Asoka Wanayama Pin Patayi Song Lyrics - අසෝක වනයම පින් පාටයි ගීතයේ පද පෙළ

සිංදු පොත,Jagath Wickramasinghe,ජගත් වික්‍රමසිංහ මහත්මා
Song Title : Asoka Wanayama Pin Patayi (අසෝක වනයම පින් පාටයි)
ගායනය : ජගත් වික්‍රමසිංහ සහ නීලා වික්‍රමසිංහ
පද : යමුනා මාලිනී පෙරේරා
තනුව : ස්ටැන්ලි පීරිස්


අසෝක වනයම පින් පාටයි
ළසෝ තැවුල් නිවෙනා පාටයි
අසෝක මල් වන බඹරාටයි
මේ මල සාලිය කුමරාටයි

නෙතේ කැළුම් හරි පින් පාටයි
ඉණේ බැඳුණු කග රන් පාටයි
තොසේ දඩයමේ යන පාටයි
හිතේ බොහෝ දේ ඇති පාටයි

මේ ලිය අතු බිඳ බිඳ මල් නෙළියේ
රෝ ලිය නම් රවටන්නට බැරියේ
ආලය ළඟ මා අවි අතහැරියේ
සාලිය මම් දැනගන් සියුමැලියේ

අසෝක වනයම පින් පාටයි
ළසෝ තැවුල් නිවෙනා පාටයි
තොසේ දඩයමේ යන පාටයි
හිතේ බොහෝ දේ ඇති පාටයි

මාලිගෙ මල්කරුගේ දුව වෙමි මා
යහනට ඔබෙ මේ මල් නෙළනෙමි මා
යහනට මගෙ මල් කුමටද ඇතිරී
මා ළය යහනට එනු මගෙ සොඳුරී

අසෝක වනයම පින් පාටයි
ළසෝ තැවුල් නිවෙනා පාටයි
අසෝක මල් වන බඹරාටයි
මේ මල සාලිය කුමරාටයි

නෙතේ කැළුම් හරි පින් පාටයි
ඉණේ බැඳුණු කග රන් පාටයි
තොසේ දදය මිය යන පාටයි
හිතේ බොහෝ දේ ඇති පාටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asoka Wanayama Pin Patayi Song Lyrics - අසෝක වනයම පින් පාටයි ගීතයේ පද පෙළ Asoka Wanayama Pin Patayi Song Lyrics - අසෝක වනයම පින් පාටයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 21, 2021 Rating: 5

0 comments:

Post a Comment