මුද්දට වැහුණු ආච්චී වළ හෑරූ කොල්ලගෙන් පලි ගත් හැටි (Ring)

මුද්දට වැහුණු ආච්චී වළ හෑරූ කොල්ලගෙන් පලි ගත් හැටි (Ring) - Your Choice Way
මගේ යාළුවෙක් තමයි මේ කතාව මට කිව්වේ. යාළුවාගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් මේ ළඟදි මැරුණා. අනුරාධපුරේ නෝච්චියාගම තමයි ඒ මල්ලි ඉඳලා තියෙන්නේ. මේ අවුරුද්දේ අළුත් අවුරුදු දවස් ඉවර වුන ගමන්ම මේ මල්ලිගේ සීයා නැතිවෙලා තියෙනවා..සීයා නැතිවෙලා තියෙන්නේ නම් අසනීප වෙලා හිටපු නිසා. එයාලට පවුලේ සුසාන භූමියක් තියෙන නිසා මේ සීයාවත් ඒ පවුලේ සුසාන භූමියේ තමයි වළදාන්න ලෑස්ති කරලා තියෙන්නේ..

ඉතින් මේ මල්ලියි,, පවුලේ තවත් කීප දෙනෙකුයි එකතු වෙලා සීයාව වළදාන්න අළුත් වළක් හාරලා තියෙනවා. මේ වළ හාරද්දි වෙනත් මිණි වළක් ඕපන් වෙලා. ඒ වළ මීට අවුරුදු 15කට විතර කලින් වළදාපු ආච්චි කෙනෙක්ගේ වළක්. මිණි පෙට්ටිය එහෙම හොඳටම දිරාපත් වෙලා හොයාගන්නවත් තිබිලා නෑ. ඒත් මේ ආච්චි වළදාද්දි ඇඳන් හිටපු ඇඳුම පොඩ්ඩක්වත් දිරලා තිබිලා නෑ වළදාපු විදියටම ඇඳුමත් එක්ක ඇටසැකිල්ල තිබිලා තියෙනවා. මේ මල්ලි ඒ වළ ඇතුළට ගිහින් බලලා. ඒ ආච්චිගේ ඇටකෝටු ඇඟිල්ලක මුද්දක් තිබිලා තියෙනවා. ඒ මුද්දෙන් තමයි ඒ ආච්චිව හරියටම අඳුරගන්න පුළුවන්වෙලා තියෙන්නේ..ඒ මුද්ද එච්චර වටින එකකුත් නෙමෙයි, සුදු යකඩ වගේ මුද්දක්. මල්ලි ඒ මුද්ද අරගෙන එයාගේ ඇඟිල්ලට දාගෙන.

ඉතින් සීයාවත් වළදාලා මළගෙදර වැඩ ඉවර වෙලා හත්දවසේ දානේ එහෙමත් දීලා මේ මල්ලි රෑ 11ට විතර බයික් එකේ ගමනක් ගිහින් තියෙනවා. හැබැයි ඒ ගියේ කොහෙද, මොකටද කියන්න නම් කව්රුත් දන්නේ නෑ. ඒ වගේම මල්ලි ගියේ එයාගේ අන්තිම ගමන කියලා ඒ මල්ලිවත් පවුලේ අයවත් හිතන්න නැතිව ඇති.

එදා මේ මල්ලිගේ බයික් එක ගහක හැප්පිලා මල්ලි විසිවෙලා ගිහින් ළඟ තිබුන තාප්පෙක ඔළුව වැදිලා ඔළුව කුඩුපට්ටම් වෙලා මැරිලා.ඒ මල්ලිගේ ගෙදර ඉඳලා 10km විතර ඈතින් තමයි මේක වෙලා තියෙන්නේ..

මේ මල්ලි හැප්පෙන වෙලාවේ පාරේ මිනිස්සු තුන් දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ මිනිස්සු එ් තරම් රෑ වෙලා කොහෙද ගියෙ කියලා නම් මං දන්නේ නෑ. ඒත් ඒ මින්ස්සු ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා මල්ලි හැප්පෙනවා. එයාලා පොලීසියට සාක්ෂිත් දීලා තියෙනවා. 119ට කෝල් කරලත් තියෙනවා.. මේ මල්ලි ගොඩක් වේගෙන් ඇවිල්ලත් නෑ. දැකපු අය නම් කියන්නේ 40ට විතර ආවේ කියලා. එක පාරටම බයික් එක රේස් වෙලා තියෙනවා. එකකොටම මේ මල්ලි කෑ ගහලා. හැබැයි කෑ ගහල තියෙන්නේ නම් මුකුත් වචන කියලා නෙමෙයි. නිකන් යටිගිරියෙන් හූ කියනවා වගේ තමයි කෑ ගහලා තියෙන්නේ. මේ මල්ලි ගොඩක් ට්‍රයි කරලා තියෙනවා බයික් එක කන්ට්‍රෝල් කරන්න. ඒත් බැරි වෙලා..

ඒත් පුදුමේ කියන්නේ කෙලින් පාරක තමයි මේ දේ වෙලා තියෙන්නේ. කෙලින් පාරේ යද්දි බයික් එක පාරෙන් එළියට ගිහින් පාරෙන් පිට තිබුන ගහක තමයි හැප්පිලා තියෙන්නේ. හරියට නිකන් පාරෙන් පිට ඉඳලා කව්රු හරි ඇදලා අරන් වගේ. ගමේ ගොඩක් අය කියන්නේ නම් මූ ඕන්නැති වැඩ කරන්න ගිහින් ආච්චිගේ මුද්ද ගත්ත නිසා තමයි මෙහෙම වුනේ කියලා...

සත්‍ය කතාවක්...
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මුද්දට වැහුණු ආච්චී වළ හෑරූ කොල්ලගෙන් පලි ගත් හැටි (Ring) මුද්දට වැහුණු ආච්චී වළ හෑරූ කොල්ලගෙන් පලි ගත් හැටි (Ring) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 20, 2021 Rating: 5

0 comments:

Post a Comment