Thorombol Ellagena Song Lyrics - තොරොම්බෝල් එල්ලාගෙන ගීතයේ පද පෙළ

Thorombol Ellagena Song Lyrics - තොරොම්බෝල් එල්ලාගෙන ගීතයේ පද පෙළ
Song Title : Thorombol Ellagena (තොරොම්බෝල් එල්ලාගෙන)
ගායනය : නිර්මලා රණතුංග
පද : රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව : විජේරත්න රණතුංග


තොරොම්බෝල් එල්ලාගෙන නුවර ප්‍රීති සාගරේක
නටමු ගාලු මුවදොර අපි වැල්ලෙ හැපීලා
මරණ හතක් ඇති මිනිහෙක් තනිවම කෑවලු මීයක්
රටම සුසානයක් වුණත් ඔහෙ නටපල්ලා

අහස පැලී කැඩී විසිර වැටෙයි මල්වෙඩී
ගිටාර් ජෑස් වියෝල හඬ මිතුරේ හිනැහේ
ලක් මවගේ හදවත ඉරිතලා වෙඩි වැදී
මිතුරෙ කෝල කවට සිනා කුමන ගිණිකෙළී

තොරොම්බෝල් එල්ලාගෙන නුවර ප්‍රීති සාගරේක
නටමු ගාලු මුවදොර අපි වැල්ලෙ හැපීලා
මරණ හතක් ඇති මිනිහෙක් තනිවම කෑවලු මීයක්
රටම සුසානයක් වුණත් ඔහෙ නටපල්ලා

බාල ළමා සුකොමල හැඳ පැළඳ රූසිරී
මල් උයනක පාට පාට සමනලුන් වැනී
කඳුළු මැදින් වියැකී යන ළමා රූසිරී
පල්ලියෙ පන්සල් දොර මාවතේ හිඳ යදී

තොරොම්බෝල් එල්ලාගෙන නුවර ප්‍රීති සාගරේක
නටමු ගාලු මුවදොර අපි වැල්ලෙ හැපීලා
මරණ හතක් ඇති මිනිහෙක් තනිවම කෑවලු මීයක්
රටම සුසානයක් වුණත් ඔහෙ නටපල්ලා

එන්ඩ කන්ඩ බොන්ඩ මිහිරි සාජ්ජෙකී මේ
ඉන්න ටිකේ නටා ගයා මළත් සැපතකී
හිඟා නොකා හිඟා කකා ගයන ගීයකී
භයින් සාගතේ සුපතල කේතුමතියකී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thorombol Ellagena Song Lyrics - තොරොම්බෝල් එල්ලාගෙන ගීතයේ පද පෙළ Thorombol Ellagena Song Lyrics - තොරොම්බෝල් එල්ලාගෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2021 Rating: 5

0 comments:

Post a Comment