Maha Gana Wananthare Song Lyrics - මහ ගණ වනන්තරේ ගීතයේ පද පෙළ

Maha Gana Wananthare Song Lyrics - මහ ගණ වනන්තරේ ගීතයේ පද පෙළ
Song Title : Maha Gana Wananthare (මහ ගණ වනන්තරේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය : ආර්. මුත්තුසාමි
ගී පද : කරුණාරත්න අබේසේකර


මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ
සැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ//

ඇය ඔකඳ වෙමින් රඟන විටද සැංගිලා
මම කුරුළු වෙසින් සොය සොය එමි පියඹලා//
වණ මලක් වෙලා ජනිත වුණොත් එම කැළේ
මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ//

මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ
සැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ//

ඇය සා දෙනෙකුව දිව යයි නම් බිය වෙලා
ඉමි උඳුපියලිය පළස විලස වැතිරිලා//
දිය පාරක් වී බැස යන කල වන පෙතේ
මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ//

මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ
සැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maha Gana Wananthare Song Lyrics - මහ ගණ වනන්තරේ ගීතයේ පද පෙළ Maha Gana Wananthare Song Lyrics - මහ ගණ වනන්තරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2021 Rating: 5

0 comments:

Post a Comment