මාරාන්තික අත්වැරැද්දක් සිදු කොට ජීවිතයෙන් වන්දි ගේවූ පාපන්දු ක්‍රීඩකයා (Football Player)

මාරාන්තික අත්වැරැද්දක් සිදු කොට ජීවිතයෙන් වන්දි ගේවූ පාපන්දු ක්‍රීඩකයා (Football Player) - Your Choice Way
පාපන්දු යනු ලෝකයේ වඩාත්ම ආදරය කරන සහ බොහෝ දෙනා නරඹන ක්‍රීඩාව ලෙස සැලකෙන අතර පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් නවතා දමා ඇති බොහෝ තරඟ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් දුකට පත් කර ඇත. පාපන්දු ලෝකයේ සහ පාපන්දු ලෝකයෙන් පිටත පවා මෙම ක්‍රීඩාව නිසා බොහෝ සුන්දර සිදුවීම් සිදු වී ඇත. උදාහරණයක් ලෙස පළමුවන ලෝක සංග්‍රාමයේදී ජර්මානු සහ බ්‍රිතාන්‍ය හමුදා අතර පැවති සුහද පාපන්දු තරගය දැක්විය හැක.

ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුත් පාපන්දු ලෝකය තුළ, ඉතා සිත්ගන්නාසුලු සිදුවීම් රාශියක් සිදු වී ඇතත් එක් සිදු වීමකින් මුළු ලෝකයම කම්පනයට පත් විය. එම සිදුවීම සිදු වූ රට සැලකීමේදී එය එතරම් පුදුමයක් නොවුවත් සැබැවින්ම මේ සුන්දර ක්‍රීඩාවේ සුන්දර බව නැති කිරීමට එම සිදුවීම සමත් විය.

1994 ලෝක කුසලානයේ අවසානයට ආසන්නව සිටියදී රුමේනියාව ලකුණු පුවරුවේ පෙරමුණ ගෙන සිටි අතර තරඟය තුළ රැඳී සිටීම සඳහා ඔවුන් සමග ඊළඟට ක්‍රීඩා කිරීමටව නියමිතව සිටි කණ්ඩායම වූ කොලොම්බියාවට තරගය ජය ගත යුතුව තිබූ අතර ඔවුන් ලකුණු පුවරුවේ පහළින්ම සිටින ලදී. කණ්ඩායම් දෙකෙහිම විශිෂ්ට ක්‍රීඩකයන් සිටි නමුත් මෙම ක්‍රීඩකයන් සියල්ලම මනුෂ්‍යයන් වන අතර පසුව ලිපියේ මා එසේ පවසන්නේ මන්දැයි ඔබට වැටහෙනු ඇත.

80 දශකයේ කොලොම්බියාව පාලනය කළ කුප්‍රකට මත්ද්‍රව්‍ය අධිපතියා වූ පැබ්ලෝ එස්කොබාර් ඔහුගේ මුදල් තරම්ම පාපන්දු ක්‍රීඩාවටද ආදරය කළ එකල ඉතා බලවත් පුද්ගලයෙකි. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සෑදුණු මුදල් වලින් ඔහු එකල මුළු ලෝකයම පාලනය කරන ලදී. පැබ්ලෝ සිය ව්‍යාපාර බොහොමයක් සිදු කළ මෙඩලින් නගරයේ නැෂනල් වැනි ක්‍රීඩාංගන ඉදිකිරීමට සහ කොලොම්බියානු කණ්ඩායම්වලට මුදල් යෙදවීමට ඔහුගේ මුදල් විශාල ප්‍රමාණයක් පොම්ප කළේය. පැබ්ලෝ එස්කොබාර් 1993දී ඝාතනය කරන ලද නමුත් කොලොම්බියානු කණ්ඩායම  ජාත්‍යන්තර මට්ටමින් හොඳම කණ්ඩායමක් බවට පත් කිරීට ඔහු කළ දේ කිසි විටෙකත් එහි ජනතාවට අමතක නොවීය. එමෙන්ම එක්සත් ජනපදයට එරෙහිව කොලොම්බියානුවන් තුල තිබූ වෛරයද මෙම කුසලානය ජයග්‍රහණය කිරීමට වඩා වැදගත් විය. විශේෂයෙන්ම එහි ඇමරිකානු කණ්ඩායමද ක්‍රීඩා කරන ලදී.

රුමේනියාව සමඟ කොලොම්බියානු තරගය සැලසුම් කළ පරිදි සිදු නොවීය. රුමේනියාව එකල ලෝකයේ හොඳම කණ්ඩායම් වලින් එකක් වූ අතර පාපන්දු ලෝකයේ පුරාවෘත්තයක් ලෙස දැන් සැලකෙන ගිකා හගී වැනි හොඳ ක්‍රීඩකයන් එම කණ්ඩායම තුළ තරග කරන ලදී. කොලොම්බියාවේ සිටි හොඳම ක්‍රීඩකයා වූයේ ඇන්ඩ්‍රෙස් එස්කොබාර් ය. ඔහුද සැබෑ පාපන්දු තරුවකි. ඔහු සහ පැබ්ලෝ එස්කොබාර් කිසිදු ආකාරයක සම්බන්ධයක් නොවූ අතර එකම වාසගම පිහිටීම සරල අහඹු සිදුවීමකි.

තරගය රුමේනියාව 3–1ක් ලෙස ජයගත් අතර එයත් සමග කොලොම්බියාවට ඊළඟට ඇති තරගය වූ ඇමරිකාව සමග තරගය පරාජයට පත්වුවහොත් ඔවුන් ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වේ. 

කොලොම්බියානු ජාතික කණ්ඩායමට ඇමරිකාවට එරෙහි තරගය ජයග්‍රහණය නොකළහොත් ඔවුන්ගේ පවුල් පිටින් ඝාතනය කරන බව පවසමින් මත්ද්‍රව්‍ය කාටෙල් වෙතින් මරණ තර්ජන රාශියක් ලැබුණි. ඒ සමග කොලොම්බියානු ජාතික කණ්ඩායම සඳහා මෙය වැදගත් පාපන්දු තරඟයකට වඩා වැඩි යමක් බවට පත්විය. එය ඔවුන්ගේ ජීවිතය සහ මරණය අතර තරඟයක් වූ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තර්ජනය කරන්නේ බොරුවටද නොවන බව ඔවුන් හොදින් දැන සිටියහ.

රුමේනියාව සමග පැවති තරගය අවසන් වීමෙන් පසු කොලොම්බියා ක්‍රීඩක චොන්ටා හෙරේරාගේ සහෝදරයා අද්භූත අනතුරකින් මිය යන ලදී. කොලොම්බියා කණ්ඩායමට අනතුරු ඇගවීම පිණිස එය සිදු කරන ලද්දක් බව සියලු දෙනාම දැන සිටියහ. මේ නිසා මුළු කණ්ඩායමම තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කලද ඇන්ඩ්‍රෙස් එස්කොබාර් මෙම තරගය ක්‍රීඩා කල යුතුයි කියා කෙසේ හෝ කණ්ඩායම කැමති කරවා ගැනීමට සමත් විය.

කෙසේ හෝ තරගය ආරම්භ වූ අතර ඇමරිකාවේ ජාතික කණ්ඩායම පළමු ගෝලය වාර්තා කිරීමත් සමඟ සියලු දෙනා භීතියෙන් ඇලලී යන ලදී. සැබැවින්ම එය සිදු වූ ආකාරය නිසා සියලු දෙනාම භීතියෙන් ඇලලී යන ලදී. එනම් කොලොම්බියා ක්‍රීඩක ඇන්ඩ්‍රෙස් එස්කොබාර් වැරදීමකින් ඇමරිකාව වෙනුවෙන් එම ගෝලය වාර්තා කොට දෙන ලදී. එය ඔහු අතින් සිදු වූ මාරාන්තික මෙන්ම විශාලම අත්වැරැද්ද බවට එලෙස පත් විය.

එම තරගය ඇමරිකාව 2 -1 ක් ලෙස ජයගත් අතර කොලොම්බියානු කණ්ඩායම ආපසු සිය රට බලා පැමිණෙන ලදී. 

ඇන්ඩ්‍රියාස් එස්කොබාර් තමා කළ වැරැද්ද නිසා අතිශයින් ලැජ්ජාවට පත් විය. එසේ වුවත් ඔහු නැවත මෙඩලින්හි තම නිවසට පැමිණි පසු නගරය පුරා ගමන් කරමින් තම මුහුණ ජනතාවට පෙන්වීමට තීරණය කරන ලදී. මුළු කණ්ඩායමම ඇන්ඩ්‍රෙස්ට ටික කලක් සැඟවී සිටින ලෙස උපදෙස් දුන් නමුත් ඔහු කිසි විටෙකත් ඒවාට ඇහුම්කන් නොදුන් අතර තමා බියගුල්ලෙක් නොවන බව පැවසීය.

1994 ජූලි මස 2 වන දින ඇන්ඩ්‍රෙස් තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ තැබෑරුමකට යන ලදී. එහිදී එහි සිටි බොහෝ දෙනා  ඔහුව ලැජ්ජාවට පත් කිරීමටත් විවේචනය කිරීමටත් පටන් ගත් අතර ඔහු ඒ සියල්ල සාවධානව අසා සිටින ලදී. පාන්දර 3 ට පමණ ඇන්ඩ්‍රියාස් තනිවම තැබැරුමේ වාහන නැවැත්වීමේ ස්ථානයේ සිටියදී පුද්ගලයන් තිදෙනෙකු පැමින රිවෝල්වරයකින් වෙඩි තබා ඔහුව ඝාතනය කරන ලදී.

ජාතික කණ්ඩායමට විශාල ඔට්ටු ඇල්ලූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් ඇන්ඩ්‍රෙස් ඝාතනය කර ඇති බව සියල්ලටම පැහැදිලි විය. දින කිහිපයකට පසු ඇන්ඩ්‍රෙස්ව ඝාතනය කළ ඝාතකයා හඳුනාගත් අතර ඔහු හම්බර්ටෝ කැස්ත්‍රෝ මුනූස් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ලොක්කෙකුගේ ආරක්ෂකයා ලෙස හඳුනාගෙන තිබේ. ඔහු සිදු කළ පාපොච්චාරණයට අනුව මුනූස්ට වසර 43 ක සිර දඬුවමක් ලැබුණද ඔහු වසර 11 කට පසුව නිදහස් විය.

ඇන්ඩ්‍රෙස් එස්කොබාර් වයස අවුරුදු 27 දී ඝාතනය කරන ලද අතර ඔහුගේ විශාල වැරැද්ද නොතකා ඔහුගේ අවමංගල්‍යයට 120,000 කට අධික පිරිසක් සහභාගී විය.

විශ්මිත ඉතිහාසය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මාරාන්තික අත්වැරැද්දක් සිදු කොට ජීවිතයෙන් වන්දි ගේවූ පාපන්දු ක්‍රීඩකයා (Football Player) මාරාන්තික අත්වැරැද්දක් සිදු කොට ජීවිතයෙන් වන්දි ගේවූ පාපන්දු ක්‍රීඩකයා (Football Player) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 21, 2021 Rating: 5

0 comments:

Post a Comment