“මරණයේ වෙළෙන්දා” සාමය පිළිබද සංකේතයක් බවට පත් වූ අයුරු - බොහෝ දෙනෙක් නොදන්නා නොබෙල් ත්‍යාගය පිළිබද කතාව (Nobel Prize)

“මරණයේ වෙළෙන්දා” සාමය පිළිබද සංකේතයක් බවට පත් වූ අයුරු - බොහෝ දෙනෙක් නොදන්නා නොබෙල් ත්‍යාගය පිළිබද කතාව (Nobel Prize) - Your Choice Way
“මරණයේ වෙළෙන්දා මිය යයි!"

මේ 1888 අප්‍රේල් 15 දින සියලුම ප්‍රංශ ප්‍රධාන පුවත්පත් සහ සඟරා වල පළවූ සිරස්තලය යි. එමෙන්ම මේ වෙළඳපොලේ "මරණය" විකුණූ පුද්ගලයාගේ මරණය ගැන ප්‍රවෘත්තිය අසා බොහෝ දෙනෙක් සතුටු විය. එහෙත් මේ මරණයේ වෙළෙන්දා කවුද? ඒ අන් කිසිවෙකුත් නොව වර්තමානයේද බොහෝ ප්‍රසිද්ධ ඇල්ෆ්‍රඩ් නොබෙල්ය. 

ඇල්ෆ්‍රඩ් නොබෙල් යන නම කියන විට වර්තමානයේ බොහෝ දෙනාගේ මතකයට නැගෙන්නේ ඔහු නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘ බවය. නමුත් ඒවන් ක්‍රියාවක් සිදු කළ පුද්ගලයෙක් මෙලෙස අපහාසාත්මක ලෙස හදුන්වනු ලබන්නේ ඇයි? ඇල්ෆ්‍රඩ් නොබෙල් “මරණයේ වෙළෙන්දා” යන නමින් හැඳින්වූයේ ඇයි? එසේ කිරීමට ඔහු සිදු කළ වැරැද්ද කුමක්ද? අද අප ඒ පිළිබඳව විමසා බලමු.

ඇල්ෆ්‍රඩ් බර්නාඩ් නොබෙල් 1833 ඔක්තෝබර් 21 වන දින ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේදී උපත ලැබීය. ඔහු ස්වභාවයෙන්ම ගැටළු විසඳන්නෙකු වූ අතර සෑම දෙයක් පිළිබඳවම දැඩි කුතුහලයකින් පසු වූ අයෙකු විය. ඔහුගේ මේ උපතින් ලද දක්ෂතා නිසා ඔහු සිදු කළ නව නිපැයුම් සහ ඔහු සතුව තිබූ ව්‍යාපාරික දක්ෂතත් නිසා ඔහු ඉතිහාසයේ බිහි වූ ධනවත්ම පුද්ගලයෙකු බවට පත් විය.

රසායන විද්‍යාව ඔහුගේ ප්‍රියතම විෂය වූ අතර ඔහු කෙමෙන් වැඩෙත්ම නයිට්‍රොග්ලිසරින් නම් රසායනික ද්‍රව්‍යය ආශ්‍රිත පරීක්ෂණ වලට ඔහු බොහෝ ලෙස යොමු විය. මෙම රසායනිකයේ ඇති පුපුරන සුලු ලක්ෂණ වල අනපේක්ෂිත ස්වභාවය නිසා එය සමඟ වැඩ කිරීමට ඔහු තුළ ඇති වූ කුතුහලය තවත් වැඩි විය. මෙම රසායනිකයේ තිබූ නොගැලපෙන ප්‍රතික්‍රියාශීලී හැකියාව හේතුවෙන් එකල සිටි බොහෝ විද්‍යාඥයින් මෙම රසායනිකය පිළිකුල් කලද ඇල්ෆ්‍රඩ් එයට බොහෝ ලෙස ආදරය කරන ලදී.

ඔහු තුළ තිබූ කුතුහලය නයිට්‍රොග්ලිසරින් සමඟ අත්හදා බැලීම් සිදු කිරීමට ඇති ඇල්ම දිනෙන් දින වර්ධනය කරන ලදී. වාණිජමය භාවිතය සඳහා වඩාත් ස්ථාවර නිෂ්පාදනයක් මේ ආශ්‍රයෙන් නිර්මාණය කිරීමට ඔහුට අවශ්‍ය විය. ස්ථායී සංයෝගයක් සොයා ගැනීම සඳහා ඇල්ෆ්‍රඩ්  නයිට්‍රොග්ලිසරින්හි විවිධ අනුපාත භාවිතා කරමින් නිමක් නැති සංයෝජන සෑදීමට පටන් ගන්නා ලදී. ඔහු මෙම පරීක්ෂණ වල සාර්ථකත්වයේ අද්දරටම පැමිණියද දෛවය ඔහුට හරස් විය.

1864 ඔහුගේ රසායනික මිශ්‍රණ වල සිදු වූ වැරැද්දක් හේතුවෙන් ඔහුගේ පරීක්ෂණාගාරය තුළ විශාල පිපිරීමක් සිදු විය. මෙම සිද්ධියෙන් ඇල්ෆ්‍රඩ්ගේ බාල සොහොයුරු එමිල්  ඇතුළු කිහිප දෙනෙක් මිය ගිය අතර ඇල්ෆ්‍රඩ් තුවාල ලබන ලදී. 

අත්හදා බැලීම් නතර කරන ලෙස බොහෝ දෙනා ඔහුට උපදෙස් දෙන ලදී. නමුත් දැන් ඔහු වෙන කවරදාටත් වඩා අධිෂ්ඨානයකින් යුක්තව පරීක්ෂණ සිදු කළ අතර ඔහු පැවසුවේ තම සහෝදරයාගේ මරණය නිෂ්ඵල එකක් වීමට ඉඩ නොතබන බවයි. 

ඔහු එක දිගට දිවා රාත්‍රී පුරා වැඩ කරන ලදී. කිසිවෙකු ඔහුට සහාය ලබා දුන්නේ ද නැත. එහෙත් ඔහු තම කණ්ඩායම නොමැතිවම තනිව තම පරීක්ෂණ සිදු කර ගෙන යන ලදී. සෙසු පරීක්ෂකයින් නොමැතිව ඉදිරි ගමනක් යාමට ඔහු අධිෂ්ඨාන කර ගන්නා ලදී. අවසානයේදී එම දිනය උදා විය. 1867 දී ඔහු විසින් ඉතිහාසය යළි නිර්මාණය කරන ලදී.

ඔහුගේ මිලියන සංඛ්‍යාත උත්සාහයන්ගේ ප්‍රතඵලයක් ලෙස ඔහු අවසානයේ රසායනික සංයෝගයක් නිර්මාණය කළ අතර එය වාණිජමය ලෙස භාවිතා කළ හැකි ස්ථාවර මෙන්ම පාලනය කළ හැකි එකක් විය. පාලනය කළ නොහැකි පුපුරණ ද්‍රව්‍යයක් පාලනය කළ හැකි එකක් බවට සාර්ථකව පරිවර්තනය කළ ඉතිහාසයේ පළමු පුද්ගලයා බවට ඔහු පත්විය. එබැවින් ඔහුට එය “නොබෙල්ගේ ආරක්ෂිත කුඩු” ලෙස නම් කිරීමට අවශ්‍ය විය. කෙසේ වෙතත් අවසානයේ ඔහු එය “ඩයිනමයිට්” ලෙස හැඳින්වූ අතර එහි ග්‍රීක භාෂාවෙන් අර්ථය “බලය” යන්නයි.

“ඩයිනමයිට්” නම් මේ නව සොයාගැනීම පිළිබඳව බොහෝ දෙනෙක් විමසිල්ලෙන් පසු විය. පුපුරන සුලු රසායනික ද්‍රව්‍යයක් සාර්ථක ලෙස පාලනය කිරීමට කිසිවෙකු එතෙක් සමත් වී තිබුණේ නැත. මේ නිසා බොහෝ දෙනා අතර ඔහු දක්ෂයෙක් හා බුද්ධිමතෙකු ලෙස මහත් ප්‍රසිද්ධ විය. එමෙන්ම මෙම නව නිපැයුම පිළිබද පුවත ඉතා ඉක්මනින් ලොව පුරා පැතිර යන ලදී. බොහෝ දෙනා ඔහු පිළිබඳව සොයා බැලූ අතර ඔහුව එක රැයකින් තරුවක් බවට පත් විය. ඔහුගේ රහස් රසායනික සූත්‍රය දැන ගැනීමට පර්යේෂකයන්ට සහ විද්‍යාඥයින්ට අවශ්‍ය වූ අතර ඉංජිනේරු සමාගම්වලට ඔවුන්ගේ පතල් සහ ඉදිකිරීම් ගැටළු විසදා ගැනීමට ඔහුව අවශ්‍ය විය. ඊට අමතරව රජයට අවශ්‍ය වූයේ ඔහු හරහා රටෙහි ආයෝජන ඉහළ නංවා ගැනීමටය.

ඩයිනමයිට් මගින් තත්පර කිහිපයක් තුළ විශාල කන්දක් හෝ පාෂාණයක් පුපුරවා දැමීමට හැකි විය. ඩයිනමයිට් සොයා ගැනීමට පෙර ඉදිකිරීම්, පතල් කැණීම්, ඇල මාර්ග කැණීම් ඇතුළු බොහෝ දේවල් සිදු කිරීම ඉතා දුෂ්කර එකක් විය. එම නිසා එකල මෙය විකුණුනේ උණු කැවුම් මෙනි. 

මේ නිසා ඉල්ලුමට සරිලන සේ සැපයුම වැඩි කිරීමට ඇල්ෆ්‍රඩ්ට සිදු විය. එබැවින් ඩයිනමයිට් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා ඔහු කර්මාන්තශාලා රාශියක් ආරම්භ කරන ලදී. එකල ඔහුගේ ව්‍යාපාර සදහා ආයෝජකයින් සහ කර්මාන්තකරුවන් විශාල වශයෙන් ආයෝජනය කරන ලදී. මේ නිසා වෙළඳපොළ ඉක්මනින්ම ඩයිනමයිට් වලින් පිරී ගිය අතර සියලු දෙනා ඇල්ෆ්‍රඩ්ට ප්‍රශංසා කරන ලදී. 

ඇල්ෆ්‍රඩ් එක රැයකින් කෝටිපතියෙකු බවට පත්විය. ඔහු ලද මේ සුවිශාල සාර්ථකත්වය ඔහුට ඔහුගේ පරීක්ෂණ දිගටම කරගෙන යාමට අවශ්‍ය විශ්වාසය සහ මුදල් යන දෙකම ලබා දෙන ලදී. සියල්ලන්ටම ඔහුගේ අභිප්රායන් පැහැදිලි විය. ඔහුට ඊළඟට අවශ්‍ය වූයේ ඊටත් වඩා විශාල දෙයක් කිරීමටය. කෘතිම ද්‍රව්‍ය හා නයිට්‍රොග්ලිසරින් භාවිතයෙන් පාලනය කළ හැකි පුපුරණ ද්‍රව්‍ය සඳහා නව සූත්‍ර රාශියක් සකස් කිරීමට ඔහු සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ නමින් පේටන්ට් බලපත්‍ර 355 ක් ලබා ගැනීමට ඔහුට හැකි විය.

ඇල්ෆ්‍රඩ්ගේ තෘෂ්ණාව සහ සාර්ථකත්වය සඳහා ඔහු තුළ තිබූ විශාල ආශාව නිසා මානව වර්ගයා මෙතෙක් දැන සිටි බලවත්ම හා විනාශකාරී ආයුධයක් වන “රසායනික අවි” නිශ්පාදනය කිරීමට ඔහු පෙළඹිණි. ඔහු කාලතුවක්කු ෂෙල් වෙඩි සහ වෙනත් යුද ආයුධ නිෂ්පාදනය කිරීමට පටන් ගත්තේය. නමුත් බොහෝ සම්මුඛ සාකච්ඡා වලදී ඔහු පවසන ලද්දේ තමා උදාර අරමුණක් වෙනුවෙන් වැඩ කරන බවයි. ඔහු වරක් ප්‍රකාශ කර සිටියේ "මෙම ආයුධ වලින් එක මොහොතකින් මුළු හමුදාවක්ම මුළුමනින්ම විනාශ කළ හැකි බව මිනිසුන්ට වැටහුණු වහාම ඔවුන් සටන් නිමා කොට සමාදාන වනු ඇති බවයි." එහෙත් යතාර්ථය එය නොවීය. 

යුද්ධ නතර වූයේ නැත. මිනිස් සංහතියට ආශීර්වාදයක් සේ ලැබුණු එම සොයාගැනීම මිනිසාගේ ලොකුම ශාපය විය. දුර්වල ජාතීන් කෙරෙහි ඔවුන්ගේ ආධිපත්‍යය පුළුල් කිරීම සඳහා ශක්තිමත් ජාතීන් ඉතා කෲර ලෙස මෙම ආයුධ යොදා ගන්නා ලදී. ඇල්ෆ්‍රඩ්ගේ විනාශකාරී ආයුධ නිසා බොහෝ අහිංසක මිනිසුන්ගේ ජීවිත අහිමි විය.

ඇල්ෆ්‍රඩ්ගේ මේ විනාශකාරී සොයාගැනීම ගැන ජනතාව බොහෝ ලෙස විවේචනය කිරීමට පටන් ගන්නා ලදී. ඉන් පසු සෑම කෙනෙක්ම ඔහුව හැදින්වූයේ තොග වෙළඳපොළක මරණය විකුණූ වෙළෙන්දෙකු ලෙසය. එහෙත් ඇල්ෆ්‍රඩ් මිනිසුන්ගේ මේ කෝපය හා වෛරය පිළිබද දැන සිටියේ නැත. නමුත් එක් දිනක ඔහුට සියල්ල අවබෝධ විය. 

1888 දී ඇල්ෆ්‍රඩ්ගේ සහෝදරයක් වන ලුඩ්විග් රක්තපාතය සෑදී මිය යන ලදී. නමුත් මාධ්‍ය සිතුවේ මියගොස් ඇත්තේ ඇල්ෆ්‍රඩ් බවයි. මෙම වැරදි වැටහීමෙන් සියලු පුවත්පත් වාර්තා කර සිටියේ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගොස් ඇතැයි කියාය. මෙම වැරදි වටහා ගැනීම නිසා ඇල්ෆ්‍රඩ් සමාජය තමා ගැන සිතා සිටින්නේ කෙසේදැයි යන්න පිළිබඳව නිවැරදිවම දැන ගන්නා ලදී.

“මරණයේ වෙළෙන්දා මියගොස් ඇත” යන අතිශය බිහිසුණු අවමංගල්‍යය දැන්වීම ප්‍රකාශයට පත් කරමින් මුද්‍රිත මාධ්‍ය සියල්ලම පාහේ ඔහුට එරෙහිව දරුණු ප්‍රහාරයක් දියත් කර තිබුනි. බොහෝ දෙනා ඔහු මියගොස් ඇතැයි ප්‍රීති වූ බවද සදහන් වේ. 

ඇල්ෆ්‍රඩ් උදේ අවදි වූ විට මිනිසුන් ඔහු ගැන සිතන්නේ කුමක්දැයි දැක ඔහු මහත් සේ කම්පනයට පත් විය.  මෙම විනාශකාරී විවේචනය ඔහුගේ හෘදය සාක්ෂියට හා ආත්මයට නොබිඳිය හැකි සලකුණක් එක් කරන ලදී. කෙතරම් ධනය තිබුණද තම මරණය ගැන අසා බොහෝ දෙනා සතුටු වන්නේ නම් එම ධනය කුමකටදැයි ඔහු කල්පනා කරන්නට පටන් ගන්නා ලදී. 

මෙලෙස වසර දෙකක් ගත විය. මෙම සිදු වීම ඔහුගේ සිතට නිතර වද දුන් අතර අවසානයේදී ඔහු තීරණයක් ගන්නා ලදී. නමුත් මෙම කාලය පුරාත් ඔහු  වඩාත් ධනවත් වූ අතර, පුපුරණ ද්‍රව්‍ය හා යුද අවි නිෂ්පාදනය කරන කර්මාන්තශාලා 100 කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන ගියේය. 

අවසානයේ ඔහු “නොබෙල් පදනම” නමින් ලාභ නොලබන සංවිධානයක් පිහිටුවා ගත්තේය. මෙමගින් ඔහුගේ අභිප්‍රාය වූයේ මනුෂ්‍යත්වයට සේවය කරන සියලු දෙනාටම පරාර්ථකාමී ලෙස ප්‍රතිලාභ ලබා දීමයි. නොබෙල් පදනමේ ආදර්ශ පාඨය වූයේ මනුෂ්‍යත්වයේ අභිවෘද්ධිය වෙනුවෙන් පරාර්ථකාමී ලෙස සේවය කරන පුද්ගලයන්ට ත්‍යාග පිරිනැමීමයි.

එබැවින් රසායන විද්‍යාව, සාහිත්‍යය, වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ සාමය යන ක්ෂේත්‍රවල ආදර්ශවත් සේවයක් සිදු කරන පුද්ගලයින් වෙනුවෙන් මෙම නොබෙල් ත්‍යාගය හිමි වේ.  අදටත් නොබෙල් ත්‍යාගය මානව ඉතිහාසයේ ඉහළම මානුෂීය සම්මානවලින් එකක් ලෙස සැලකේ.

සෑම කෙනෙකුටම තම ප්‍රතිරූපය වෙනස් කර ගැනීමට දෙවන අවස්ථාවක් නොලැබේ.  එහෙත් ඇල්ෆ්‍රඩ් නොබෙල් එය ලැබීමට තරම් වාසනාවන්ත වූ අතර ඔහු එයින් උපරිම ප්‍රයෝජන ලබා ගත්තේය. ඔබට කළ නොහැකි කිසිවක් නොමැති බව ඇල්ෆ්‍රඩ් නොබෙල් අපට පෙන්වා දෙන ලදී. අවසානයේදී ඔහු තම වැරදි තේරුම් ගත් අතර ඔහුට හැකි පමනින් ඒවා නිවැරදි කර ගැනීමට කටයුතු කරන ලදී.

විශ්මිත ඉතිහාසය
“මරණයේ වෙළෙන්දා” සාමය පිළිබද සංකේතයක් බවට පත් වූ අයුරු - බොහෝ දෙනෙක් නොදන්නා නොබෙල් ත්‍යාගය පිළිබද කතාව (Nobel Prize) - Your Choice Way
ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අභිමතය පරිදි ඔහුගේ මුළු වත්කම්වලින් 94% ක් නොබෙල් ත්‍යාග පිහිටුවීම සඳහා භාවිතා කළ යුතුය

“මරණයේ වෙළෙන්දා” සාමය පිළිබද සංකේතයක් බවට පත් වූ අයුරු - බොහෝ දෙනෙක් නොදන්නා නොබෙල් ත්‍යාගය පිළිබද කතාව (Nobel Prize) - Your Choice Way
ඔහුගේ මරණය පුවත්පත් වල පලවී තිබූ අයුරු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
“මරණයේ වෙළෙන්දා” සාමය පිළිබද සංකේතයක් බවට පත් වූ අයුරු - බොහෝ දෙනෙක් නොදන්නා නොබෙල් ත්‍යාගය පිළිබද කතාව (Nobel Prize) “මරණයේ වෙළෙන්දා” සාමය පිළිබද සංකේතයක් බවට පත් වූ අයුරු - බොහෝ දෙනෙක් නොදන්නා නොබෙල් ත්‍යාගය පිළිබද කතාව (Nobel Prize) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 25, 2021 Rating: 5

0 comments:

Post a Comment