පුරාණ ලෝකයේ පුදුම හත - පළමුවන කොටස (The Seven Wonders Of The Ancient World - Part One)

පුරාණ ලෝකයේ පුදුම හත - පළමුවන කොටස  (The Seven Wonders Of The Ancient World - Part One) - Your Choice Way
මීට වසර 2,000 කට පමණ පෙර සංචාරකයින් ඔවුන්ගේ සංචාරයන් වලදී දුටු ඇදහිය නොහැකි දර්ශන, නිර්මාණ ගැන ලියා තබා ඇත. කාලයාගේ ඇවෑමෙන් එවැනි ස්ථාන හතක් "පුරාණ ලෝකයේ අරුමපුදුම දේ" ලෙස ඉතිහාසයේ සදහන්ව ඇත. මෙම පළමු ලැයිස්තුව ක්‍රි.පූ 2 සිට 1 වන සියවස දක්වා දිව යයි.

මෙම පුදුම හත මුලින්ම තේමාටා(themata) ලෙස අර්ථ දැක්වීය (ග්‍රීක භාෂාවෙන් 'අනිවාර්යයෙන්ම නැරඹිය යුතු' දේවල් ලෙස හැඳින්වේ). නමුත් අද වන විට ඉතුරුව පවතින්නේ මෙයින් එක නිර්මාණයක් පමණි.

⚫ ගීසාහි මහා පිරමීඩ (Great Pyramid at Giza)

පුරාණ ලෝකයේ පුදුම හත - පළමුවන කොටස  (The Seven Wonders Of The Ancient World - Part One) - Your Choice Way

ගීසාහි මහා පිරමීඩය ක්‍රි.පූ. 2584 සිට 2561 දක්වා කාලය තුළ ඊජිප්තු පාරාවෝ කුෆු(Khufu) සඳහා ඉදිකරන ලද අතර එය වසර 4,000 කට ආසන්න කාලයක් මිනිස් අතකින් සාදන ලද ලොව උසම නිර්මාණය ලෙස පැවතුණි.  පිරමීඩයේ අභ්‍යන්තරයේ කැණීම් ආරම්භ කරනු ලැබුවේ ක්‍රි.ව. 18 වන සියවසේ අගභාගයේ සහ 19 වන සියවසේ මුල් භාගයේදී පමණයි. එබැවින් නූතන ජනයාගේ කුතුහලය දනවන අභ්‍යන්තරයේ ඇති සංකීර්ණතා පුරාණ ලේඛකයින් නොදැන සිටියහ.  පුරාණ නරඹන්නන්ගේ සිත් ගත් පරිපූර්ණ සමමිතියකින් සහ උසකින් එය නිර්මාණය කර ඇත. පැරනි පුදුමයන්ගෙන් අද ලොව ඉතුරුව ඇත්තේ මේ නිර්මාණය පමණි.

⚫ බැබිලෝනියාවේ එල්ලෙන උයන (Hanging Gardens of Babylon)

පුරාණ ලෝකයේ පුදුම හත - පළමුවන කොටස  (The Seven Wonders Of The Ancient World - Part One) - Your Choice Way

විස්තර කර ඇති පරිදි බැබිලෝනියාවේ එල්ලෙන උයන ක්‍රි.පූ. 605-562 අතර කාලයේදී නූතන ඉරාකයේ යුප්‍රටීස් ගඟ අසල ඉදිකරන ලද්දේ දෙවන නෙබුකද්නෙශර් (Nebuchadnezzar II) විසින් ඔහුගේ බිරිඳට තෑග්ගක් ලෙසය. නෙබුකද්නෙශර්ගේ භාර්යාව වූ ඇම්ටිස් ඔෆ් මීඩියාට තම මව්බිමේ කඳු සහ මල් මතක් වූ බවත්, එබැවින් බබිලෝනියාවේ ඇය වෙනුවෙන් කන්දක් නිර්මාණය කරන ලෙසත් රජු නියෝග කළේය.  මෙම උයන රඟහලක් වැනි පියවරෙන් පියවර තැබූ විශාල හතරැස් ගඩොල් ටෙරස් මත අඩි 75 ක් පමණ අහසේ සිටුවා ඇති බව කියනු ලැබේ. පුරාණ ලේඛක ඩයෝඩෝරස් සිකුලස් විසින් ඒවා විස්තර කර ඇත්තේ විදේශීය ශාක හා සත්ත්ව විශේෂයන්ගෙන් පිරි ස්වයංක්‍රිය ජල නල පද්ධතියක් මගින් ජලය ඉහළට රැගෙන ගිය නිර්මාණයක් ලෙසය. මෙම උද්‍යානය පැවතියේ ද යන්න පිළිබඳ මතභේදයට තුඩු දී ඇති අතර ඒය බැබිලෝනීයා ඉතිහාසයේ කොතැනකවත් සඳහන්ව නැති අතර 'ඉතිහාසයේ පියා' වන හෙරෝඩෝටස් ඔහුගේ බැබිලෝනියාව පිළිබඳ විස්තරවල ඒවා ගැන සඳහන් කර නොමැත. ක්‍රි.ව. 1 වන සියවසෙන් පසුව ඇති වූ භූමිකම්පාවකින් මෙය විනාශ වූ බව විශ්වාස කෙරේ.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පුරාණ ලෝකයේ පුදුම හත - පළමුවන කොටස (The Seven Wonders Of The Ancient World - Part One) පුරාණ ලෝකයේ පුදුම හත - පළමුවන කොටස  (The Seven Wonders Of The Ancient World - Part One) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 29, 2021 Rating: 5

0 comments:

Post a Comment