ජර්මානුවන් නාසීන්ට ඡන්දය ලබා දුන්නේ ඇයි? (Vote)

ජර්මානුවන් නාසීන්ට ඡන්දය ලබා දුන්නේ ඇයි? (Vote) - Your Choice Way
ඔබ 1932 ජූලි මස පැවති ජර්මානු මැතිවරණයට ඡන්දය දුන්නේ නම්, ඔබත් නාසි පක්ෂයට ඔබේ සහයෝගය දැක්වීමට 37% ක අවස්ථාවක් තිබේ. නාසින් විසින් සිදු කරන ලද ක්‍රියාවන් සලකා බැලීමේදී සැබැවින්ම මෙය ඉතා භයානක අගයකි. මෑත ඉතිහාසයේ බිහි වූ දරුණුතම දුෂ්ඨයා විසින් පාළනය කරන ලද නාසින්ට මෙවැනි විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම ඉතා පහසු වේ යැයි ඔබට සිතෙන්නට හැක. එහෙත් ඇඩොල්ෆ් හිට්ලර් ඒකාධිපතියෙකු වී තම රට ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත් කිරීමට පෙර සිටම නාසි පක්ෂය ජර්මානු ඡන්දදායකයින් අතර පුදුම සහගත ලෙස ජනප්‍රිය පක්ෂයක් බවට පත් වී තිබුණි. එම නිසා මෙම කටුක සත්‍ය නොසලකා හරිනවා වෙනුවට බොහෝ ජර්මානුවන් හිට්ලර්ට සහ නාසීන්ට ඡන්දය දුන්නේ මන්දැයි වටහා ගැනීම වැදගත්ය.

පළමුවන මහා යුද්ධයෙන් දශකයකට පසුව වුවද ජර්මනියේ ජනතාවට ප්‍රසන්න කාලයක් උදා නොවූයේ වර්සායිල් ගිවිසුම (Treaty of Versailles) මගින් ඔවුන් මත විශාල බරක් පටවා තිබූ නිසාය. එමෙන්ම 1929 ඔක්තෝබර් මාසයේදී සිදු වූ මහා වෝල් ස්ට්‍රීට් බිඳවැටීම නිසා ඔවුන්ගේ ජීවන තත්වය තව තවත් පහත වැටෙන ලදී.

ඇමරිකාවෙන් ලබාගත් ණය මත යැපෙන රටක් වූ ජර්මනියට මෙය විශාල බලපෑමක් ඇති කරන ලදී. අලුතින් ණය ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වී ගිය අතර පැරණි ණය ආපසු ගෙවිය යුතු වූ විට ජර්මානු ආර්ථිකය ඉක්මනින් කඩා වැටෙන්නට පටන් ගත්තේය.

1929 සිට 1932 දක්වා කාලය තුළදී ජර්මනියේ නිෂ්පාදනය අඩකින් අඩුවූ අතර මිලියන ගණනක් රැකියා විරහිතභාවයට පත් විය. කලකිරුණු යෞවනයන් (විශේෂයෙන් පිරිමින්) කිසිදු අරමුණක් නොමැතිව වීදිවල ඉබාගාතේ සැරිසරන ලදී. ගණිකා වෘත්තියද වැඩි වූ අතර මැර කල්ලි සංස්කෘතියේ ද වර්ධනයක් සිදුවිය. මිනිසුන් ආහාර සෙවීම, සොරකම් කිරීම, ප්‍රතිවාදී කල්ලි සමඟ සටන් කිරීම සහ පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගැනීම එකල ජර්මනියේ ඉතා සුලබ සිදු වීමක් විය.

එමෙන්ම මෙහි බලපෑමට ලක්වූයේ කම්කරු පන්තිය පමණක් නොවේ. වෝල් ස්ට්‍රීට් කඩාවැටීමෙන් මූල්‍ය අංශයේ සේවයේ නියුතු පුද්ගලයන්ටද දැඩි පීඩනයක් එල්ල විය. සංචාරක, ආහාරපාන හා සිල්ලර වෙළඳාම වැනි වෙනත් කර්මාන්ත රාශියක් මෙමගින් දැඩි පීඩනයකට ලක් විය.

කොමියුනිස්ට්වාදීන් මේ අරගල වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට සමත් විය. වැඩ වර්ජන සංවිධානය කිරීම වැනි ක්‍රම මගින් ඔවුහු තම දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තරුණ තරුණියන් බලමුලු ගැන්වූහ.

හිට්ලර් ඇතුළු නාසින් දේශපාලනය සිදු කළේ මෙවැනි වටපිටාවක් මධ්‍යයේය. අර්බුදයක් යනු බලය ලබා ගැනීමට පහසුම මග බව ඔවුන් දැන සිටියහ. අතෘප්තිමත් බොහෝ පුරවැසියන්ට හිට්ලර් සහ නාසීන් එයින් ගැලවීමට මගක් ඉදිරිපත් කළහ. එමෙන්ම ඔවුන්ගේ ප්‍රබල ප්‍රචාරණයන් මගින්ද සැලකිය යුතු පිරිසක් තමන් වටා රැස් කර ගැනීමට ඔවුන් සමත් විය.

නාසි ප්‍රචාරණ ව්‍යාපාරයේ මහ මොළකරු වූයේ ජෝසප් ගොබෙල්ස් ය. මියුනිච් හි පිහිටි ඔහුගේ මූලස්ථානයේ සිට ඔහු ජර්මනියේ බිඳුණු පුරවැසියන් ඇමතීම සඳහා මහා ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරන ලදී. ඔහු ඒ සදහා පෝස්ටර්, පත්‍රිකා, කඩදාසි සහ දේශනා ආදී භාවිතා කළ හැකි සියලුම මාධ්‍ය භාවිතා කරන ලදී. ඔවුන් ඡන්දදායකයින්ට පැහැදිලි තේරීමක් ලබා දෙන ලදී. එනම් මියයන වයිමර් ජනරජය සමඟ දිගටම රැඳී සිටිනවාද? එසේත් නැතිනම් නාසි පක්ෂය සමඟ තේජවත් අනාගතයකට පා තබනවා ද? යන්නයි.

ගොබෙල්ස් එකල තිබූ නවීන තාක්ෂණයෙන්ද ප්‍රයෝජන ගත් අතර ඔහුගේ ඡන්ද ව්‍යාපාරයේ කොටසක් ලෙස චිත්‍රපට සහ ග්‍රැමෆෝන්ද භාවිත කරන ලදී. මෙම නිසා නාසි පක්ෂය යනු සම්ප්‍රදායෙන් මිදී නූතනත්වය වැළඳ ගන්නා පක්ෂයක් බවට බොහෝ දෙනා විශ්වාස කිරීමට පටන් ගන්නා ලදී. සැබැවින්ම ගොබෙල්ස්ගේ ප්‍රචාරණ ව්‍යාපාරය කිසිවෙකුටත් නොසලකා හැරිය නොහැකි අද්විතීය එකක් විය.

එමෙන්ම නාසීන්  ඔවුන්ගේ දේශන වලදී ඔවුන්ගේ ප්‍රේක්ෂකයන්ට අනුව අනුවර්තනය විය. සවන් දෙන්නේ කවුරුන්ද යන්න මත පදනම්ව ඔවුන්ගේ කථාවන් වෙනස් කිරීමට ඔවුන් ඔවුන්ගේ කථිකයින් පුහුණු කළ අතර ඔවුන්ගේ රැස්වීම්වලට හැකි තරම් පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා ඇතැම් ප්‍රදේශ සඳහා නිශ්චිත මාතෘකා ප්‍රචාරය කිරීමද සිදු කරන ලදී.

එහෙත් ඒ කුමක් කළත් නසින් අතුරින් වැඩිම ආකර්ෂණය හිමි වූයේ ඇඩොල්ෆ් හිට්ලර්ටය. මෙතරම් පිරිසක් මේ මිනිසා වෙත ඇදී ගියේ මන්දැයි අපට සිතා ගැනීම දුෂ්කර වුවත්, හිට්ලර්ව ජර්මනිය පුරා මිලියන ගණනක් ජනයා වැලඳ ගත්හ.

හිට්ලර්ගේ පවත්වන ලද කතා අතුරින්, විශේෂයෙන් ඔහු විසින් 1932 මැතිවරණ ව්‍යාපාරය අතරතුර පවත්වන ලද කතා ඉතා විශිෂ්ඨ ඒවා විය. නාසි ප‍්‍රචාරනයේ ශක්තියට ස්තූතිවන්ත වන්නට බොහෝ දෙනෙකු ඔහුව සැලකුවේ වර්තමාන පාලනයේ කාලකණ්නිකමෙන් රට ගලවා ගත හැකි ජාතික ගැලවුම්කරුවෙකු ලෙස ය.

ඔහු ජර්මනිය පුරා ගුවනින් ගමන් ගනිමින් දිනකට විශාල දේශන ප්‍රමාණයක් සිදු කල අතර එමගින් ඔහුට දිනකට මිනිසුන් මිලියන ගණනකට ආමන්ත්‍රණය කිරීමට හැකි විය. හිට්ලර්ගේ යානය ගුවනේ සිට පැමිණෙන තුරු දහස් ගණන් ජනයා පැය ගණන් බලා සිටින ලදී. ඔහු ගොඩබැසීමෙන් පසු තරුණ ගැහැණු ළමයෙකු ඔහුට මල් පොකුරක් ලබා දෙනු ලබන අතර පසු බිමින් ඊට ගැලපෙන සංගීතයක් වාදනය වෙයි. මේ සියල්ල සිදු වූයේ හොදින් සිදු කරන ලද ප්‍රචාරණ සැලැස්මක්ට අනුව වූ අතර නාසි පක්ෂයේ ජනප්‍රියත්වය මෙම නිසා තව තවත් ඉහළ යන ලදී.

ඔහු සිදු කළ දේශන දෙස බැලීමේදී හිට්ලර්ගේ ප්‍රධාන අවධානය යොමු වූයේ සැමවිටම වයිමර් ජනරජය හෙළා දැකීමට සහ ජර්මනිය දීප්තිමත් අනාගතයක් කරා ගෙන යාමේ වැදගත්කම පිළිබඳ ප්‍රකාශ කිරීමටය. එමෙන්ම රට ඒකපාර්ශ්වික රාජ්‍යයක් බවට පත් කළ යුතුයැයි ද ඔහු දැඩිව කියා සිටින ලදී.

එමෙන්ම යුදෙව්වන් කෙරෙහි දැක්වූ වෛරය ප්‍රකාශ කිරීමටද ඔහු කිසිදා පසුබට නොවීය. මෙය විශේෂයෙන්ම කැපී පෙනුනේ 1932 නොවැම්බරයේ පැවති මැතිවරණයට ආසන්න කාලයේදීය. එම කාලයේදී හිට්ලර් යුදෙව් ප්‍රජාව විස්තර කළේ  "මුළු යුරෝපීය මහාද්වීපය පුරාම පාහේ පැතිරී ඇති වසංගතයක්" ලෙසය. මේ යුදෙව් විරෝධය සියලු ජර්මානුවන් අතර ජනප්‍රිය නොවූ නමුත් එය නාසීන්ගේ ආකර්ෂණීය මැතිවරණ ජයග්‍රහණ නතර  කිරීමට සමත් වූයේ නැත.

1930 සැප්තැම්බර් මස පැවති මැතිවරණයේදී නාසීන්ට ඡන්ද මිලියන 6.5 ක් ලැබුණි. 1928 දී ඔවුන්ට මිලියනයකටත් වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් ලැබී තිබූ නිසා මෙය ඔවුන් ලබා ගත් විශාල ජයග්‍රහණයක් විය. ඔවුන් ජර්මනිය තුළ තිබූ විශාලතම පක්ෂය නොවූවත්, ඔවුන්ගේ ප්‍රචාරක උපායමාර්ග පැහැදිලිවම ක්‍රියාත්මක වී ඇති බව මෙයින් තහවුරු විය.

ඔවුන්ගේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී සාර්ථකත්වය ලැබුණේ 1932 දීය. 1932 ජූලි මැතිවරණයේදී ජර්මානුවන් මිලියන 14 ක් නාසීන්ට ඡන්දය ලබා දෙන ලදී. එමගින් ඔවුන් ජර්මනියේ විශාලතම පක්ෂයක් බවට පත් වූයේ 37% ක ඡන්ද ප්‍රතිශතයක් සහ රීච්ස්ටැග් හි ආසන 230 ක් (සමස්ත ආසන 608 න්) ලබා ගෙනය. ඊට වසර හතරකට පෙර ඔවුන්ට ලැබුණේ 3% කටත් අඩු ඡන්ද ප්‍රමාණයකි.

ඉන්පසු 1932 නොවැම්බරයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය නසින්ට එතරම් සාර්ථක එකක් නොවීය. නාසි පක්ෂය එහිදී ලබාගත්තේ 33% ක ඡන්ද ප්‍රතිශතයක් සහ පාර්ලිමේන්තු ආසන 196 ක් පමණි. නාසීන් මෙය අසාර්ථක යැයි දුටුවද, ඔවුන් තවමත් සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් සහිත ජර්මනියේ විශාලතම පක්ෂයක් විය.

අවසානයේ ඔවුන්ගේ ඉවසිමේ සීමාව නිමා වූ අතර 1933 මාර්තු මැතිවරණය පැවැත්වෙන කාලය තුළදී ඔවුන් තම දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ භීතිය උපයෝගී කර ගෙන සිය මැතිවරණ ව්‍යාපාරය සිදු කරන ලදී. 

එහිදී ඔවුන් 44% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා ලදී. නමුත් මෙය තවමත් ඔවුන්ට පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමට ප්‍රමාණවත් නොවීය. එබැවින් තර්ජන සහ බිය ගැන්වීම් භාවිතා කරමින් නාසින් මාර්තු 23 වන දින පනත සක්‍රීය කරගැනීමට සමත් වූ අතර එයත් සමග හිට්ලර්ට ඒකාධිපතියකුගේ බලතල හිමි විය.

නාසීන් කුමක් කිරීමට යනවාද යන්න ජර්මනියේ ජනතාව දැන සිටියේ නම් 1930 ගණන්වල මුල් භාගයේ පැවති මැතිවරණ ප්රතිඵල මීට වඩා බෙහෙවින් වෙනස් වනු ඇත. නමුත් හිට්ලර්ගේ චතුර කථිකත්වයත් නසින්ගේ අද්විතීය ප්‍රචාරණයත් නිසා මිලියන සංඛ්‍යාත ජර්මානු ජනයා මංමුලා විය.

විශ්මිත ඉතිහාසය
ජර්මානුවන් නාසීන්ට ඡන්දය ලබා දුන්නේ ඇයි? (Vote) - Your Choice Way
ජෝශප් ගොබෙල්ස්

ජර්මානුවන් නාසීන්ට ඡන්දය ලබා දුන්නේ ඇයි? (Vote) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජර්මානුවන් නාසීන්ට ඡන්දය ලබා දුන්නේ ඇයි? (Vote) ජර්මානුවන් නාසීන්ට ඡන්දය ලබා දුන්නේ ඇයි? (Vote) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 23, 2021 Rating: 5

0 comments:

Post a Comment