Nidi Nathi Dase Song Lyrics - නිදි නැති දෑසේ ගීතයේ පද පෙළ

Nidi Nathi Dase Song Lyrics - නිදි නැති දෑසේ ගීතයේ පද පෙළ
Song Title : Nidi Nathi Dase (නිදි නැති දෑසේ)
ගායනය : උපාලි කන්නංගර
පද : ලලිත් වසන්ත
තනුව : උපාලි කන්නංගර


නිදි නැති දෑසේ
ඔබෙ වත පෙරසේ
හිනැහෙයි රහසේ පැතුම් මවා
සැමරුම් සිහිවේ
මතකය පෑරේ
කෙළෙස හිඳිම්දෝ සිත රවටා ....//
කෙළෙස හිඳිම්දෝ සිත රවටා

මගේ ලොවේ සඳුවී හිනැහෙන්නට
අනාගතේ මංපෙත සාදන්නට
ඔබට වරම් නැති වුවත් ළඳේ
වෙනසක් නෑ මගෙ සෙනෙහෙ හදේ
රෝස වසන්තේ මිලින වෙලා අද
අපි දෙදෙනා දෙතැනකට වෙලා //

නිදි නැති දෑසේ
ඔබෙ වත පෙරසේ
හිනැහෙයි රහසේ පැතුම් මවා
සැමරුම් සිහිවේ
මතකය පෑරේ
කෙළෙස හිඳිම්දෝ සිත රවටා //

මව්පියො අභිමුව ඔබ අසරණ බව
අනිකෙකු අත ගෙන ඔබ යා යුතු බව
නෙත කඳුළෙන් වුව පිළිගන්නම්
මෙය නම් දෛවේ නොසැලෙන්නම්
ඔබට සොඳුරු නව ලොවක් පතා මා
මගේ මිලින ලොව තනිවෙන්නම් //

නිදි නැති දෑසේ
ඔබෙ වත පෙරසේ
හිනැහෙයි රහසේ පැතුම් මවා
සැමරුම් සිහිවේ
මතකය පෑරේ
කෙළෙස හිඳිම්දෝ සිත රවටා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nidi Nathi Dase Song Lyrics - නිදි නැති දෑසේ ගීතයේ පද පෙළ Nidi Nathi Dase Song Lyrics - නිදි නැති දෑසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2021 Rating: 5

0 comments:

Post a Comment