Sitha Dawuna Song Lyrics - සිත දැවුනා ගීතයේ පද පෙළ

Sitha Dawuna Song Lyrics - සිත දැවුනා ගීතයේ පද පෙළ
Song Title : Sitha Dawuna (සිත දැවුනා)
Singing : Yohani De Silva (යොහානි ද සිල්වා)
තනුව සහ සංගීතය  : චමත් සංගීත් 
ගේය පද  : දුලාන් ඒ ආර් එක්ස්, හියුම්, දිලංජන් සෙනෙවිරත්න 
Music : Chamath Sangeeth
Lyrics : Dulan ARX, Hiyum, Dilanjan Seneviratne
Mixed & Mastered by : Chamath Sangeeth at C Music Studios
Record Label : Pettah Effect


සිත දැවුනා
තුන් යම මා
ඉකි ගැසුවා
රහසෙම මා

නොදැනෙන සේ සිටියදි මා
ඔබගේ මුසා සිත මැරුවා
නවතිමි මා ඔබ නොඑනා
දිනෙක සදා

සිත දැවුනා
තුන් යම මා
ඉකි ගැසුවා
රහසෙම මා

ඔබ නොකියාම ආව
හදුනාගෙන හාදු දී
නොකියාම නාව
නිදිකුම්බා මලක්
කිම ඇහැරුවේ මාව
තනි කලට හිත නෑ
ඒත් නුඹගාව

ඕනෙ උනේ
යථාර්තෙන් පැනලා ගිය ආලයක්
බ්ලේඩ් තල අදිමදි කරපු නහරයක්
අපිට අපිව තේරුම් ගන්න කාලයක්
නොදැනිම රැස් උනා මන් ගැන රාවයක්
මම රැප ජීවිතේ කරගත්ත පොරක්
මතකද කෙල්ලේ මම කිව්ව වරක්
බිසී වේ සංගීතේ බදු අරන්
ඒත් නුඹ සැකයට දුන්න මහ බරක්

මුලදි අපි ලිව්ව රචන අස්සට
පස්සෙ පෙරලුන හැටි වචන අස්සට
දැක්කා වෙනස ඒ පැටලුන ඇස් යට
යන්න බැරිද ඒ කාලේ ඉස්සර
උසම තැනට යන පාරයි
මතකයන් ඇවිදින් අතීතේ පාරයි
ඇවිද යමුද නතරනං වෙන්න
නුඹ ලග ආසයි අතරමං වෙන්න

සිත දැවුනා
තුන් යම මා
ඉකි ගැසුවා
රහසෙම මා

පරසතු මල තාමත්
අකුසල සිත පවකට ඇලීගෙන ආව
පිට රටකදි ඈ නුඹ ගාව
අනියම් පෙමකට නුඹ පිය මැන්න
ගියපාර නාව දුක තාම වාවගෙන
එන පාර ගාව වෙල් යාය අතීතය
හැමදාම මාගෙ ලග
පාට හීනයක තෑගි දී හොර ගෑනි වේද

දැන දැන මා
දැක දැක මා
නොදුටුව සේ
දුක් වින්දා
සිතු දේ මා
පැතු දේ මා
අතහැර දා
යන්නම් මා

සිත දැවුනා
තුන් යම මා
ඉකි ගැසුවා
රහසෙම මා

නොදැනෙන සේ සිටියදි මා
ඔබගේ මුසා සිත මැරුවා
නවතිමි මා ඔබ නොඑනා
දිනෙක සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Dawuna Song Lyrics - සිත දැවුනා ගීතයේ පද පෙළ Sitha Dawuna Song Lyrics - සිත දැවුනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 02, 2021 Rating: 5

0 comments:

Post a Comment