින්, නිරෝගීව තැබීමටත්, ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති මේ පලතුරට හැකියාවක් ඇත. දූරියන් තන්තුමය ආහාරයකි. එබැවින්, මළබද්ධය ඇති වීම වැළකේ. එසේ ම, දූරියන් ආහාරයට ගැනීමෙන්, බඩවැල් ආශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා අවධානමෙන් ද මිදීමට හැකි ය.

මෙහි අඩංගු ෆෝලික් ඇසිඩ්, යකඩ සහ කොපර් මඟින්, ශරීරයේ රතු රුධිර සෛල ප්‍රමාණය වැඩි කිරීමට දායකත්වයක් ලබා දෙයි. එමඟින් රක්තහීනතාව ඇති වීම ද වැළකේ. මේවා ආහාරයට ගැනීමෙන්, හෘදය නිරෝගීව තබා ගැනීමට හැකි වේ. අධි රුධිර පීඩනයෙන් පීඩා විඳින අයට , දූරියන් හොඳ ඔසුවකි. දූරියන්වල කොලෙස්ටරෝල් අඩංගු නැත.

අස්ථිවල වර්ධනයට සහ නිරෝගීමත් බව සඳහා වැදගත් වන කැල්සියම්, මැන්ගනීසියම්, පොටෑසියම්, කොපර්, පොස්පරස් වැනි සංඝටක අඩංගු වීම නිසා, අස්ථිවල ශක්තිමත් බවට හා නීරෝගීමත් බවට ද මේවා බෙහෙවින් ම වැදගත් ය. එමඟින් ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ බොහෝ රෝගාබාධ වැළඳීම වළකයි. දූරියන් ආහාරයට ගැනීමෙන් පුරුෂයන්ගේ මෙන් ම කාන්තාවන්ගේ ලිංගික ශක්තිය වර්ධනය වේ. ඉදුණු දූරියන් ග්‍රෑම් 100ක ශක්තිය කිලෝ කැලරි 150ක් පමණ අඩංගු ය. එබැවින්, මේ පලතුර, ශක්තිජනක ආහාරයක් ලෙස ද හැඳින්විය හැකි ය.

ඊ කාණ්ඩයේ විටමින අපේ ශරීරයට අත්‍යවශ්‍ය සේ ම, ඉතාමත් ම වැදගත් ය. ඒවා හෘදයේ, සමේ සහ ස්නායු පද්ධතියේ නිරෝගීමත් බවට බොහෝ සෙයින් දායක වේ. දූරියන්වල ඊ කාණ්ඩයේ විටමින වැඩි ප්‍රතිශතයකින් අන්තර්ගත වීම ද විශේෂත්වයකි. අවිවේකී බව සහ අසහනය නිසා හටගන්නා මානසික ආතතිය හේතුවෙන් නින්ද නොයෑමේ ගැටලුවලින් පීඩා විඳින්නන්ට, දූරියන් ආහාරයට ගැනීමෙන් යම් සහනයක් ලබාගත හැකි ය. මෙවැනි බොහෝමයක් ගුණ ඇති, රසවත් දූරියන් ආහාරයට ගැනීමට ඉඩ ලැබෙන්නේ, අවුරුද්දේ එක කාලයකට පමණයි. ඒ නිසා, දුටු තැනකදී දූරියන් ආහාරයට ගන්න දෙවතාවක් සිතිය යුතු නැත...

දූරියන් කන්න කලින් මේකත් කියවන්න.....

ගෙඩියේ විශාලත්වය, කටු සහිත බව සහ එයටම අවේණික වූ සුවද හේතුවෙන් දූරියන්  ‘‘පළතුරු ලොවේ රජු“ ලෙස හදුන්වයි. අග්නිදිග ආසියාවට ආවේණික පළතුරක් වන දූරියන් මේ වන විට බටහිර රට වලත් ප්‍රචලිතව ඇත. මෙම පළතුරෙහි ඇති විශේෂත්වය වන්නේ එහි ඇති ආවේණික සුවදයි. මෙම සුවද ඇතැමෙකුට ඉතාමත් අප්‍රිය ජනක වන අතර සමහරුන් ඉතාමත් ප්‍රිය කරයි. කොහොම වුනත් දූරියන් කන අය නම් කියන්නේ මෙය ලෝකයේ ඇති රසවත්ම පළතුර බවයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දුරියන් ප්‍රබේධය ‘‘කසුන්‘‘ ලෙස නම් කර තිබෙනවා.

දූරියන් වල ඇති ආවේණික සුවද ඇතැම් අයට ඉතාම අප්‍රිය නිසා සමහර රටවල හෝටල්, පොදු ප්‍රවාහන සේවා උමං මාර්ග වලට මෙම පළතුර රැගෙන ඒම පවා තහනම් කර ඇත.

01. සාමාන්‍යයෙන් අඩියක් පමණ දිග අ`ගල් 6ක් පමණ පළල වන මෙම පළතුර වැඩි වශයෙන් ප්‍රචලිත වී ඇත්තේ දකුණු හා ගිණිකොන දිග ආසියානු රටවලයි.

02. ඉතාමත් ශක්තිජනක ආහාරයක් වන දූරියන් වලින් සිරුරට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් අඩංගු වේ.

03. දූරියන් වල අඩංගු වන ෆෝලික් ඇසිඞ් මගින් සිරුරට අවශ්‍ය රතු රුධිරානු වර්ධනය කිරීමට උපකාරී වේ.

04. සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් රහිත පළතුරක් වන දූරියන් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම සමබරව තබාගත හැකි වේ.

05. දූරියන් ගෙඩියක් ගසෙන් වැටීමෙන් පසු දවස් 2ත් - 4ත් අතර කාලයක් අතර ආහාරයට ගැනීමට වඩාත් සුදුසු වේ. එම කාලය තුළ ආහාරයට ගැනීමෙන් එහි අඩංගු පෝෂ්‍යපදාර්ත නිසි පරිදි ලබා ගත හැක.

06. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ දූරියන් ආහාරයට ගැනීමෙන් පසු ලිංගික සංසර්ගයේ යෙදීමෙන් සාර්ථක ප්‍රථිපල නෙලාගත හැකි වන අතර ශුක්‍රානු වල ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමකට පත් කරයි.

07. මෙහි අඩංගු විටමින් බී නිසා සිරුරේ අස්ථි හා දත් වල ශක්තිමත් භාවය වැඩි වන අතර ඔසිටියෝපරෝසිස් වැනි රෝග වලින් වැලැක්වී සිටිය හැකි වේ.

08. ස‍ම පැහැපත් කිරීමට හා නිරෝගීමත් කෙස් කළඹක් ලබා ගැනීමට දූරියන් ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබේ.
09. 1960 පිලිපීනයේ කැලෑ වල තිබී කටු රහිත දූරියන් විශේෂයක් සොයාගන්නා ලදී. මෙය බොටක් දූරියන් (තට්ට දූරියන්) ලෙස හදුන්වයි.

10. අප රටේ දක්නට ලැබෙන දූරියන් වලට අමතරව රතු පැහැති සහ තැඹිලි පැහැති මාංශල සහිත දූරියන්ද වෙනත් රටවල දක්නට ඇත...

දූරියන් වගාව....
උද්භිද විද්‍යාඥයන්ගේ සඳහන් කරන ආකාරයට දූරියන් ශාකයේ ඡන්ම භූමිය ලෙස සලකනු ලබන්නේ මලයාසියාව යි. ඔවුන් කටුව යන්න හැඳින්වීම සඳහා ඩූරි යන නම භාවිතා කිරීම ඊට හොඳම සාක්ෂිය යි. නමුත් ලංකාවට දූරියන් නම් පළතුර ලැබී තිබෙන්නේ බුරුම රටෙන්. සාමාන්‍යයෙන් දූරියන් ශාකය හොඳින් වර්ධනය වීම සඳහා හිතකර දේශගුණික ලක්ෂණ තිබෙන්නේ නිවර්තන කලාපීය රටවල්වල යි. පහත දක්වා ඇත්තේ දූරියන් වගාව සඳහා හිතකර දේශගුණික ලක්ෂණ යි.

1) දූරියන් ශාකය වගා කිරීම සඳහා වඩාත් යෝග්‍ය වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 50-600ක් තරම් උසින් පිහිටි බිම් ප්‍රදේශ යි. 

2) දූරියන් වගාව සඳහා සෙල්සියස් අංශක 27-30 අතර ප්‍රශස්ත උෂ්ණත්වයක් පැවතිය යුතු යි.

3) වාර්ෂික වර්ෂාපතනය මි.මි. 2000-5000 පමණ පවතින ප්‍රදේශ දූරියන් වගාවට වඩාත් සුදුසු යි. එසේම සාපේක්ෂ ආර්ද්‍රතාවය 75-80% අතර පවතින ප්‍රදේශ දූරියන් වගාවට වඩාත් හිතකර යි.

4) හොඳින් ජල වහනය වන කාබනික ද්‍රව්‍ය හොඳින් අඩංගු ගැඹුරු වැලි ලෝම පසක් දූරියන් වගාව සඳහා වඩාත් සුදුසු යි. 

5) පොළොව මතුපිට සිට අවම වශයෙන් මීටර් 2ක් වත් ගැඹුරින් භූගත ජල මට්ටම පිහිටීම සාර්ථක වගාවක් සඳහා අවශ්‍යතාවයක් 

බහුලවම දූරියන් වගා කරන ප්‍රදේශ 
දැනට ලංකාවේ හොඳින්ම දූරියන් වැවෙන්නේ පහතරට සහ මැදරට තෙත් කලාප තුළ යි. ඒ අනුව ගම්පහ, ගාල්ල, කොළඹ, කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, මාතර, මාතලේ වැනි දිස්ත්‍රික්කවල දූරියන් ශාකය බහුලවම දක්නට ලැබෙනවා. මීටර් 600කට වඩා වැඩි උසකින් පිහිටි බිම්වලත් දූරියන් වගා කළ හැකියි. නමුත් එවැනි බිම්වල හැදෙන දූරියන් ගෙඩිවල ගුණාත්මකභාවය අඩු විය හැකියි. 

ලංකාවේ දක්නට ලැබෙන දූරියන් වර්ග 

ලංකාවේ පළතුරු භෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය විසින් වගාවන් සඳහා නිර්දේශ කර ඇති දූරියන්  ප්‍රභේද 5ක් පමණ තිබෙනවා. පහත දක්වා ඇත්තේ එම දූරියන් ප්‍රභේදයන් පිළිබඳව තොරතුරු යි.

ගන්නෝරුව ස්වීට්....
ගන්නෝරුව ස්වීට් ප්‍රභේදයට අයත් දූරියන් ගෙඩියක මඳයේ වර්ණය කහ පැහැයට හුරු තැඹිලි පැහැයක් ගනු ලබනවා. ඵලයක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 2-4.5ක් පමණ වනවා. මෙම වර්ගයේ දූරියන් පැණි රස ගතියෙන් වැඩියි. එසේම මෙම ප්‍රභේදයේ මාංශලය ඝනකමින් වැඩියි. මෙම ප්‍රභේදයේ දූරියන්වල මදය ඝනකමින් වැඩි නිසා මදුලුවල හැඩය වෙනස් වීමකින් තොරව ඉවත් කර ගත හැකියි.

කසුන්....
කසුන් ප්‍රභේදයට අයත් දූරියන් ගෙඩියක මඳයේ වර්ණය කහ පැහැයක් ගනු ලබනවා. ඵලයක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 1.6ක් පමණ වනවා. මෙම වර්ගයේ දූරියන් ගෙඩිවල මදුල වරකා ස්වභාවයක් ගන්නවා. එසේම මෙම වර්ගයේ දූරියන්වලට පාරිභෝගිකයන් වඩාත් රුචිකත්වයක් දක්වනවා.

හොරණ ජම්බෝ....
හොරණ ජම්බෝ දූරියන් ප්‍රභේදයට අයත් ගෙඩි කොළ දුඹුරු පැහැයෙන් යුක්ත යි. ගෙඩියක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 2.8ක් පමණ වනවා. මෙම ප්‍රභේදයේ දූරියන් ඵල විශාලත්වයෙන් වැඩියි. එසේම මෙම ප්‍රභේදයේ මාංශලය ඝනකමින් වැඩියි. නමුත් මෙම දූරියන් වර්ගයේ තිබෙන ගැටලුව වන්නේ අධික පුහු බීජ ප්‍රමාණයක් අඩංගු වීම යි.

අඹතැන්න....
අඹතැන්න ප්‍රභේදයට අයත් දූරියන් ගෙඩියක මදයේ වර්ණය ක්‍රීම් පැහැයක් ගනු ලබනවා. ඵලයක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 1.5ක් පමණ වනවා. මෙම වර්ගයේ දූරියන් ගෙඩිවල මදුල වරකා ස්වභාවයක් ගන්නවා. එසේම මෙම වර්ගයේ දූරියන්වලට වෙළඳපොළ තුළ හොඳ ඉල්ලුමක් තිබෙනවා.

හොරණ ගෝල්ඩ්....
හොරණ ගෝල්ඩ් දූරියන් ප්‍රභේදයට අයත් ගෙඩි ලා කොළ පැහැයෙන් යුක්ත යි. ගෙඩියක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 2.5ක් පමණ වනවා. මෙම ප්‍රභේදයේ දූරියන් ඵල විශාලත්වයෙන් වැඩියි. එසේම මෙම ප්‍රභේදයේ මාංශලය කහ පැහැයක් ගන්නා අතර එය ඝනකමින් ද වැඩියි.

දූරියන්වලට හානිකරන සතුන් සහ වැළඳෙන රෝග....
දූරියන්වලට ප්‍රධාන වශයෙන් හානි කරන කෘමීන් වර්ග 2ක් සිටිනවා. එසේම එක් දිලීර වර්ගයක් ද දූරියන්වලට හානි කරනවා. පහත දක්වා ඇත්තේ එම කෘමීන් සහ දිලීරය වගාවට හානි කරන ආකාරය සහ ඔවුන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට අනුගමනය කළ හැකි පියවර පිළිබඳව යි.

කඳ විදින පණුවන්...
මෙම පණුවන් විශේෂය ශාකයේ කඳ සිදුරු කර එය තුළින් ඉහළට ගමන් කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්  අත්ත වියළී මැරී යනවා. එය පාලනය කිරීම සඳහා ශාකයේ  අතු කපා පුළුස්සා දැමිය යුතු යි.

කොරපොතු කෘමීන්....
මෙම කෘමි විශේෂය වියළි කාලවල දී දූරියන් පත්‍රවල යටි පැත්තේ බහුලව දැකිය හැකියි. ඔවුන් ශාක පත්‍රයේ යුෂ උරා බීම නිසා පත්‍ර මත කහ පැහැති ලප ඇති වන ආකාරය නිරීක්ෂණය කර හැකියි. එලෙස කොරපොතු කෘමීන් කරන හානිය නිසා දූරියන් පත්‍ර වියලුණු ස්වභාවයක් ගෙන පසුව හැලී යා හැකියි.

පයිටොප්තෙරා පාම්මෝරා....
පයිටොප්තෙරා පාම්මෝරා නැමැති දිලීරය දූරියන් මුල්, කඳ, පත්‍ර හා ඵලවලට හානි කරනවා. පැළය සිටුවීමේ දී මනා ජල වහනයක් සහිත ස්ථානයක් තෝරා ගැනීම ඉතා වැදගත්. කාබනික පොහොර භාවිතය, මනා ජල සම්පාදනය සහ නිසි කලට පොහොර යෙදීම මඟින් පැළ ශක්තිමත්ව තබා ගැනීමට හැකි වනවා සේම  රෝගයට ඔරෝත්තු දීමේ හැකියාව ද වර්ධනය වෙනවා. මෙම දිලීරය නිසා රෝගී වුණු අතු නිසි කප්පාදුවකින් ඉවත් කර ශාකයට හොඳින් හිරුඑළිය වැටීමට සලස්වීම මඟින් රෝගය පැතිරියාම පාලනය කරගත හැකියි.

දූරියන්වල තිබෙන සුවිශේෂී ගුණ...
දූරියන් කියන්නේ රසයෙන් පමණක් නොව ගුණයෙන් ද යුක්ත පළතුරක්. එම නිසාම ඔබට දූරියන් ආහාරයට ගැනීම මඟින් පහත ප්‍රතිලාභ ලබාගත හැකියි.

1) බර අඩු කුඩා ළමයින්ට බර වැඩි කර ගැනීම සඳහා ලබාදෙන පළතුරක් 

2) E කාණ්ඩයේ විටමින් බහුල පළතුරක් 

3) මළ බද්ධයෙන් පෙළෙන අයට ගුණදායක පළතුරක් බවට මතයක් තිබෙනවා 

4) ආහාර ජීර්ණය පහසු කරනවා 

5) බඩවැල්වල සෑදෙන පිළිකා වැලැක්වීමේ හැකියාව  තිබෙන බවට මතයක් පවතිනවා 

6) ශක්තිජනක ආහාරයක් 

7) ලිංගික ශක්තිය වැඩි කරයි 

8) අස්ථිවල වර්ධනය සහ නිරෝගිමත් බව ඇති කරයි......

...............අන්තර්ජාලය ඇසුරෙනි.............දැනුම සොයන්න මේ පාරෙන් එන්න
කෙනෙක් අකමැති කෙනෙක් කැමති  ගුණදායක රසවත් පලතුර දූරියන් (Durian) - Your Choice Way

කෙනෙක් අකමැති කෙනෙක් කැමති  ගුණදායක රසවත් පලතුර දූරියන් (Durian) - Your Choice Way

කෙනෙක් අකමැති කෙනෙක් කැමති  ගුණදායක රසවත් පලතුර දූරියන් (Durian) - Your Choice Way

කෙනෙක් අකමැති කෙනෙක් කැමති  ගුණදායක රසවත් පලතුර දූරියන් (Durian) - Your Choice Way

කෙනෙක් අකමැති කෙනෙක් කැමති  ගුණදායක රසවත් පලතුර දූරියන් (Durian) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කෙනෙක් අකමැති කෙනෙක් කැමති ගුණදායක රසවත් පලතුර දූරියන් (Durian) කෙනෙක් අකමැති කෙනෙක් කැමති  ගුණදායක රසවත් පලතුර දූරියන් (Durian) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 02, 2021 Rating: 5

0 comments:

Post a Comment