කොයින් බිස්කට් හදන හැටි (Koyin Biscuits Hadana Hati)

කොයින් බිස්කට් හදන හැටි (Koyin Biscuits Hadana Hati) - Your Choice Way
අදත් මම ☕ වලට හොඳ රසම රස කැමක් හැදුවා . වයින් බිස්කට් . කොයින් බිස්කට් කියලත් කියනවා . මම හදපු විදිය කියන්නම් .

✅ අවශ්‍ය දේවල්  :

  • පාන් පිටි  150g
  • සීනි  100g
  • බිත්තර 2
  • බටර්  මේස හැඳි 1 
  • බේකින් පවුඩර් තේ හැඳි  1/2
  • වැනිලා තේ හැඳි 1/2
  • තැඹිලි පාට බිංදු 2 විතර (මම පාට ගන්න කලරින් එකතු කලා)

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයකට බටර් ,  සීනි දමා ව්ස්ක් එකෙන් බීට් කලා . 
  2. පසුව බිත්තර එකතු කරලා විස්ක් කලා . 
  3. දැන් වැනිලා එකතු කර ටිකක් බීට් කලා. 
  4. පසුව කලරින් එකතු කර බීට් කලා. 
  5. පාන් පිටි එකට බේකින් පවුඩර් එකතු කර පෙනේරයකින් හලා ගන්න . 
  6. කලින් සාදා ගත් මිශ්‍රණයට පිටි ටික ටික එකතු කර ව්ස්ක් කරන්න . 
  7. දැන් බේක් කරන ට්‍රේ එකට මාජරීන් තවරා ඊට උඩින් තෙල් හෝ පාශ්මන්ට් කඩදාසියක් එලා එහිත් මාජරීන් ගාන්න. 
  8. දැන් මිශ්‍රණය පයිපින් බැග් එකකට දමා තුඩ ටිකක් කපා ලෑස්ති  කරගත් ට්‍රේ එකේ බිංදු ලෙස පයිප් කරන්න .
  9. අවන් එක උෂ්ණත්වය 150 ට විනාඩි 10 pre heat කර විනාඩි 20 පමණ බේක් කරන්න.

Dhammika Panangala
කොයින් බිස්කට් හදන හැටි (Koyin Biscuits Hadana Hati) - Your Choice Way

කොයින් බිස්කට් හදන හැටි (Koyin Biscuits Hadana Hati) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොයින් බිස්කට් හදන හැටි (Koyin Biscuits Hadana Hati) කොයින් බිස්කට් හදන හැටි (Koyin Biscuits Hadana Hati) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2021 Rating: 5

0 comments:

Post a Comment