මම අද පොල් කේක් එකක් හැදුවා . මෙහෙමයි මම හැදුවේ .
✅ අවශ්‍ය දේවල් :
- සිහින්ව ගා ගත් පොල් 300g
- පාන් පිටි 150g
- සීනි 225g (දුබුරු පාට)
- බිත්තර 2
- රට ඉදි 100g
- වියලි මිදි 50g
- කජු ටිකක් (රටකජු)
- වැනිලා තේ හැඳි 2
- බේකින් පවුඩර් තේ හැඳි 1/2
- බේකින් සෝඩා තේ හැඳි 1/2
- උණු වතුර 200ml
✅ සාදා ගන්නා ආකාරය :
- මුලින්ම පොල් කේක් එක බේක් කරන ට්‍රේ එකට මාජරීන් හෝ තෙල් ගා යටට පාච්මන්ට් හෝ තෙල් කඩදාසියක් එලා එහිත් මාජරීන් ගාන්න . පැත්තකින් තබන්න .
- දැන් රටඉදි , වියලි මිදි සහ කජු කපන්න . පැත්තකින් තබන්න .
- පෙනේරයකට පාන් පිටි , බේකින් පවුඩර් සහ බේකින් සෝඩා දමා හලා පැත්තකින් තබන්න .
- භාජනයක් ලිප තබා එයට සීනි මේස හැදි 4 දමා කැරමල් කරන්න පසුව එයට උණු වතුර 200ml දමා ඉතිරි සීනි ටික දමා උණු කරන්න .
- සීනි බුබුළු දමන විට පොල් ටික එකතු කර හොදින් කලවම් කර පොල් පැණි සාදා ගන්න . පොල් පැණි එක තෙත ගතියට තිබිය යුතුයි . එලෙස ලිපෙන් ඉවත් කර නිවෙන්න තබන්න .
- බිත්තර 2 භාජනයකට දමා ව්ස්ක් එකෙන් ටිකක් විස්ක් කරන්න . එයට වැනිලා එකතු කරන්න .විස්ක් කරන්න .
- පසුව කපා ගත් රට ඉදි , වියලි මිදි සහ කජු දමා විස්ක් කරන්න.
- දැන් මෙම මිශ්‍රණය පොල් පැණි එකට දමා මිශ්‍ර කරන්න . අවසානෙට පිටි මිශ්‍රණය දමා spatula එකකින් හෝ හැන්දකින් කලවම් කරන්න .
- දැන් මිශ්‍රණය ලැස්ති කර ගත් ට්‍රේ එකට දමන්න . දෙපාරක් තට්ටු කරන්න (tap).
- උශ්නත්වය 180ට විනාඩි 10 pre heat වු oven එකේ විනාඩි 35-40 පමණ බේක් කරන්න .
- බේක් වුවාට පසු ට්‍රේ එකෙන් ඉවතට ගෙන නිවෙන්න තියන්න.
- නිවුනාට පසු කපා කන්න .
මේක බර 900g ක් වගේ වෙන්නේ. සාමාන්‍යයෙන් කෑලි 16ක් වගේ කපාගන්න පුළුවන්.
Dhammika Panangala
![පොල් කේක් හදමු (Pol Cake Hadamu [Coconut Cake]) - Your Choice Way පොල් කේක් හදමු (Pol Cake Hadamu [Coconut Cake]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJJmrUeJA-IQMDWFsgPpxt4JRvqK9Gx2Nn8Kg0CVB9zlVkBPPdtJ97VhOIlkwZhVXBTR7KpW7xDuxp2eMwkaVrbVkolMD_MT1MSCsg3DGaqW5gJZpccY3YOA56mV9fcIvyVEhHMuuwX2Q1/w434-h640/%25E0%25B6%25B4%25E0%25B7%259C%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%259A%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B8%25E0%25B7%2594+%2528Pol+Cake+Hadamu+%255BCoconut+Cake%255D%2529+-+Your+Choice+Way.png)
![පොල් කේක් හදමු (Pol Cake Hadamu [Coconut Cake]) - Your Choice Way පොල් කේක් හදමු (Pol Cake Hadamu [Coconut Cake]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQex-EMYU4igH_OHmYPgH7qQkxeZytyhzR9FVOcssd6gqoRZgzq4H51sMHT73s1tyD7AtUAjRz9DMQnz0pBAHW3xbLxC2EOINLHgIiBMKTaEWWQkTGb3Fg6xkPfn3RGjcYdLtBAGeizqLK/w480-h640/%25E0%25B6%25B4%25E0%25B7%259C%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%259A%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B8%25E0%25B7%2594+%2528Pol+Cake+Hadamu+%255BCoconut+Cake%255D%2529+1+-+Your+Choice+Way.jpg)
![පොල් කේක් හදමු (Pol Cake Hadamu [Coconut Cake]) - Your Choice Way පොල් කේක් හදමු (Pol Cake Hadamu [Coconut Cake]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwQCJtyREfLfOVnZsjGlBFqZX20xjgkiHMNw8VMp75DyQ8_oy_UTdVaY1vZeGEJmYzh-oTP8FEe7HFwE-GR1ZN0QzFYuEls5TQ6p8xHWGp-6FdqVeZIdagKTUeMfHjLn4Hf7I82cndkSo-/w480-h640/%25E0%25B6%25B4%25E0%25B7%259C%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%259A%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B8%25E0%25B7%2594+%2528Pol+Cake+Hadamu+%255BCoconut+Cake%255D%2529+2+-+Your+Choice+Way.jpg)
![පොල් කේක් හදමු (Pol Cake Hadamu [Coconut Cake]) - Your Choice Way පොල් කේක් හදමු (Pol Cake Hadamu [Coconut Cake]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifRJBcw4pqXcbH2-JNDYQ_oboxC_4GLKUvu-OeoaMP6Zm5UL41v1YO1ABR47YXw-djqI-JIyWaajBn_iep8bHKACAM0r66TNSQwoiThUnka23xTpyn52RFGEM85UnLNTWV98KceuG3PkDB/s16000/%25E0%25B6%25B4%25E0%25B7%259C%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%259A%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B8%25E0%25B7%2594+%2528Pol+Cake+Hadamu+%255BCoconut+Cake%255D%2529+-+Your+Choice+Way.jpg)


0 comments:
Post a Comment