Amma Song Lyrics - අම්මා ගීතයේ පද පෙළ

Amma Song Lyrics - අම්මා ගීතයේ පද පෙළ
Singing : Amma (අම්මා)
ගායනය : 6th lane
සංගීතය : හිරාන් තේනුවර
ගී පද : හිරාන් තේනුවර


මන්දාරම් වැහි වැටෙනා
හීතල හැන්දෑවේ
මා අසලින් රැඳි උණුහුම ඔබ විය
නුඹයි මගේ අම්මා

සඳ හාවුන් හඬනා
කළුවර රාත්‍රියේ
ආලෝකය දුන් සඳ කැන් ඔබ විය
නුඹයි මගේ අම්මා

ලේ කිරි කර පොවා
මා සෙනෙහෙන්
වැඩු මාගේ අම්මා
දරා දස මාසේ
ඉහිලූ බරට ණය ගැතියි
ජිවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිණයි
සංසාරයේ මා නුඹ ළඟයි

කුණාටු සාගරයේ
රුවල් බිඳුනු නෞකාවේ
හබල ඔබයි පිළිසරණ නුඹයි
නුඹයි මගේ අම්මා

දාහය වෑහෙනා
ගිණියම් මද්දහනේ
සෙවණ ඔබයි මද පවන ඔබයි
නුඹයි මගේ අම්මා

ලේ කිරි කර පොවා
මා සෙනෙහෙන්
වැඩු මාගේ අම්මා
දරා දස මාසේ
ඉහිලූ බරට ණය ගැතියි
ජිවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිණයි
සංසාරයේ මා නුඹ ළඟයි

අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිණයි
සංසාරයේ මා නුඹ ළඟයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amma Song Lyrics - අම්මා ගීතයේ පද පෙළ Amma Song Lyrics - අම්මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 19, 2021 Rating: 5

0 comments:

Post a Comment