Irene Josaphin Rosalin Song Lyrics - අයිරින් ජොසපින් රොසලින් ගීතයේ පද පෙළ

Irene Josaphin Rosalin Song Lyrics - අයිරින් ජොසපින් රොසලින් ගීතයේ පද පෙළ

Irene Josaphin Rosalin Song Lyrics - අයිරින් ජොසපින් රොසලින් ගීතයේ පද පෙළ
Song Title : Irene Josaphin Rosalin (අයිරින් ජොසපින් රොසලින්)
ගායනය : සමන් ද සිල්වා
මුල් ගැයුම, සංගීතය, ගී පද : වොලී බැස්ටියන්


අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්

වියෝලෙ මා සනසන වියෝලේ
වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ
ඔබේ මිහිරි නදට නිදැල්ලේ
නැලවේ ළදරුවො රන් තොටිල්ලේ
වියොලේ ඔබව නෑ මා හැර ගියේ
සංගීත සාස්තරේ කුමාරියේ
විනෝදේ ඔබනේ සුර ලියන්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්

වීනා නාදෙට දෙව් සුර ලියන්
නැටුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන්
නිරිඳුන් බිසෝවරුන්ද පඬි දනන්
ආවානේ ඔබෙ තරගෙට දුර සිටන්
මිහිරී ගීත නාද ලියන්ගේ
ඇසිලා සිත් ඇදුනා ලොව දනන්ගේ
නාදේ මහළු වුණත් අනර්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්

බාලේදී ඔබට බැන්ද ආදරේ
මේ කාලේ සිට සිතෙන් මාගෙ නොම හැරේ
සිතේ ඇතිවෙන දුක් කරදරේ
ඔබගේ තත් තාලයකට මග ඇරේ
මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද බට නලාවේ
හමුවෙමු අපි දෙන්නා සුවර්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Irene Josaphin Rosalin Song Lyrics - අයිරින් ජොසපින් රොසලින් ගීතයේ පද පෙළ Irene Josaphin Rosalin Song Lyrics - අයිරින් ජොසපින් රොසලින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 24, 2021 Rating: 5

0 comments:

Post a Comment