Hada Naga E Pem Tharanga Mala Song Lyrics - හද නැඟ ඒ පෙම් තරංග මාලා ගීතයේ පද පෙළ

Hada Naga E Pem Tharanga Mala Song Lyrics - හද නැඟ ඒ පෙම් තරංග මාලා ගීතයේ පද පෙළ
Song Title : Hada Naga E Pem Tharanga Mala (හද නැඟ ඒ පෙම් තරංග මාලා)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස සමග කාන්ති වක්වැල්ල
පද රචනය : තොරතුරු නැත
තනුව : නෞෂාද් අලි


හෝ ඔඔ
හද නැඟ ඒ පෙම් තරංග මාලා ...//
ඒ පෙරළී පෙම් තරංග මාලා //
හෝ ඔඔ
හද නැඟ ඒ පෙම් තරංග මාලා

සන්ධ්‍යාවේ පුන් චන්ද්‍රා නැඟ ඒ
ලිහිණි ගිරා රැස අහසේ ඉගිලේ ...//
අහසේ ඉගිලේ

ආ.. අඅ ආ...

ප්‍රීති බෝය මේ සැන්දෑ කාලේ
මා හද නැඟ එයි මෝරන ආලේ ....//
මෝරන ආලේ

සීත සුළං රැල් වැදීල දේහේ
යාය සිතේ දුක් නිවීලා මාගේ
වාසනාවයි මගේ

හෝ ඔඔ
හද නැඟ ඒ පෙම් තරංග මාලා

කේතකි මාලා මේ ගං තීරේ
සඳ රැස් ගෑවී දේය ප්‍රබෝධේ

කේතකි මාලා මේ ගං තීරේ
සඳ රැස් ගෑවී දේය ප්‍රබෝධේ

හහ හා හහ හහ හහ් හාහ හා...

සැනසෙමු අපි දැන් මේ හඳපානේ
ගයනෙමු සොම්නස් ප්‍රබෝධ ගීතේ

හහ් හා.. හා.. හාආ හාආ ආ.....

යාය ගිලී දැන් සෞම්‍ය සන්ධ්‍යා
ඒය නැඟී පෙම් තරංග මාලා
හෝ ඔඔ
හද නැඟ ඒ පෙම් තරංග මාලා

1951 දී භාරතයේ තිරගතවූ Deedar හින්දි චිත්‍රපටියට නිර්මානය වූ Bachpan Ke Din Bhula Naa Dena යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

මේ තනුවටම ලතා වල්පොල මහත්මිය ද ගීයක් ගයා තිබෙනවා. (තොරතුරු සඳහා මතකයන් අවදි කළ තිලකරත්න තලගහවත්ත විශ්‍රාමික විදුහල්පති තුමාට කෘතවේදීව ස්තුති කරනවා)

හෝ .....
සිරි අනුරාපුර ශ්‍රියාව පේනා ...//
ඈත අතීතයෙ ප්‍රබෝධෙ පානා //
හෝ .....
සිරි අනුරාපුර ශ්‍රියාව පේනා

සම්බෝධී ඥාණය හිමි ලැබුවේ
බෝධි රජා සිරි මා බෝ සෙවණේ ....//
ශාන්තී ගෙන දේ...
හා.... ආ...
ථූපරාමෙ ගල් කුළුණු පෙනේවී
මේ හෙළ දීපේ පැරණි විහාරේ ...//
පැරණි විහාරේ ...

සාධු ජනා නිති පූජා පානා
පූජනීය සිරි විහාර පේනා
හෝ .....
සිරි අනුරාපුර ශ්‍රියාව පේනා

මහමෙව්නාවේ කාන්තිය විහිදේ
රන්වැලි සෑ හිමි ශාන්තිය දේවී

හහ හා...

මහමෙව්නාවේ කාන්තිය විහිදේ
රන්වැලි සෑ හිමි ශාන්තිය දේවී ...//

නැඟෙයි දසුන්   සුපුන් සඳේහී

සෝබමාන වැව් පොකුණු ද පේනා
හංස සේරු රැස සිටි එහි පීනා

හෝ .....
සිරි අනුරාපුර ශ්‍රියාව පේනා

ගායනය : ලතා වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : නෞෂාද් අලි

හින්දි ගීතය


O bachpan key din bhula naa dena
O bachpan key din bhula naa dena

Aaj hanse kal rula naa dena
Aaj hanse kal rula naa dena
O bachpan key din bhula naa dena

Lambe hain jivan key raste
Aao chale ham gate hanste
Lambe hain jivan key raste
Aao chale ham gate hanste
Gate hanste aa aa aa aa
Dur des ek mahal banaye
Pyar kaa jis me dip jalaye
Dur des ek mahal banaye
Pyar kaa jis me dip jalaye
Dip jalaye

Dip jalakar bujha naa dena
Aaj hanse kal rula naa dena
O bachpan key din bhula naa dena

Rut badle ya jivan bite dil
Key tarane hon naa purane
Rut badle ya jivan bite dil
Key tarane hon naa purane
Naino me ban kar sapan suhane
Aayenge ek din yahi jamane
Naino me ban kar sapan suhane
Aayenge ek din yahi jamane
Yahi jamane

Yad hamari mita naa dena
Aaj hanse kal rula naa dena
O bachpan key din bhula naa dena

ो बचपन के दिन भुला ना देना
ो बचपन के दिन भुला ना देना

आज हांसे कल रुला ना देना
आज हांसे कल रुला ना देना
ो बचपन के दिन भुला ना देना

लम्बे हैं जीवन के रस्ते
आओ चले हम गेट हँसते
लम्बे हैं जीवन के रस्ते
आओ चले हम गेट हँसते
गेट हँसते आ आ आ आ
दूर देस एक महल बनाये
प्यार का जिस में दीप जलाए
दूर देस एक महल बनाये
प्यार का जिस में दीप जलाए
दीप जलाये

दीप जलाकर बुझा ना देना
आज हांसे कल रुला ना देना
ो बचपन के दिन भुला ना देना

रूट बदले या जीवन बाईट दिल
के तराने हों ना पुराने
रूट बदले या जीवन बाईट दिल
के तराने हों ना पुराने
नैनो में बन कर सपन सुहाने
आएंगे एक दिन यही ज़माने
नैनो में बन कर सपन सुहाने
आएंगे एक दिन यही ज़माने
यही ज़माने

यद् हमारी मिटा ना देना
आज हांसे कल रुला ना देना
ो बचपन के दिन भुला ना देना

Singers - Lata Mangeshkar & Shamshad Begum
Lyricists - Shakeel Badayuni
Music Composer - Naushad Ali
Movie - Deedar 1951

මෙම ගීය අවස්ථා කීපයකින් චිත්‍රපටියේ දිග හැරෙනව.

වඩා හුරුපුරුදු ගීය ශම්ෂාඩ් බෙගම් සමගින් ලතා මංගෙස්කාර් ගැයූ ගීයයි. සමාජයේ පන්ති, පැලැන්ති භේදයක් නොදකින, නොහඳුනන සුන්දර ළමා කාලය ගෙවන මිතුරන් දෙදෙනෙක් (ෂමූ සහ මාලා) අශ්වයෙකු පිට නැඟී යමින් ලබන විනෝද මිහිරක්, ඉහත සඳහන් කළ ගීයේ සිනමා රූප රාමු වල තියෙන්නෙ.. 

ඒ ගීය අහමු. නරඹමු.

මේ ගීය මොහොමඩ් රාෆි විසින් ගායනා වන අවස්ථාවක්. රූප රාමු වල ඉන්නෙ, දිලිප් කුමාර් සහ නාර්ගිස්. අශ්වයෙකුගේ කුර හඬ සමග ආවර්ජනය වන අතීත මතක, දෑස අන්ධ ෂාමු වෙතින් ගීයක් ලෙස ගැයෙන්නෙ. ඒත් මෙය මාලා ට අහගෙන ඉන්න බෑ. ඈ අවුල් වෙනවා. 

ගෙවුණු අතීතයේ අවස්ථා මතකයේ අවදිවීම්

මොහොමඩ් රාෆි ගැයූ ගීයේ සොම්නස් කොටස

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Naga E Pem Tharanga Mala Song Lyrics - හද නැඟ ඒ පෙම් තරංග මාලා ගීතයේ පද පෙළ Hada Naga E Pem Tharanga Mala Song Lyrics - හද නැඟ ඒ පෙම් තරංග මාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 10, 2021 Rating: 5

0 comments:

Post a Comment