සත්ව උද්‍යානයක ප්‍රදර්ශනයට තැබූ මිනිසාගේ දුක්බර කතාව - ඔටා බෙන්ගා (Ota Benga)

සත්ව උද්‍යානයක ප්‍රදර්ශනයට තැබූ මිනිසාගේ දුක්බර කතාව - ඔටා බෙන්ගා (Ota Benga) - Your Choice Way
ඔටා බෙන්ගා (Ota Benga) යනු 1883 දී කොංගෝවේ ඉටුරි වනාන්තරයේ උපත ලැබූ එම්බුටි පිග්මි ගෝත්‍රිකයෙකි. බෙන්ගා තරුණ වයසේදී විවාහ වූ අතර ඔහුට දරුවන් දෙදෙනෙකු සිටි බවට වාර්තා වේ. කොංගෝ වනයේ ඔහු ගත කාල සාමකාමී දිවියට කණකොකා හැඬුවේ 1890 ගණන් වලදී බෙල්ජියම් යටත් විජිත හමුදා ඔහුගේ ගම හරහා පැමිණ ඔහුගේ මුළු පවුලම මරා දැමූ විටය. ඔහු දඩයමේ ගොස් සිටියදී සිදු වූ මේ දේ නිසා ඔහු බොහෝ ලෙස කම්පා වූ බව කියැවේ.

පවුලක් හෝ ගෝත්‍රයක් නොමැතිව අසරණ වූ බෙන්ගාට ඔහු හැදී වැඩුණු සමාජයේද කිසිදු ස්ථානයක් නොතිබුණි. ඔහුගේ පවුලේ අභාවයෙන් ටික කලකට පසු, බෙන්ගා වහල් වෙළඳුන් විසින් අල්ලාගෙන කාර්මික ගොවිපලක වැඩට බඳවා ගන්නා ලදී.  පරිණාමය පිළිබඳ ජාතිවාදී විශ්වාසයන් සහිත සැමුවෙල් වර්නර් නම් ඇමරිකානු ව්‍යාපාරිකයෙකු විසින් 1904 දී බෙන්ගා සොයා ගන්නා ලදී.

බෙන්ගාගේ කෙටි උස, අඳුරු සම සහ තියුණු දත් දුටු ඔහු සිතුවේ මිනිසුන් සහ අපේ පරිණාමීය මුතුන් මිත්තන් අතර “අතුරුදහන් වූ පුරුක' බෙන්ගා යැයි ඔහු සිතුවේය.  ඉන්පසු ඔහු ලුණු මල්ලක් සහ රෙදි කිහිපයක් පමණක් ලබාදී බෙන්ගාව මිලදී ගත්තේය.

වර්නර්ගේ කණ්ඩායම වහාම බෙන්ගා ශාන්ත ලුවිස් වෙත ගෙන එන ලද අතර එහිදී ඔහු 1904 ලෝක ප්‍රදර්ශනයේ ජනප්‍රිය විය.  ප්‍රදර්ශනයෙන් පසු බෙන්ගා කෙටි කලකට අප්‍රිකාවට ගිය අතර එහිදී ඔහු නැවත විවාහ වූ නමුත් සර්ප දෂ්ටයකින් ඔහුගේ බිරිඳ මිය ගිය පසු නැවත එක්සත් ජනපදයට පැමිණියේය.

පසුව ඔහු නිව් යෝර්ක් මානව විද්‍යා සංගමයේ මානව පරිණාමය පිළිබඳ ප්‍රදර්ශනයේ කොටසක් ලෙස ප්‍රදර්ශනය කරන ලද අතර ඉන් පසු බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානයේ වානර කොටුවේදී ප්‍රදර්ශණය කරන ලදී.  ප්‍රාදේශීය කළු පූජකයන් මින් කෝපයට පත් වූ අතර බෙන්ගා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ.  ප්‍රදර්ශනය වසා දැමීමට සත්වෝද්‍යානයට බල කරන ලෙස ඔවුහු ආණ්ඩුකාරවරයාටද බලපෑම් කළහ.

ඉන් පසු බෙන්ගා කෙටි කලක් වර්ජිනියාවේ දුම්කොළ කම්හලක සේවය කළේය.  1914 දී ඔහු නැවත අප්‍රිකාවට යාමට තීරණය කළ නමුත් පළමුවන ලෝක සංග්‍රාමය ආරම්භ වූ විට ඔහුට එය කිරීමට නොහැකි විය.

1916 මාර්තු 20 වන දින, ආපසු ගෙදර යාමට නොහැකි වීම ගැන කලකිරී සිටි ඔටා බෙන්ගා හදවතට වෙඩි තබාගෙන මියගියේ ඉතිහාසයේ වඩාත්ම හද කම්පා කරවන හා සිත්ගන්නාසුලු කථා වලින් එකක් අවසන් කරමිනි. පමෙලා නිව්කික් පසුව ඔටා බෙන්ගාගේ ජීවිතය අලලා සම්මානලාභී ග්‍රන්ථයක් වූ 'ඔටා බෙන්ගාගේ විශ්මය ජනක ජීවිතය'  නමින් ලේඛනගත කළේය.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සත්ව උද්‍යානයක ප්‍රදර්ශනයට තැබූ මිනිසාගේ දුක්බර කතාව - ඔටා බෙන්ගා (Ota Benga) සත්ව උද්‍යානයක ප්‍රදර්ශනයට තැබූ මිනිසාගේ දුක්බර කතාව - ඔටා බෙන්ගා (Ota Benga) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 23, 2021 Rating: 5

0 comments:

Post a Comment