Ayi Tharahen Song Lyrics - ඇයි තරහෙන් ගීතයේ පද පෙළ

Ayi Tharahen Song Lyrics - ඇයි තරහෙන් ගීතයේ පද පෙළ
Song Title : Ayi Tharahen (ඇයි තරහෙන්)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද සැකසුම : ජෝන් ද සිල්වා ශූරීන්ගේ මුල් කෘතිය ඇසුරින් පියදාස නිශ්ශංක විසිනි.
නව සංගීතය : ජයන්ත අරවින්ද


ඇයි තරහෙන් මාන්නකාරී
පලා දුවන්නේ දමලා මා මෙහි
පලා දුවන්නේ දමලා මා ..//
ඇයි තරහෙන්

ඉවසිලිවන්තී කෝප නොවේවී
ශාන්ත දාන්ත වේ ..//
කෝපය නෑ නෙත බැලුවම තීගේ //
සන්සුන් ලීලාවෙන් තිබේ
සැදී තිබේ ස්වභාව සේවේ
එපාය මිතුරී ගැන සංචල් සකි
එපාය මිතුරී ගැන සංචල්

ඇයි තරහෙන්

කවට කමින් මා ඇස් රතු වෙච්චී ශාන්තවන්තියගේ //
අල්ලා ස්වාමිනි දකුණත ඈගේ //
ඉල්ලා දෙන්න සමා
නෙතේ නැතේ එ කෝප බැල්මා
සිත්හි පවතී තද කෝපා ඇගෙ
සිත්හි පවතී තද කෝපා

ඇයි තරහෙන් මාන්නකාරී
පලා දුවන්නේ දමලා මා මෙහි
පලා දුවන්නේ දමලා මා

ඇයි තරහෙන්

යුද කළ රජතුට රට කරවිමට අවකාශ ලැබෙනුයේ කලාතුරකිනි. යුද කළාවුත්. රට කළාවුත් රජකුට යහ සේවයෙහි යෙදීමට තරම් භාග්‍යයක් හිමි වනුයේ ඉතාමත් කලාතුරකිනි. මේ දුබල ගණයේ භාග්‍යය හිමි කර ගත්තෙකි ශ්‍රී හර්ෂදෙව රාජාධිරාජයා. ශ්‍රී හර්ෂ දෙවයන්ගේ රාජ සභා කවියා වු “භාණ” විසින් රචිත “හර්ෂ චර්තය’ .....

ඒ මා දැක්වූයේ විකිපීඩියා හී රත්නාවලී නාටකය පිළිබඳ තොරතුරු මූලාරම්භය ගෙන තිබූ අයුරුයි.

රත්නාවලී නාටකයේ උපත හත් වන සියවසේ දී බව ස ඳහන් වේ.

නීතිඥ ජෝන් ද සිල්වා “රත්නාවලී” නාටකය නිෂ්පාදනය කරන්නේ වර්ෂ 1906 දීය. එහි එන ගීතමය ජවනිකාව හා එම කෘතියේ මුල් රචනය ඇසුරින් වූ ගීයකි ‘ඇයි තරහෙන්’ නම් වූ මෙම ගීය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayi Tharahen Song Lyrics - ඇයි තරහෙන් ගීතයේ පද පෙළ Ayi Tharahen Song Lyrics - ඇයි තරහෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 20, 2021 Rating: 5

0 comments:

Post a Comment