Adath Wassa Wahina Sande Song Lyrics - අදත් වැස්ස වහින සඳේ ගීතයේ පද පෙළ

Adath Wassa Wahina Sande Song Lyrics - අදත් වැස්ස වහින සඳේ ගීතයේ පද පෙළ
Song Title : Adath Wassa Wahina Sande (අදත් වැස්ස වහින සඳේ)
ගායනය : ටී.එම්. ජයරත්න
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : ධර්මසිරි ගමගේ


අදත් වැස්ස වහින සඳේ
මතක සුවඳ දැනේ
මතකද තෙමුණා දෙන්නා
සීතල වැහි පොදේ //

කැන්ද කැලේ අප දෙන්නා
අකුරට ගිය කලේ
වැස්ස ඇවිත් වන යායම
සීතල වූ සඳේ
මුවා වෙන්න ගස් තිබුණත්
තෙමුණා වැහි පොදේ
අදත් වැස්ස වසිනා සඳ
මතක සුවඳ දැනේ

අදත් ඉතින් වහින දාට
තෙමෙමින් වැසි පොදේ
මගේ හිතේ මතක සුවඳ
අළුත් කරන පැයේ
වැහි හීතල දුරලාගෙන
ගිණි දළුවක් එතේ
මේ වැහි දා අපි දෙතැනක
එකම වැස්ස වැටේ

අදත් වැස්ස වහින සඳේ
මතක සුවඳ දැනේ
මතකද තෙමුණා දෙන්නා
සීතල වැහි පොදේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adath Wassa Wahina Sande Song Lyrics - අදත් වැස්ස වහින සඳේ ගීතයේ පද පෙළ Adath Wassa Wahina Sande Song Lyrics - අදත් වැස්ස වහින සඳේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 15, 2021 Rating: 5

0 comments:

Post a Comment