රුලං තෝසේ හදමු (‍Semolina Dosai - Rulan Those Hadamu)

රුලං තෝසේ හදමු (‍Semolina Dosai - Rulan Those Hadamu) - Your Choice Way
රසට හරිම ඉක්මනට හදාගන්න පුළුවන් Recipes හැමදාම වගේ අපි ඔයාලට අරගෙන ආවා. අදත් අපි ගෙනාවා ඒ වගේම හරිම ලේසියෙන් පහසුවෙන් හදන්න පුළුවන් Recipe එකක්. මේ තෝසේ එක හදන්න භාවිත කරන ප්‍රධාන අමුද්‍රව්‍ය රුලං. ඔයාලා දන්නවා රුලං බොහෝම ගුණදායක යකඩ, කැල්සියම් ආදීයෙන් පොහොසත් ආහාරයක් බව. 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • රුලං 1 Cup
  • පොල් කිරි 1 Cup හෝ ඊට වැඩි
  • ලුණු 
  • පොඩි රටළූණු ගෙඩියක් (සිහින්ව කපාගත්)
  • කරපිංචා ඉති 3-4 ක් (සිහින්ව කපාගත්)
  • සුදුළුෑණු බික් 2-3 ක්
  • සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අලයක් (සිහින්ව කපාගත්)
  • කෑලි මිරිස්

✅ සාදා ගන්නා ආකාරය:

  1. මුලින්ම රුලං, පොල් කිරි ½ cup, ලුණු එකට දමා හොදින් කලවම් කර වසා පැත්තකින් තබන්න. (රුලංවලට පොල් කිරි / ලුණු උරාගැනිමට)
  2. ඉන්පසු පැන් එකක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් වු විට අබ එකතු කර අබ පුපුරන විට තෙලට රටළූණු, කරපිංචා එකතු කර ටික වේලාවක් කලවම් කර එයටම කැරට්, එකතුකර තෙම්පරාදු කරගන්න. ලුණු, කැලි මිරිස් රස අනුව දමා ගන්න.
  3. එම හදාගත් ළූණු මීශ්‍රනය රුලං එකට දමා කලවම් කර තොසේ පදමට පොල් කිරි එකතු කරගන්න.
  4. දැන් Pan එකක් ලිප තබා රත් වු විට තොසේ මීශ්‍රනයෙන් කොටස කොටස ගෙන pan එකට දමා තුනී කර දෙපැත්ත පුච්චා තෝසේ හදාගන්න.

මේ රුලං තෝසේ හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
රුලං තෝසේ හදමු (‍Semolina Dosai - Rulan Those Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රුලං තෝසේ හදමු (‍Semolina Dosai - Rulan Those Hadamu) රුලං තෝසේ හදමු (‍Semolina Dosai - Rulan Those Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 21, 2021 Rating: 5

0 comments:

Post a Comment