Rahath Himiwarun Song Lyrics - රහත් හිමිවරුන් ගීතයේ පද පෙළ

සිංදු පොත,Charitha Attalage,චරිත අතලගේ මහත්මා
Song Title : Rahath Himiwarun (රහත් හිමිවරුන්)
Performed by Dhyan Hewage & Ravi Jay
Lyrics Written by Chandrasena Thalangama
Animation Created by Randy Chriz Perera @ Meraki United
Rap Written by Ravi Jay
Melody by Charitha Attalage
Music Produced by iClown (Sasith Gamage) & Charitha Attalage @ Dverb Studios
Backing Vocals by Shalini Hewage & Charitha Attalage
Mix & Mastered by Charitha Attalage
Main Vocals Recorded @ Hexaphonic Productions
Rap Recorded @ Amusync Studios by Thilina Boralessa


රහත් හිමිවරුන් උඩින් වඩිනවා
වී පැදුරට හෙවනැල්ල වැටෙනවා
සිරිමහ බෝපත් බුදු බණ ලියැවී
පාවී යනවා වැව් සුළඟේ

කහ මල් පොකුරු වගේ… රන් මැලි සෑ රදුනේ…

මහා විහාරේ මහ සඟ රුවනේ
මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ
තව කප් දහසක් අප හට පිහිටයි
දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන

කහ මල් පොකුරු වගේ… රන් මැලි සෑ රදුනේ…

Rap:
දෑස වසාගත්තා මං
මනසින් හොයන්න නිමාවක්
මාර සේනා වලකනකාං
ඇත්ත හොයාගෙන යනවා
මිසිදෙටුවෙකු වෙයිද මං
මිසිදෙටුවෙකු නෙමෙ මං
ඇත්ත මට වැටහෙනකාං
ඇත්ත හොයාගෙන යමි ම⁣ං

බුදුන් දැක නිවන් දකින්න මේ සසරින්
දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවනෙ සැණෙකින්
සැප රථෙන් එකෙන් ඇවිත්.. අතහැරීම ගැන
දෙසුවෙ බණ අපෙ සාදු නිවං දුර නිසාද?
මම ලෙඩ ඇදේ … මරණෙ ඉන්නෙ ගන්න බලං
අම්ම අඩන්නෙ ඇයි මේ පිලිමෙට වැදං
අඹපු රෑපෙට දැනේද අම්මගෙ හිතේ දුක
දුකෙ හේතුව අපිව ඉපදුන එක නේද?
සෙත් පතා මා අත බැන්ද පිරිත් නූල
දුටිමි මස්කඩේ මුදලාලි අතේද
ප්රාණගාතෙ පවක්නං
මරැවෙක් ඇයි නූලක් බැදං
ආරක්ෂා වෙන්න ඕනෙ ප්රාණේ ඒ මරැවගෙන් නේද?
හිතෙ කහටක් නැත්තං කාටවත් ගිනි දෙන් නැත්තං
ඉන්නකං හොදින්නං ඇයි මං යන්නේ පන්සල් ගන්න සිල්,
ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙමද?
මේ මනසින් ගැලවෙන්න … මනසක්. හිතන්නයි ඕණ….

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rahath Himiwarun Song Lyrics - රහත් හිමිවරුන් ගීතයේ පද පෙළ Rahath Himiwarun Song Lyrics - රහත් හිමිවරුන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 12, 2021 Rating: 5

0 comments:

Post a Comment