Hiru Makee Yayi Neela Ahase Song Lyrics - හිරු මැකී යයි නීල අහසේ ගීතයේ පද පෙළ

Hiru Makee Yayi Neela Ahase Song Lyrics - හිරු මැකී යයි නීල අහසේ ගීතයේ පද පෙළ
Song Title : Hiru Makee Yayi Neela Ahase (හිරු මැකී යයි නීල අහසේ)
ගායනය : අමිල පෙරේරා
සංගීතය : මහේෂ් දෙනිපිටිය
ගී පද : ආරියසිංහ පෙරේරා
චිත්‍රපටිය : ආසයි මං පියාඹන්න (2004)


හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ

නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
333
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiru Makee Yayi Neela Ahase Song Lyrics - හිරු මැකී යයි නීල අහසේ ගීතයේ පද පෙළ Hiru Makee Yayi Neela Ahase Song Lyrics - හිරු මැකී යයි නීල අහසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2021 Rating: 5

0 comments:

Post a Comment