Your Choice Way

Sithuvili Ganga Song Lyrics - සිතුවිලි ගංගා ගීතයේ පද පෙළ

Sithuvili Ganga Song Lyrics - සිතුවිලි ගංගා ගීතයේ පද පෙළ
Song Title : Sithuvili Ganga (සිතුවිලි ගංගා)
ගායනය : චන්දන ලියනආරච්චි
සංගීතය : ජයසිරි අමරසේකර
ගී පද : චන්න ජයනාත්


සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා
කඳුලක් වී සුළ‍ඟේ පා වේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිවු වසරක් ගෙවුණා
ආදරයට සිවු වසරක් ගෙවුණා

රතු මල් කළඹක සුවඳ ගලා ගිය
මනරම් වූ ඒ හැන්දෑවේ
සුදු මල් අහුරක් අතින් තුරුලු කර
කවුරුද හොර රහසෙම හැඬුවේ
කාටද පෙම් ලොව දුක දැණුනේ

සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා
කඳුලක් වී සුළ‍ඟේ පා වේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිවු වසරක් ගෙවුණා
ආදරයට සිවු වසරක් ගෙවුණා

පෑයූ රන් දේදුනු නිල් අහසේ
වැහි කෝඩෙන් සැඟවී යනවා
මනමාලී ඔබෙ විකසිත පැතුමන්
පවු කල දෑසින් පාරනවා
රෑ සඳ මගෙ තනියට එනවා

සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා
කඳුලක් වී සුළ‍ඟේ පා වේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිවු වසරක් ගෙවුණා
ආදරයට සිවු වසරක් ගෙවුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithuvili Ganga Song Lyrics - සිතුවිලි ගංගා ගීතයේ පද පෙළ Sithuvili Ganga Song Lyrics - සිතුවිලි ගංගා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, August 25, 2021 Rating: 5

0 comments:

Post a Comment