එළවළු කොත්තු 🍛🍛🍛 (Vegetable Kottu)

එළවළු කොත්තු 🍛🍛🍛 (Vegetable Kottu) - Your Choice Way
සල්ලි දිලා  ලෙඩ ගන්නවා වගේ  තමයි අහිතකර  රසකාරකයන්ගෙන් පිරුණු කොත්තු අරගෙන කන එක. ඇත්තටම කොත්තු කන්න අකමැති කෙනෙක් හොයාගන්න නැති තරම් ඒ තරමටම හැමෝම කොත්තු කන්න කැමති. ඉතින් වස විස පිරුණු කොත්තු කනවට වඩා හොද නැද්ද අපේ අතින්ම කොත්තුවක් හදන් කන එක. අද අපි  හදමු ගෙදරදිම රසට කොත්තු. 

✅ කොත්තු රොටිය හදන්න අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍛 පාන් පිටි 5 Cup
  • 🍛 පොල් ගෙඩියක මිටි කිරි සහ දිය කිරි 
  • 🍛 ලුණු රස අනුව

✅ කොත්තු රොටිය සාදා ගන්නා ආකාරය:

  1. ලින්ම පාන් පිටි වලට ලුණු  දමා කලවම් කර පොල් කිරි එකතු කරමින් කැටි නොගැසෙන ලෙස  මිශ්‍රනය පෑන් කේක් පදමට හදාගන්න. 
  2. එම හදාගත් මිශ්‍රනයෙන් කොටස කොටස ගෙන පැන් එකට  දමා දෙපැත්ත පුච්චා රොටි  හදාගන්න. 
  3. එම රොටි  පොඩි කැලි වලට කපා ගන්න.

දැන්  කොත්තුව සැදිමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා බලමු.

✅ අවශ්‍ය ද්‍රව්‍ය:

  • 🍛 බටර් / මාගරින්
  • 🍛 ලොකු  රට ළුැණු 1 ක්
  • 🍛 සුදු ළුැණු බික් 6-7 ක්
  • 🍛 සුදු ළුැණු බික් 6-7 ක්
  • 🍛 කරපිංචා ඉති 3-4 ක්
  • 🍛 කරාබු නැටි 2 ක්
  • 🍛 කුරුදු පොඩි කැල්ලක්
  • 🍛 තක්කාලි ගෙඩි 3 ක්
  • 🍛 කැලි මිරිස් (රස  අනුව)
  • 🍛 ගම්මිරිස් (රස  අනුව)
  • 🍛 ලුණු  (රස  අනුව)
  • 🍛 මිටි කිරි (අවශ්‍ය පමණ)
  • 🍛 කැරට් 1 Cup
  • 🍛 ලීක්ස් ½ Cup 

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම ඉගුරු, සුදු ළුැණු, කරාබු නැටි, කුරුදු එකට දමා පේස්ට් එකක් හදාගන්න.
  2. දැන් භාජනයක්  ලිප තබා රත් වු විට බටර් එකතු කර කරපිංචා, හදා ගත් සුදු ළුැණු පේස්ට් එක දමා ටික වේලාවක් කලවම් කර එයටම රටළුැණු දමා රන්වන් පාට වන තෙක් බැදගන්න.
  3. තක්කාලි Blender කර පේස්ට් එකක් හදා ගෙන ළුැණු මිශ්‍රනයටම  එකතු කර හොදින් කලවම් කරන්න.
  4. එයටම කැරට්, කැලි මිරිස්, ගම්මිරිස්, ලුණු එකතු  කර කලවම් කර කපා ගත් රොටි ද දමා නැවත හොදින් කලවම් කරන්න. 
  5. තමන්ට අවශ්‍ය තෙත ගතිය එන තෙක් මිටි කිරි එකතු කර ටික වේලාවක් කලවම් කර කෑමට ගන්න.
ඔයාලා කැමති දේවල් මෙකට එකතු කරගන්න පුළුවන් චීස්, තක්කාලි සොස්, mayonnaise, සෝයා සොස් වගේ දේවල්

මේ එළවළු කොත්තු හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
Sri Lanka,කෑම වට්ටෝරු,කොත්තු වර්ග,අතිරේක අහාර වර්ග
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
එළවළු කොත්තු 🍛🍛🍛 (Vegetable Kottu) එළවළු කොත්තු 🍛🍛🍛 (Vegetable Kottu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 28, 2021 Rating: 5

0 comments:

Post a Comment